Print this Article


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන යොවුන් දහම් සක්මන 15 වන දා

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන යොවුන් දහම් සක්මන 15 වන දා

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලබන අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා වූ යොවුන් දහම් සක්මන වැඩසටහන 5 වන වරටත් මේ මස 15 වැනි දා සවස 1.00 සිට 6.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. “වත්මන් මාධ්‍ය භාවිතය තුළ කුසල් සංහාරය” මෙවර වැඩසටහනේ තේමාව වෙයි.

කඩුවෙල ශ්‍රද්ධා පරිශ්‍රයේ පිහිටි බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන එම වැඩසටහනට වැලිමඩ සද්ධාසීල හිමියෝ ද විශේෂ දේශනයක් පවත්වති.