Print this Article


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවට පින්කම්

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවට පින්කම්

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ව වැඩ විසූ අපවත්වී වදාළ, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමිපාණන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම නිමිත්තෙන් විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වේ.

ඉකුත් 02 වන දා ඇරැඹි එම පින්කම් මාලාව පෙබරවාරි මස 11 වන දා බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම සංවිධානය කරන අත්තිඩිය මිහිඳු මෙත් මැදුරේ නේවාසික රණවිරුවන් උදෙසා ධර්ම දේශනාවක් පැවැත්වීම හා රාත්‍රී භෝජන සංග්‍රහය සමඟ ත්‍යාග පාර්සල් බෙදාදීම ද, 16 වන දා බෙල්ලන්විල විහාරස්ථ දායක සභාව සංවිධානය කරන ඇල්පිටිය, පිටිගල ගම්වැසියන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම, පාසල් දරුවන්ට අවශ්‍ය පොත් පත්, පොත් බෑග් හා නිල ඇඳුම් බෙදාදීම, මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමද මානම්පිට පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ දී පැවැත් වේ.