Print this Article


ඒහි පස්සික 41 : අනන්‍යතාවයක් සහිත ජීවිතයක්

අනන්‍යතාවයක් සහිත ජීවිතයක්

අවබෝධයෙන් කටයුතු කරන අයෙක් වෙත මේ ජීවිතය තුළ අධික ව සියල්ලක් බදා ගන්නේ නොමැති ව අවශ්‍ය දේ අවශ්‍ය පමණට සකස් කර ගෙන ඉතා සැනසිලිදායක ජීවිතයක් සකස් කර ගැනීම ඉතා වටිනාකමක් පවතී.

අප වෙත යමක් තිබුණත් , නැතත් දුකක් ඇති වේ. භයක් ඇති වේ. වෙනස් විය යුත්තේ දරුවොත් නොවේ. මව්පියවරුන් ද නොවේ. ගෙවල් දොරවල් ආදිය ද නොවේ. බාහිර ලෝකය ද නොවේ. වෙනස් විය යුත්තේ අපගේ සිත ය.

තණ්හාය ජායතී සොකො
තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතොභයං

යන ගාථාව දේශනාවෙහි සඳහන් වේ. තණ්හාව ශෝක, භය උපදවනු ලැබේ. තණ්හාව නොමැති නම් ශෝක, භය ඇති නොවේ.

යම්කිසි මවක් තම ලොකු පුතා නැතිවුවහොත් තමාට දුක යැයි ඒ මව කියනු ලැබේ. එහි අදහස හෝ තේරුම එම මවට දුක් ඇතිවන්නේ තම ලොකු පුතා නැතිවුවහොත් පමණක් ය, යන අර්ථය එහි කියවේ ද? ලොකු පුතා නැතිවුවහොත් තමාට දුක් ඇති වන්නේයැයි කවුරු හෝ කීමෙන් එහි අදහස ලොකු පුතා නැති වුවහොත් පමණක් තමාට දුක් ඇතිවේ ය යන අදහස ද? එසේ නොවේ. දුක් ඇතිවීමට තවත් දේ තිබිය හැකි වේ. යම් මවක්, ලොකු පුතා නැතහොත් තමාට දුකයි. මට දුක තිබෙන්නේ ලොකු පුතා නැතිනම් පමණක් ය. ලොකු පුතා සිටියහොත් මට කිසි දුකක් නැතැයි කියනු ලැබේ. එවිට අපට නිගමනයකට පැමිණිය හැකි වන්නේ එම මවට දුක් පැමිණෙන්නේ ලොකු පුතා නැතිවුවහොත් පමණමයි යනුවෙන්. තණ්හාව නැති තැන, කුමන ශෝකයක් හෝ භයක් ඇති නොවේ. එසේ නම් ශෝකය සහ භය හට ගැනීමට හෝ ඇතිවීමට එකම හේතුව තණ්හාව වේ. එසේ නම් ශෝකය සහ භය ඇතිවීමට එකම හේතුව දරුවෝ සහ මව්පියවරු නොවේ. ගේ දොර ද නොවේ. යාන වාහන ද නොවේ. ඒ ආදී කිසිවක් නොව දුක් ආදි ස්වභාවය ඇති කරනුයේ තණ්හාව ය. එසේ නම් එය අපට දැකිය යුතු වේ. අපගේ ජීවිතය ගත කරන විට අපගේ මේ ජීවිතය සැනසීමෙන් තබා ගනිමින් ගත කිරීමට නම් නැතිවිය යුත්තේ තණ්හාව ය.

තණ්හාව නැතිවේ යැයි කියන විට බොහෝ දෙනා කියනුයේ, එමෙන් ම බොහෝ දෙනා සිතනුයේ ඇතැම් විට තණ්හාව නොමැති වුවහොත් තරුණ දරුවන්ගේ ජීවිත අසාර්ථක වේ ය. යනුවෙනි. ජීවිතය ඉදිරියට පැවැත්වෙනුයේ තණ්හාව නිසා යැයි සිතනු ලැබේ. රැකියාවක් සොයා ගැනීමෙහි දැඩි ආශාවක් පවතී නම්, ඉක්මනින් රැකියාවක් සොයා ගනු ලබන්නේ යැයි අපගේ සිතිවිලි අතර වේ. එහෙත් තණ්හාව සැම දිනක ම අප දවමින්, පුළුස්සමින් කටයුතු කරනු ලැබේ. තණ්හාව යනු එකකි. අවබෝධය වෙනස් එක කි.

මරණ සතිය ආදී භාවනා පවතී. මරණ සතිය භාවනාව නොවඩන්නේ ය. යැයි තීරණයකට යම් කෙනෙක් පැමිණියහොත් කවදා හෝ මරණයට පත්වීමට සිටින මා මරණ සතිය වඩන්නේ ඇයිදැයි කල්පනා කරනු ලැබේ.

මරණ සතිය වැඩීම මගින් ලැබෙන ප්‍රයෝජන කවරේද? තණ්හාව නැතිවුව ද ජීවිතය පිළිබඳ සැලසුමකි. ජීවිතය පිළිබඳ අරමුණක් සසර ජීවිතය පිළිබඳ අරමුණක්, ඇතිව ඉදිරියට යාම සඳහා බැරිකමක් නොමැත. තණ්හාව නොමැති වුවද අවබෝධයෙන් කටයුතු කරන අයෙක් වෙත මේ ජීවිතය තුළ අධික ව සියල්ලක් බදා ගන්නේ නොමැති ව අවශ්‍ය දේ අවශ්‍ය පමණට සකස් කර ගෙන ඉතා සැනසිලිදායක ජීවිතයක් සකස් කර ගැනීම ඉතා වටිනාකමක් පවතී.

තණ්හාවෙන් පීඩිත වූ මනුෂ්‍යයන්ට කෙදිනක හෝ කවර දේ තිබුණා ද, තෘප්තිමත් වනු නොලැබේ. අපි අධික තණ්හාවෙන් පෙළෙන විට අනෙකුත් අය දෙස බල බලා තම නිවසේ ඇති දේ පිළිබඳ දැඩි විවේචනයක් තම චිත්තාභ්‍යන්තරයෙන් පැමිණ දුක් උපදියි. ඒ නම් අර දේ අවශ්‍ය යි. මේ දේ අවශ්‍යයි යන අදහස යි.

යම් කෙනෙකුට ධර්මය තුළින් මෙබඳු තත්වයක් කෙනෙකුට උදාවනු ඇත. ධර්මය තුළින් අප තෝරා ගනු ලබන ආකාරයට එක් එක් පුද්ගලයාට පවතිනුයේ ඒ ඒ තැනැත්තාට අනන්‍යතාවයක් සහිත ජීවිතයක් එය තවත් කෙනෙකු සමඟ සන්සන්දනය කර සමාන කර ගත නොහැකි බව තේරුම් ගනු ලැබේ.

තමා ඉදිරියට පැමිණ කවුරු හෝ අයකු තදින් දොස් පවරනවා යැයි සිතන්න. එවිට තමා ඉදිරියේ සිටින අනෙකුත් සියලු දෙනාට ම ඇතිවනුයේ එක් හැඟීමක් ද? විවිධ හැඟීම් ඇතිවනු ලැබේ. එකම සිද්ධියක් සඳහා එක් එක් තැනැත්තා තුළ උපදින චේතනාව වෙනස් වනු ලැබේ. ඒ අතීත භාවිතය ද සමගිනි. ශාලාවක එල්ලා ඇති විදුලි පංකා කරකැවෙනුයේ විවිධ වේගයෙනි. ඒ සඳහා ලැබී ඇති විදුලි ධාරාව අනුව ය. අප සියලු දෙනා හැසිරෙනුයේ අප තුළ උපදින හැගීම් අනුව ය.