Print this Article


ඒහි පස්සික 40 : සැප සතුට ගැන ඇත්ත

සැප සතුට ගැන ඇත්ත

අපේ ප්‍රායෝගික ජීවිතයට ධර්මය එකතු කර ගන්නා ආකාරය වරින් වර විස්තර කරන අතර අප ධර්මය ශ්‍රවණය කිරීම හෝ ධර්මය කියවීම පමණක් ප්‍රමාණවත් නොවන බව කල්පනාවට ගත යුත්තකි.

ධර්මයට අනුව අපේ කටයුතු කෙතරම් වර්ධනයක් ඇති කර ගෙන තිබේදැයි විමසා බැලිය යුතු ය. ජීවිතයෙහි කුමක් විය යුතු දැයි වරින්වර හෝ තේරුම් ගත යුතු යි.

හතර පැත්තකින් නැතහොත් සිව් දෙසකින් හමා එන සුළඟට නොසෙල්වෙන, ඉන්ද්‍රඛීලයක් සේ (ඉන්ද්‍රඛීලයක් සේ මහ සඟරුවනෙහි පවතින ගුණයක් පිළිබඳව කියැ වේ. ) (ඉන්ද්‍රඛීලය යනු ගම් මුව දොරකඩ ඉස්සර කාලයේ සවිකර තිබූ විශාල කණුව කි. ) හිතක් පවතින උතුමන් වහන්සේ , නමක් රහත් උතුමන් වහන්සේ ධර්මය අවබෝධ කර ගත් තැනැත්තා, එබඳු හිතකින් යුත් බව උපමාවකින් දේශනා කර වදාළා. ධර්මය අවබෝධ කරගත් තැනැත්තා බාහිර දේට නොසෙල් වී සිටියි.

අපගේ ජීවිතය පිළිබඳ ව නිවැරැදි ව සිතා බැලීම සඳහා කරුණු කිහිපයකි. ඒ සඳහා කෙටි විමසීමක් මෙසේ සිදු කරමු.

අපගේ ජීවිතයේ සියලු දේ කළේ සැපයෙන් සහ සතුටෙන් ජීවත්වීම ට ය. මෙහිදී සැපය ලෙස සඳහන් කරනුයේ ශාරීරික සැපය යි. සතුට ලෙස සඳහන් කළේ මානසික සෝමනස්සයටයි. අපි සැප, සතුට ලෙස සලකා බලමු. සෑම දෙයක් ම, සෑම මොහොතක ම අප මෙසේ සිතා බලමු.

ධර්මය අසන කෙනෙකුට ටික වේලාවකින් හිඳ ගැනීමට පහසුකම් දෙනතුරු, සිටගෙන ධර්මය අසන්න යැයි කියමු. එසේ බණ අසන විට සිතෙහි පවතින අරමුණ කුමක් විය හැකි ද? කවර වේලාවක දී හිඳ ගැනීමට අවස්ථාව ලබා දේ විද? යන අදහස ඔහු සිත තුළ පවතී. එසේ වන්නේ හිඳගත් විට සැපය දැනෙන නිසයි. එමෙන් ම සෑම වෙලාවක ම අප, සැප සහ සතුට සිතෙන් අරමුණු කරනවා ද? සැපය සහ සතුට අරමුණු කරමින් මුළු ජීවිතය ම ගෙවනු ලැබේ. ජීවිතයේ සෑම දෙයක් ම සිදු කරනුයේ ඒ සඳහා ද? නැද්ද? ජීවිතයේ දී අධ්‍යාපනය ලැබුවෙ, විවාහ දිවියට ඇතුළත් වුණේ, කැමැති ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන ගනු ලබන්නේ.

(බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය නම් ආහාර සැපය සඳහා නොවන ලෙස ලබා ගන්නා ලෙස) සැපය සහ සතුට සඳහා ම ය. මෙසේ බලන විට සෑම දෙයක් ම සිදුකරනු ලබන්නේ සැපයෙන් සහ සතුටෙන් විසීමට ය.

මොනම හෝ ක්‍රමයකින් සැපයෙන් හා සතුටෙන් විසිය හැකි ය. සැපය සහ සතුටත් සමඟ පෙළන ස්වභාවයක්, භය ඇතිවන ස්වභාවයක් කවර වේලාවක හෝ එය ගිලිහෙයි යන ස්වභාවයක් තිබේ නම්, ලැබී තිබෙන යමක් තිබේ නම්, ඒ පිළිබඳ ව කුඩා හෝ පීඩනයක් පවතිනවා නම් ඒ සැපය සර්ව සම්පූර්ණ දෙයක් නොවේ. අපට මෙලොව ලැබී ඇති ඕනෑම දෙයකම වෙනස් වන ලක්ෂණයක් පවතී.

එමෙන්ම මෙම ප්‍රත්‍ය නැතිවන විටම නැතිවන ලක්ෂණයක් ද ඇත. එම වෙනස්වන, නැතිවන ලක්ෂණ තිබෙන නිසා අප සැප ලබා ගැනීමට ගත් ක්‍රමය නිසා පීඩිත ස්වභාවයක්, දුක්ඛ ස්වභාවයක් මේ මොහොතේ නොමැති වුව ද, අනාගතයේ එය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා වැඩිව පවතී. අවසානයේ එය කොහොමටත් ඇතිවේ. මෙහි තේරුම නම් දැන් අපට ලැබී ඇති සැපය නැති කර දමනවා යන අදහස ද? එය සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳෙන බයට නාසය කපා දැමීමක් වැනි දෙයකි. ජීවිතයේ යම් සැපයක් දැනට විඳිනවා ද? අනාගතයේ එය නැතිවේය, යන අදහසින් දැන්ම ම එය නැති කර ගැනීම නිවැරැදි නොවේ.

තවදුරටත් විමසා බැලීමේ දී තම දරුවන් නිසා වැඩිපුර විඳීමට සිදුව ඇත්තේ සැප ද? දුක ද? දරුවො නිසා දුක් විඳින්නට සිදුව තිබේ. රැකියාව නිසා විඳින්නේ සැපයක් ද? දුකක් ද? රැකියාව නැති වුවහොත් එය ද දුකක්. විවාහය නිසා දුකක්, විවාහය නැති වුව ද එය ද දුකකි. අපේ ජීවිතයට එකතු කර ගත් දේ තිබුණා ද? නැතිද? එහෙත් දුක පවතී. ඉතින් මේවා ඉවසා බේරා ගත යුතු දේ ය. තිබුණත් දුක යි, නැතත් දුක යි, කියා කියනවා නම් ඒ දෙකෙන් විය හැකි වනුයේ, එක් ක්‍රියාව කි. අනාගතයේ තම රැකියාව තිබෙයි. නැතහොත් නොතිබෙයි. ඉන් දෙකෙන් එකකි. දරුවන් තම ජීවිත කාලය තුළම සිටියි. අතරමග දී නැතිවෙයි. එසේ නම් ඒ දෙක ම දුකක් ද? එසේ නම් සිදුවිය යුත්තේ දරුවෝ සිටිය ත් දුකයි. නැත ත් දුකයි කියනුයේ කය ට ද? සිතට ද? විවාහය තිබුණ ද? නැති ද? දුක ඇතිවන්නේ සිතට ය. එසේ නම් ඒ සඳහන් කරනුයේ සෝමනස්ස පිළිබඳව ය. එසේ නම් දරුවන් සිටිය ද? නැති ද? රැකියාව තිබුණ ද? නැති ද? යම් අයෙකුට එය සැපය යි, හැකි කියති නම් අන්න එබඳු තැනැත්තා ඉන්ද්‍රඛීලයක් වැනි නොවේ ද?