Print this Article


කොත්වහන්සේ නිරාවරණය දා 500 නමක් මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක්

කොත්වහන්සේ නිරාවරණය දා 500 නමක් මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක්

ගාල්ල ආනන්ගොඩ හිල්සයිඩ්වත්ත සිරි සුදර්ශනගිරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පිරිවෙන් විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ පැළඳවීම, කොත නිරාවරණය කිරීම, නිමිත්තෙන් වැලිවතුරේ රතනසාර නා හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් පැවැත්වේ.

ජනවාරි 05 වනදා සවස 3.30 ට කනම්පිටිය චාමින්ද ශායක්කාර මහතාගේ නිවසේ සිට චූඩාමාණික්‍ය සහිත කොත්වහන්සේ අලංකාර පුද පෙරහරෙන් වැඩම කරවීම ද, 05 දින සිට 11 වන දින දක්වා චූඩා මාණික්‍ය සහිත කොත් වහන්සේ වැඳුම් පිදුම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම ද 05 දින සිට 10 දින දක්වා විශේෂ බෝධි පූජා පින්කම් ද පැවැත්වේ. 09 වන දින

මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන් පවත්වන මහා ස්ථූපවංශ ධර්ම දේශනාව සවස 04.30 ට සහ පස්වරුවේ තුන්තිස් පෑ මහා පිරිත් දේශනාව ආරම්භ කිරීම. පසළොස්වක පෝදා විශේෂ ආශිර්වාද පහන් පූජාව සහිත බෝධි පූජා , බුද්ධ පූජා, පින්කම සවස 06.30 ට සහ 11 වනදා චූඩා මාණික්‍ය සහිත කොත්වහන්සේ පැළඳීම උදෑසන 08.00 ටද, කොත නිරාවරණය කිරීම සහිත චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීම, 500 නමක් වැඩම කරවා සෙත් පිරිත් දේශනා කිරීම, 500 නමක් මහ සඟ රුවනට දවල් දානය සඟ සතුව පූජා කිරීම ද සිදු කෙරේ. (විහාරස්ථානයේ සිට පෙරහරින් හිල්සයිඩ් හෝටලය දක්වා වැඩම කරවා අධිපති ටී.ජී.ජී. කේ . චමින්ද මහතාගේ කැපවීමෙන් සහ කැපකරු දායක පින්වතුන්ලාගේ අනුග්‍රහයෙන්)

විශේෂ කප්රුක් පූජාව සහිත ස්ථූප පූජාව රාත්‍රී මැදමුලනේ විජයබෝධි හිමි, ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ අධිපති ව්‍යාපාරික දේශබන්දු චාමින්ද සායක්කාර මහතාගේ ධන පරිත්‍යාගයෙන්ද, බොහෝ පරිත්‍යාගශීලි පින්වතුන්ගේ ද උපකාර ඇතිව විහාරාධිපති නාහිමියන් ඇතුලු මහ සඟරුවනේ අනුශාසනා පරිදි විහාරස්ථ පාලක සභාවේ සහාය ඇතිව චෛත්‍ය කමිටුවේ පූර්ණ කැපවීමෙන් එම පින්කම් මාලාව සිදු කෙරේ.