ශාසන සුරක්ෂාව පතා උතුම් ත්‍රිපිටක පන්දහසක් පූජා කරන
ඓතිහාසික ධර්ම දානමය පින්කම
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති,
රාජකීය පණ්ඩිත,
කොත්මලේ
කුමාර කස්සප හිමි
විභජ්ජවාදී වැඩසටහන යනු වර්තමානයෙහි සංවිධානාත්මක ව ශාසන විනාශය සිද්ධ කිරීම සඳහා
කටයුතු කරන වැඩපිළිවෙළක් පරාජයට පත්කොට, සද්ධර්මය රැක ගැනීම සඳහා කටයුතු කරන මහා
සංඝරත්නය දැනුවත් කරන වැඩපිළිවෙළක්.
විශේෂයෙන් ම විභජ්ජවාද යනු ‘විභජති’ පාලි පදය ‘විභජිත්වා වදතීති විභජ්ජවාදෝ’
යනුවෙන් දැක්වෙන සේ බෙදා දක්වමින් අර්ථ ප්‍රකාශ කරන නිසා, විභජ්ජවාද යනුවෙන් සඳහන්
වෙයි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන ක්‍රම සතරෙන් එකක් වන්නේ විභජ්ජවාද
යි. එනම්, බෙදා දක්වමින් අර්ථ ප්‍රකාශ කිරීම මෙහි මූලික ම ගම්‍යවන අර්ථය බවට පත්
වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොයෙක් පරියායන්ගෙන් , නොයෙක් ආකාරයන්ගෙන් බෙදා
දක්වමින් අර්ථ ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙන නිසා, ධර්මය හඳුන්වන පදයක් විභජ්ජවාදය
යනුවෙන් සඳහන් කරනවා.
ඉන්පසුව “සබ්බගරහන වජ්ජියමහිත සූත්‍රයේ” දී අපට දකින්න පුළුවන්කම තියෙනවා,
බුදුරජාණන් වහන්සේ ගැරහිය යුතු වරදට ගරහන නිසා ප්‍රසංසා කළ යුතු යහපත් දෙයට,
ප්‍රසංසා කරන නිසා බුදුරජාණන් වහන්සේ විභජ්ජවාද යනුවෙන් හඳුන්වන බව එම සූත්‍රය තුළ
විග්‍රහ වී තිබෙනවා. එසේම ශාසන ඉතිහාසය දෙස බලව විට විභජ්ජවාද වචනය කරලියට
පැමිණෙන්නේ, ප්‍රධාන වශයෙන් ම තුන්වන ධර්ම සංගායනාව සිද්ධ වෙන කාලවකවානුවේ දී ය.
ධර්මාශෝක රජතුමාගේ කාලය වන විට, ශාසනයට හිමි වුණු සුවිශේෂී තත්ත්වයත් සමඟ අන්‍ය
තීර්ථකයන් ශාසනයට ඇතුළත් ව ඔවුන් විසින් බුද්ධ ශාසනය තම තමන්ගේ දෘෂ්ටි, මතවාද සිතෙන
පරිදි කියමින්, විකෘති කරන්නට පටන් ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තෙවන ධර්ම සංගායනාව
සිද්ධ වන්නේ. තෙවන ධර්ම සංගායනාවෙන් ශෝධනයට පත්වුණ ශාසනය, ඇත්තටම පැවැත්වීමට නම්,
එකල ශාසනයට ඇතුළත් වුණ අනෙකුත් තීර්ථකයන් හඳුනා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා
උපක්‍රමයක් භාවිත කළා. එනම්, බුදුරජාණන් වහන්සේ කිනම් වාදී ද? කියන ප්‍රශ්නය පොදුවේ
භික්ෂූන් වහන්සේ වෙත යොමු කෙරුණා. බුදුරජාණන් වහන්සේගේ වාදය ලෙස විභජ්ජාවාදී ලෙස
පිළිතුරු සැපයූ භික්ෂූන් වහන්සේ අවශේෂ කොට, හැට දහසක් වෙනත් භික්ෂූන් සිවුරු ගළවා
ශාසනයෙන් නෙරපූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ අනුව බලන විට, විභජ්ජවාදී වදන ප්‍රධාන
වශයෙන් භාවිත වුණේ, ශාසන ධර්මය යම් පිරිසක් විසින් විකෘති කරමින්, තමන්ගේ පුද්ගලික
මතවාද සමඟ කිළිටි කරමින් ගිය, කාලවකවානුවක යි. අද දවසේ දීත් එදා පැවතුණු තත්වය වගේ
ම යම් පිරිසක් සංවිධානාත්මක ව ඇතැම් විට රාජ්‍ය නොවන සංවිධාන මුදලින් යැපෙන පිරිසක්
විසින් ශාසන ධර්මය විනාශ කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
භික්ෂූන් වහන්සේ ලෙස ඔවුන් සමාජය තුළ පෙනී සිටිමින්, තම තමන්ගේ හුදු පුද්ගලික
මතවාදයන් , මනෝ භාග්‍යයෙන් නිවැරැදි ධර්මය ලෙසින් සමාජයට දක්වනවා. මේ තත්ත්වය
වැළැක්වීම සඳහා අද දවසේ දී විභජ්ජවාදී වචනය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
විශේෂයෙන් ම විභජ්ජවාදී වැඩසටහන පොදුවේ ශාසනික වැඩසටහනක්. සියලු ම මහා සංඝ රත්නයේ
සහභාගිත්වය, දායකත්වය, ඇතුව සියලු බෞද්ධයන්ගේ සහභාගිත්වය, දායකත්වය ඇතුව සිදුවන
පොදු වැඩසටහනක් ලෙස විභජ්ජවාදී වැඩසටහන ගැන සඳහන් කළ හැකි යි. මෙම වැඩසටහන
අනුරාධපුර රුවන්මැලි සෑය අභියසින් 2018 වර්ෂයෙහි ආරම්භ ව ඉන්පසුව, මහ නුවර අස්ගිරි
පිරිවෙන් පරිශ්‍රයේ දී , කතරගම කිරිවෙහෙර පූජා භූමි පරිශ්‍රයේ දී, මහියංගණ රජමහා
විහාර පරිශ්‍රයේ දී, විභජ්ජවාදී වැඩසටහන දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය සහභාගිත්වයෙන්
සිද්ධ කරන්නට පුළුවන්කමක් ලැබුණා. මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන ලෙස කොළඹ
සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන වැඩසටහනින් අප බලාපොරොත්තු වෙනවා බුදුරජාණන්
වහන්සේ වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මය ඇතුළත්, උතුම් ත්‍රිපිටක පන්දාහක් ජනවාරි 04
වනදා පූජා කරන්නට. මේ යුගයේ සිද්ධ වෙන අති උතුම් මහා ධර්ම දානමය පින්කමක්. මෙය
ඓතිහාසික පින්කමක්. ඉතිහාසයට එක්විය යුතු පින්කමක්. මොකද? ශාසන සුරක්ෂාව සඳහා කරන
වැඩපිළිවෙළක දී මහා සංඝරත්නය ත්‍රිපිටකය අධ්‍යයනයට නැඹුරු කරන්නට අවශ්‍ය පහසුකම්
සැලසීම සහ ඒ ත්‍රිපිටකය ලබා දීම අටුවා සහිතව.
මේ වැඩසටහනේ දී මුද්‍රිත මාධ්‍යයට වඩා විද්‍යුත් මාධ්‍යයට නූතන මිනිසා සමීප බැවින්,
විද්‍යුත් මාධ්‍ය දෙසට නැඹුරු කරමින්, මහා සංඝරත්නයට මේ උතුම් පූජාව සිදු කරන්නේ.
එනම් ශාසනයේ මුලින්ම ධර්මය රැගෙන ආවේ භාණක පරම්පරාවන් මඟින් කටපාඩමෙන්. මෙලෙස
කටපාඩමෙන් රැකගෙන ආ ධර්මය එදා ක්‍රි. පූ. පළමු ශත වර්ෂයේ දී වළගම්බා රාජ සමයේ දී
කුන්තගන්ත තිස්ස මහා රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කෙරුණා.
එදා මතක ශක්තියෙන් රැගෙන ගිය ත්‍රිපිටකය පසුකාලීන ව එන පරම්පරාවට මතක ශක්තිය අඩුවන
බව දුටු මහ රහතන් වහන්සේලා අනාගතයට ධර්මය රැක ගැනීම සඳහා ඒ ක්‍රියා පිළිවෙත අනුගමනය
කළා. එසේම පුස්කොළ පරපුරක් ඔස්සේ ඉතාමත් සංරක්ෂිත ව, නොවෙනස් ව පැමිණි ධර්මය 18 වන
ශතවර්ෂයේ දී මුද්‍රිත මාධ්‍යයට පරිවර්ථනය වෙනවා. එය යුගයේ අවශ්‍යතාවයක් ලෙස සිදු
වුණු අති උතුම් කාර්ය භාරයක්. පුස්කොළ පොත් සපයා ගැනීම අපහසු වෙන විට, මුද්‍රිත
මාධ්‍යයට නැඟෙනවා. එසේම නූතන සමාජයේ මුද්‍රිත මාධ්‍යයෙන් ඈත්ව, විද්‍යුත් මාධ්‍ය
වෙත මූලිකත්වය හිමිවන, පරිවර්තනය වන කාලවකවානුවක්. ඒ නිසා මිනිසුන් මුද්‍රිත
මාධ්‍යයෙන් ඈත්වන විට, ධර්මයත් අපට විද්‍යුත් මාධ්‍ය වෙත යොමු කරන්නට පුළුවන් සේ ම
මුද්‍රිත මාධ්‍යයට වඩා ඉතා පහසුවෙන් කරුණු , කාරණා වෙත ළඟා වීමට අවශ්‍ය ක්‍රමෝපායන්
සලසා ගැනීමටත් අපට ඒ තුළින් හැකියාව ලැබෙනවා. ඒ නිසා අප මේ තුළ මැනවින් සකස් කරන්නට
යෙදුණු වැඩපිළිවෙළක් ත්‍රිපිටකය තුළ දැක්වෙන ඕනෑම කරුණක් බොහොම පහසුවෙන් සොයා ගන්නට
පුළුවන් පිළිවෙළක් ද සහිත ව, ත්‍රිපිටක පූජාව සිද්ධ කරන්නට. ඒ නිසා ත්‍රිිපිටකය
විද්‍යුත් ත්‍රිපිටකයක් ලෙසින් ‘ටැබ්’ එකකට ඇතුළත් කර පූජාව සිදු කරනවා. එසේම
‘ටැබ්’ එකක් යනුවෙන් සඳහන් කරනවා වෙනුවට, අපට අවශ්‍ය වෙනවා ධර්ම ග්‍රන්ථයක් යන
උතුම් සංකල්පය එලෙසම පවත්වා ගන්නට. ඒ නිසා මෙය වෙනත් දෙයක් සඳහා භාවිත කරන්නට
නොහැකි ආකාරයට විශේෂයෙන් ම සකස් කර තිබෙන්නේ. මෙය හුදෙක් ම ත්‍රිපිටක පරිශීලනය සඳහා
පමණක්ම, විද්‍යුත් ති‍්‍රපිටකය වෙන්ව තිබෙනවා. එසේම අපට පුළුවන්කම තිබෙනවා,
විද්‍යුත් ත්‍රිපිටකය පරිශීලනයේ දී චතුරාර්ය සත්‍ය ගැන සොයන කෙනෙකුට, උදාහරණයක්
ලෙසින් අපට ඕනෑම ආකාරයකට, ත්‍රිපිටකය පුරාවට මෙහි විග්‍රහ වී තිබෙන්නේ, චතුරාර්ය
සත්‍ය එක තැනකට එකතු කරලා, එනම් ඒකරාශී කර , ඒ මාතෘකාව වෙත පිවිසුණාට පසුව
ත්‍රිපිටකය පුරා විග්‍රහ වී ඇති තැන් ටික පෙන්වනවා. ඒ තැනට ඉක්මනට ළඟා වෙන්නට
පුළුවන්.
මෙහි පංචඋපාදානස්ඛන්ධය, ආයතන, පටිච්චසමුප්පාදය, දානය, ශීලය, භාවනාව ආදී මාතෘකා
විශාල ප්‍රමාණයක් අපට අවශ්‍ය වන, බෙදා දක්වා කියනවා ත්‍රිපිටකය යනුවෙන්. ඒ අනුව ඉතා
පහසුවෙන් කරුණු කාරණා සොයන අයට මූලාශ්‍ර වෙත ළඟා වන්නට පුළුවන්කම තියෙනවා. එලෙස
ත්‍රිපිටක පූජාව යුගයේ සිද්ධවුණු මහා උතුම් පූජාව වශයෙන් සිද්ධ වනවා සේ ම, තවත්
වැඩපිළිවෙළක් අප මේ සමඟම ආරම්භ කෙරෙනවා.
අද ලොවේ ප්‍රධාන ආගම්වල ඇතැම් විට ඉස්ලාම් ධර්මය අධ්‍යයනය කරන කෙනෙකුට කුරානය
නොමිලයේ පල්ලියකින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එසේම බයිබලය හදාරන කෙනෙකුට බයිබලය
ක්‍රිස්තියානි පල්ලියකින් නොමිලයේ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපේ
ත්‍රිපිටකය පමණක් ලක්ෂ ගණනකට අලෙවි වෙනවා. එවිට එය එකම භික්ෂූන් වහන්සේ නමකටවත් ලබා
ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අප කල්පනා කළා, ලක්දිව වැඩ සිටින ඕනෑම
ස්වාමීන් වහන්සේ නමකට නොමිලයේ ් ත්‍රිපිටකය ලබා ගන්නට හැකි සේ වැඩපිළිවෙළක් මේ සමඟ
ම ආරම්භ කරන්නට.
මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු පුර පසළොස්වක පෝදා ( 10) පත්‍රයේ පළවේ
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |