Print this Article


පාලි පාඩම : 28 - කොටස

28 - කොටස

පඤච මී විභක්තිය - දෙවන කොටස

පඤචමී විභක්තිය යනු පස්වන විභක්තිය බව අපි දනිමු. සිංහල භාෂාවේ දී අවධි විභක්තිය ලෙස හැඳින් වූ මෙම විභක්ති පද සාදා ගන්නා ආකාරය අපි පසුගිය පාඩමේ දී ඉගෙන ගතිමු. පඤච මී යනු අපාදානාර්ථය යි. අපාදාන නම් යමකින් වෙන්වීම් අර්ථය යි. යමකු කෙරෙන් බිය වේ ද, යමකින් යමක් වෙන් වේ ද, පහවේ ද, යමකුගෙන් යමක් ගනී ද එවැනි අර්ථ මෙහි ඇත.

01. සො ගාමමහා ගචඡති

ඔහු ගමෙන් යයි.

මෙම වැකියේ “ගාම මහා” යන පදය පඤච මී විභක්ති පදයකි. ඔහු සිටියේ ගමෙහි ය. එහි සිට ගමෙන් වෙන් වී වෙනත් තැනකට යයි. එනිසා එය අපාදාන අර්ථය ලෙස හඳුන්වමු.

02. රුකඛසමා ඵලං පතති

ගසින් ගෙඩිය වැටෙයි.

මෙම වැකියේ රුකඛසමා යනු පඤචමී විභක්ති පදයකි. ගෙඩිය වැටීමට මුලින් තිබුණේ ගසෙහි ය. එය ගසේ තිබී වෙන් වී යයි. එය අපාදාන අර්ථය යි. මේ ආකාරයට මෙම විභක්තියේ පද යොදා වැකි තැනිය හැකි වේ.

03. උපාසකො චොරසමා භායති

උපාසකයා සොරගෙන් බිය වෙයි.

04. පෙමතො ජායතී සොකො

ප්‍රේමයෙන් ශෝකය උපදී

05. පෙමතො ජායතී භයං

ප්‍රේමයෙන් භය උපදී

06. පෙමතො විපපමුතතසස නත්ථි සොකො, කුතො භයං?

ප්‍රේමයෙන් මිදුණු කෙනාට ශෝකයක් නැත. භයක් කොහින් ද?

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (ඊඩඥ ඕභඤඤඩඪඵබ ඊඍ) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ.ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය.ඒ සඳහා පිවිසෙන්න. ර්චඨචඤඩඪ (මාගධී) හෝ ම්ධබචදඥතභඹඥබඩඥපධ (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.