බුද්ධිමත් පුද්ගලයා මනස පිරිසුදු කර ගනී
ජාතික සිංහල පෙරමුණේ නායක
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන
අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
යම් පුද්ගලයෙකුගේ මනසෙහි අමනාපයක් ඇති වූ විට, එම තත්ත්වය තරහවක් දක්වා ද, ඇති වූ
තරහව කේන්තිය දක්වාද, ඇති වූ කේන්තිය ක්‍රෝධය දක්වා ද, ඇති වූ ක්‍රෝධය වෛරය දක්වා ද
හටගත් වෛරය බද්ධ වෛරය දක්වා ද වර්ධනය වීමට පෙර බුද්ධිමත් පුද්ගලයා එය තමාගේ ම
මනසින් හැකි ඉක්මනින් ඉවත්කර දැමීමට උත්සාහ දරයි. මනසෙහි හටගත් එම ස්වභාවය කිසිසේත්
සුදුසු තත්ත්වයක් නොවන බව ඔහු දැන ගනී.
කුසල කර්ම හා අකුසල කර්ම වශයෙන් කර්මය කොටස් දෙකකට වර්ග කළ හැකි ය. තමාගේ තුන්
දොරින් සමාජගත කරන දෙය පෙරළා තමාටම ආපසු ලැබෙන බව බුදු දහමේ මූලික ඉගැන්වීමකි. තමා
කළ දෙය පෙරළා තමාටම පෙරළා ලැබෙන බව දැකිය හැකි වන්නේ ඒ පිළිබඳ ව විමර්ශනශීලී ව හෝ
පර්යේෂණාත්මක ව අධ්‍යයනය කරන පුද්ගලයෙකුට ය.
මේ ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයකුම කොටස් හතරකට වර්ග කළ හැකි අතර ඔහු හෝ ඇය
අනිවාර්යෙන්ම ඉන් එක් වර්ගයට අයත් වේ. එනම්,
වහා කිපෙන, ඉක්මනින් ම එම කේන්තිය පහ වී යන පුද්ගලයන්.
වහා නොකිපුන ද, පසුව එම කේන්තිය පැසව පැසවා මනසේ තිබෙන පුද්ගලයන්.
වහා කිපෙන, පසුවත් කේන්තිය හිතේ තබාගෙන සිටින පුද්ගලයන්.
ඉක්මනින් නොකිපෙන, පසුවත් කේන්ති නොගන්නා පුද්ගලයන් වශයෙනි.
යම් පුද්ගලයෙකුගේ මනසෙහි අමනාපයක් ඇති වූ විට, එම තත්ත්වය තරහවක් දක්වා ද, ඇති වූ
තරහව කේන්තිය දක්වාද, ඇති වූ කේන්තිය ක්‍රෝධය දක්වා ද, ඇති වූ ක්‍රෝධය වෛරය දක්වා
ද, හටගත් වෛරය බද්ධ වෛරය දක්වා ද වර්ධනය වීමට පෙර බුද්ධිමත් පුද්ගලයා එය තමාගේම
මනසින් හැකි ඉක්මනින් ඉවත්කර දැමීමට උත්සාහ දරයි. මනසෙහි හටගත් එම ස්වභාවය කිසිසේත්
සුදුසු තත්ත්වයක් නොවන බව ඔහු දැන ගනී.
ආර්ථික වශයෙන් බොහෝ සේ ධන ධාන්‍යයෙන් ආඩ්‍ය වූ තරුණයෙක් සිටියේ ය. තම ජීවිතයේ මැදි
වයස එළඹීමත් සමඟ ගිහි ජීවිතය ගත කිරීමට වඩා පැවිදිවීම සුදුසු බවට කල්පනා කරමින් මහණ
වී විවේකීව සිටීමට සුදුසු විහාරයක් ද ඔහුගේ ම වියදමින් ඉදි කළේ ය. විහාරයට අවශ්‍ය
සියලු කළමනා ද, තමනට අවශ්‍ය වන සිවුරු පිරිකර ද කාගෙන්වත් ලබානොගෙනම තම වියදමින්
උපයාගනිමින් පැවිදි වූයේ ය. පිණ්ඩපාතයේ නොගොස් තම වියදමින් ආහාර සපයා ගනිමින් සැපසේ
ජීවත් විය. දිනක් විහාර චාරිකාවේ වඩිමින් සිටි වැඩිහිටි භික්ෂූන් වහන්සේ කිහිප නමක්
එම විහාරස්ථානයට වැඩම කළහ. විහාරයේ බොහෝ සේ පුරවා තිබෙන කළමනා දැක මේ තරම් බඩු
බාහිරාදිය පුරවාගෙන සිටීමට හේතු කාරණා උන්වහන්සේලා ද විචාළහ. එවිට දැඩි තරහවක් ගත්
බව පෙන්වමින් සිටියා මිස, අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටියේ ය.
පසුව උන්වහන්සේලා එම භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩමවා ගෙන ගොස්
බහුභාණ්ඩික විහාරස්ථානය තුළ ජීවත් වන බව බුදුරදුන්ට දැන්වූහ.
එවිට බුදුරජාණන් වහන්සේ බහුභාණ්ඩික භික්ෂූන් වහන්සේ අමතා හැබෑ ද මහණ අල්පේච්ච ව ගත
කළ යුතු මේ පැවිදි දිවිය බහුභාණ්ඩික ව ගත කරනු ලබන්නේ දැයි විමසූහ. උන්වහන්සේගේ
මනසට පැමිණි කේන්තිය පාලනය කර ගැනීමට තරම්වත් නොහැකි විය. බුදුරජාණන් වහන්සේ සමීපයේ
වැඩ සිටින බවත්, කල්පනා නොවී ය. තමන් වහන්සේ පොරවා ගෙන සිටි සිවුර ගලවා බුදුරජාණන්
වහන්සේ වෙතට විසී කළේ ය. අඳන සිවුර පමණක් ඉතිරි වූයේන් ශරීරයේ ඉහළ කොටස නිරාවරණය
විය. ඔබ වහන්සේ මට ඉන්නට කියන්නේ මේ ආකාරයටදැයි විචාළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ
ඉතාමත්ම නිහඬව, මුහුණට මද සිනහවක් නගාගෙන මෙසේ දේශනා කළහ.
ලජ්ජාව කියන්නේ කුමක්දැයි සොයමින් කාලයක් දිය රකුසෙකුව සිටියේ ද ඔබම නේ දැයි විචාළ
විට එම භික්ෂුව මහත් ලජ්ජාවට පත්විය.
බුදුරජාණන් වහන්සේට වැඳ සිවුර පෙරවා එකත්පස්ව සිටිමින් ඒ දේව ධර්මය කුමක්දැයි විමසී
ය. එවිට කෝපය නිසා තමා කරගත් අකුසලයේ බරපතළකම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ වදාළ
සේක.
එක්තරා භික්ෂූන් වහන්සේ නමක් කල්පනා කරනු ලැබුවේ පන්සල තමාගේ ම බූදලයක් බවත්, සතර
පේරුවේ දායක කාරකාදීන් තමන්ට උවටැන් කළ යුතු බවත් ය. තමන්ගේ උජාරු සිතිවිල්ල නිසාම
දායකකාරකාදීන් කෙරෙහි තිබූ අමනාපය කල් ගතවීමේ දී කේන්තියක් බවට ද, එම කේන්තිය
ක්‍රෝධයක් බවට ද පත් වීමත් සමඟ දායකයන්ගේ කුඩා අත්වැරදීමකට පවා බැණ වදිමින් විවිධ
පුද්ගලයන් අතේ පණිවුඩ පවා යැවී ය. ඇයි හාමුදුරුවනේ මේ පුංචි එවුන්ට බැණ වදින්නේ කී
ය. විමසූ විට ‘මුං පුංචි උනාට පන්සලේ හැසිරෙන්න ඉගෙන ගන්න ඕනෑ. තොපේ දරුවෝ හදාගන්න
තොපිට බැරිද? යනුවෙන් විමසයි. ධර්මාසනයේ ඉඳගෙනත් මිනිසුන්ට බනී. උන්වහන්සේ නිතරම
කේන්තියෙන් ම මිනිසුන්ට බැණ වැදීම නිසා ම දායකයෝ ද දවසින් දවස පන්සලෙන් ඈත් වූහ.
උන්වහන්සේ පන්සලට එන සුනඛයන්ට ආහාර පාන සපයා දෙමින් තොපිට වඩා මගේ ළඟ මෛත්‍රිය
තියෙනවා. තොපිට මගේ ගුණ ධර්ම නොතේරුණාට සුනඛයන්ට තේරෙනවා යනුවෙන් මිනිසුන්ට බැණ
වදිමින් දායකයන්ට උන්වහන්සේගේ මෛත්‍රිය පෙන්වීම සඳහා පන්සලට එන සුනඛයන්ට කෑම
ලබාදීමට පටන් ගත්හ. පන්සලේ සුනඛයන් හදන ආරංචිය ප්‍රදේශය පුරා පැතිර යාමත් සමඟ පිට
ගම්වල මිනිස්සු සුනඛයන් රැගෙනවිත් පන්සලට දැමූහ. සතර පේරුවේ සුනඛයෝ ද පන්සලට රොක්
වූ හ. උන්වහන්සේ දානය වළඳන්නේ සුනඛයන්ට ආහාර අනන පිඟානේ ම ය. ‘බුදුහාමුදුරුවන් දැන්
ඉන්නවයැ’ එනිසා බුද්ධ පූජාව තබන්න ඕනේ නැහැ’ යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරයි.
මිනිසුන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ක්‍රෝධයෙන් කළ ක්‍රියාව මෙලොව විපාක වශයෙන් විඳී.
අපිරිසුදුකම දැනෙන්නේ නැ. ලෙඩක් දුකක් බැලීමටවත් මිනිසුන් පන්සලට පැමිණෙන්නේ ද නැත.
කේන්තිය, වෛරය සමාජයට දුන් නිසා ම හිත මිත්‍රයන් පවා අඩු විය. සමාජීය වශයෙන් ද,
අප්‍රසාදයට පත් විය. අපිරිසුදු සිතිවිලි දුන් නිසාම කායික වශයෙනුත් එම අපිරිසුදුකම
ලබයි.
හේමමාලා රන්දුනු |