ගණේගම
ශ්‍රී සරණංකර නා හිමි
ඓතිහාසික හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත
ගනේගම ශ්‍රී සරණංකර නාහිමියන් අපවත් වී 2019 දෙසැම්බර් මසට වර්ෂ 30 ක් සම්පූර්ණ වේ.
උන්වහන්සේ ජාතික, ආගමික, අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රබෝධය සඳහා සුවිසල් මෙහෙවරක්
ඉටු කළ සංඝ පීතෘවරයෙකි. දුටුගැමුණු විහාරය හා ගා/ ශ්‍රී රතනසාර විද්‍යායතන පිරිවෙන
ආදී ආයතන රැසක නිර්මාතෘවරයා යි.
1908 ඔක්තෝබර් 23 දා ගණේගම කෝරලේගොඩ දී උපත ලද කුමරුවා සැමී කාරියවසම් උළුවිටිය
ගමගේ ලෙස දෙමාපියන් විසින් තබන ලද නම විය. ගණේගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් 1913 දී
සිප්සතර ආරම්භ කරන ලදී. 1920 වන තෙක් වර්ෂ හතක් එහි අධ්‍යාපනය ලැබී ය. වැඩිදුර
අධ්‍යාපනය ලැබීම සඳහා එම විද්‍යාලයෙන් ඉවත්ව ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් විය.
වර්ෂ තුනක් පමණ එම විද්‍යාලයේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබී ය.
වයස අවුරුදු 16 ලබන විට සැමී කාරියවසම් කුමරු ගණේගම සරණංකර නමින් දුටුගැමුණු
විහාරයේ දී උතුම් පැවිදි දිවියට ඇතුළත් වූයේ ය. පැවිදි වීමෙන් අනතුරුව කිතුලම්පිටිය
ආනන්ද පිරිවෙනෙහි මූලික අධ්‍යාපනය ආරම්භ කළේ ය. වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූයේ 1925දී ය. මූලික අධ්‍යාපනය අවසන් කළ
උන්වහන්සේ 1932 ජුනි 11 දින උපසම්පදා ශීලයෙහි පිහිට වූ හ.
උන්වහන්සේ 1935 මුල්ම කෘතිය රචනා කළහ. 1989 සිට අර්ධ ශත වර්ෂයක් පමණ ග්‍රන්ථකරණයේ
යෙදී සමාජයට කළ සේවය ඉමහත් ය.
රාජකීය පණ්ඩිත ගණේගම සරණංකර නාහිමි ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත්ව 1943 දී උසස්
අධ්‍යාපනය ආරම්භ කොට ඇත. 1944 දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව තම දැනුම වැඩි කොට
ගෙන ඇත. 1951 දී භාරතයට වැඩම කොට කල්කටා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය
ලබා ඇත.
නාහිමියන් බද්දේගම රතනසාර මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස ද, 1956 දී කටයුතු කොට ඇති
අතර විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කොට මෙරට
අධ්‍යාපනයට කළ සේවය ද අමිල ය. 1960 දී බද්දේගම රතනසාර පිරිවෙනේ පරිවේණාධිපති ධූරයට
පත් විය. මෙරට බෞද්ධ අධ්‍යාපනයට කළ සේවය ද අමතක කළ හැකි නොවේ.
පොත පත හිඟ කාලයේ දී කියවීමේ අගය වටහා ගත් උන්වහන්සේ ජංගම පුස්තකාලයක් ද පවත්වාගෙන
ගොස් ඇත. බද්දේගම ප්‍රදේශයේ පමණක් නොව මහවැලි ‘එච්’ කලාපයේ ද ජංගම පුස්තකාලයක්
පවත්වාගෙන ගොස් ඇත.
රාජකීය පණ්ඩිත ගණේගම සරණංකර නාහිමියෝ කොතෙක් ආගමික, සාමාජීය හා සංස්කෘතික වශයෙන්
රටට සේවය කළ ද වරප්‍රසාද තකා දේශපාලන නායකයන් පසුපස ගියේ නැත. තමාගේ අදහස සෘජුව
දේශනා කළහ. 1985 නොවැම්බර් 10 දින ආනන්ද විද්‍යාලයේ දී, ‘ගණේගම ශ්‍රී සරණංකර
ප්‍රණාම උළෙල’ පවත්වා ප්‍රණාමය උන්වහන්සේට පළ කිරීමට එකල ජනතාව කාරුණිකව ඇත.
****
ආදි කර්තෘ හිමිවරු සමරා කොටහේනේ පින්කම්
කොටහේන ඓතිහාසික පරමානන්ද පුරාණ මහා විහාරස්ථානය මඟින් වාර්ෂික ව ධර්ම දේශනා මාලාව
හා සති පිරිත් පින්කම සිදු කරති. වර්ෂ 1808 දී යටත් විජිත යුගයට පිළියමක් ලෙස
කොටහේනේ පරමානන්ද පන්සල හෙවත් පහළ පන්සල ඉදි විය. පානදුර මහා අරුක්ගොඩ
ඉන්ද්‍රසරාරාම විහාරාධිපති හා එහි ආදි කර්තෘන් වන වෑත්තෑවේ ඉන්දසර මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පානදුරේ සුමංගල නා හිමියන් විසින්
පරමානන්ද විහාරය කොටහේනේ ආරම්භ කරන ලදී.
කොටහේන ප්‍රදේශයේ බිම් කඩක් පන්සලකට ලැබීම ද එදා පැවැති රටේ තත්ත්වය අනුව මහත්
භාග්‍යය කි. එකල ඉංගී‍්‍රසින්ගෙන් එල්ල වූ තාඩන පීඩන හමුවේ සිංහලයාට නොසැලී
සිටින්නට උනන්දු කළේ විහාරස්ථානය යි. එය පරමානන්දයත්, දීපදුත්තාරාමයත් ඉටුකළ බව
නොරහසකි. අනගාරික ධර්මපාල තුමා පොහෝ දිනවල උපෝසථ අටසිල් සමාදන් වූයේ පරමානන්ද පින්
බිමේ ය.
භික්ෂූන් වහන්සේලාගේ අනාගතය අඳුරු සෙවනැලිවලින් වැසී යද්දී එය සුදෝ සුදු වළාකුලක්
බවට පත් කරන්නට මුල් වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන් ය. උන්වහන්සේ
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ආරම්භ කරන්නට පෙර ප්‍රාචීන මහා විද්‍යාලය නමින්
පෙරදිග භාෂාව උගන්වන භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේ අප විහාරස්ථානයේ
ය. පහත රට භික්ෂූන්ගේ විනය කර්ම හා උපසම්පදා කර්ම කොළඹත්, කැලණි නදියත් ආශි‍්‍රතව
සිදු කරන්නට කථිකා කරද්දී එහි එක් කොටසක බර උසුලන ලද්දේ විහාරාධිපති ව වැඩ සිටි
පානදුරේ සුමංගල නාහිමියන් හා පානදුරේ ධම්මක්ඛන්ද හාමුදුරුවන් වහන්සේලා ය.
උන්වහන්සේලා හා මල්වතු විහාරය අතර පැවති සමීප සබඳතාව නිසා පහතරට සංඝ සභාවක්
පිහිටුවන්නට මල්වත්තේ අනුමැතිය ලැබුණි.
ධර්මශාලා, පැරැණි විහාර මන්දිරය, ඝන්ඨාර කුලුණ, වෙහෙර වහන්සේ හා සංඝාවාසය 1800
ගණන්වල ඉදි වූ ගොඩනැගිලි ය. එදා ඉදි කිරීම් ක්ෂේත්‍රය හා පින්කම් කටයුතු සිදු
කරන්නට ප්‍රදේශයේ බෞද්ධයන් බොහෝ සිට ඇත. අද සිදු කරන ඇසළ පෙරහර මංගල්‍ය එදා සංඝරාජ
මහා පෙරහර ලෙස පවත්වා ඇත. දෙසැම්බර් මාසය පුරාවට ආදි කර්තෘන් වහන්සේලා සිහිපත්
කරමින් සති පිරිත් පින්කම් දෙකක් හෝ තුනක් සිදු කළ බව අතීත වාර්තාවල සඳහන් වේ.
පානදුරේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් ඇරඹුණු මෙම විහාරස්ථානය කොළඹ
නගරයට පමණක් නොව ලක්දිවට ම සිදු කරනුයේ අපරිමිත සේවා රාශියකි. සුමංගල හිමියන්ගේ
ඇවෑමෙන් පානදුරේ හිමියන් බොරලැස්ගමුවේ කල්‍යාණතිස්ස හිමියන්, කෝට්ටේ කල්‍යාණි
සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව නියෝජනය කරමින් එමගින් අපරිමිත කර්තව්‍යයන් රාශියක්
සිදු කළහ. ඒ අතර කොටහේන පරමානන්දයත්, අරුක්ගොඩ ඉන්ද්‍රසරාරාමයත් පාලනය කළේ
උන්වහන්සේලා විසිනි. රඹුක්කන මහින්දවංස හිමියන් විහාරාධිපතිත්වය දරමින් සිටියදී
උපැදි වූ අතර එහි පුරප්පාඩුව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය එල්ලාවල කල්‍යාණවංස හිමිපාණන්ට
පැවරිණි.
එල්ලාවල කල්‍යාණවංස හිමිපාණෝ එම යුගයේ දී බොහෝ වෙහෙස දරමින් පරිහානියට පත් වෙමින්
තිබූ විහාරස්ථානය යථා තත්ත්වයට ගන්නට අපරිමිත වෙහෙසක් ගත්හ. එවකට ජනාධිපති ධූරය
දැරූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග එකතු වී විහාරස්ථාන භූමිය නිරාකරණය කොට පන්සල
වටා ප්‍රාකාරයක් බඳවන ලදී. පැරැණි ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි ඉදි වූ අතර තෙමහල්
විහාර කර්මාන්තය චිත්තාකර්ෂණීය කලාංගයකි. පැරැණි ගොඩනැගිලි නවතාවයට ගැළපෙන අයුරින්
ප්‍රතිසංස්කරණය සිදු කළ අතර, අනාගතයට ඉතිරියක් නොතිබ්බේ ය. 1963 ජූලි 07 වන දින
ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය පෝෂණය කරනු වස් පරමානන්ද ධර්ම විද්‍යාලය
ආරම්භ කරන ලදී. නතර වී තිබූ පෙරහර ඇසළ පෙරහර නමින් ආරම්භ කළේ ය. සති පිරිත් පින්කම
ද නොකඩවා සිදු කළ අතර කල්‍යාණවංස නා හිමියන් භික්ෂු ශාසනයේත්, සමාජ සේවයේත්
ප්‍රතිමූර්තියක් විය. කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව නියෝජනය කරමින්
සංඝ සභාවටත්, සසුනටත් අපරිමිත සේවයක් කළේ ය. එයට පැහැදුණු කෝට්ටේ සංඝ සභාව, සද්ධර්ම
කීර්ති ශ්‍රී සුමංගල ධම්මක්ඛන්ද යන ගෞරව නාමය ද සමඟ කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝ නායක
ධූරය ප්‍රදානය කරන්නට වූ හ. උන්වහන්සේ විද්‍යෝදය මහා පිරිවෙණ, විද්‍යාලංකාර මහා
පිරිවෙණ මුල්කර ගනිමින් තෛ‍්‍රනිකායික මහ සඟරුවන නිතර ඇසුරු කරමින් ජාතික, ආගමික,
සමාජ සේවාවල නිරත වූ හ. පරමානන්දයේ නව උදාවේ අරුණලු එළි පෙහෙළි කළේ කල්‍යාණවංස
හිමියෝ ය.
බොහෝ දුර බැහැර වෙහෙර විහාරවල වසන භික්ෂූන්ට අධ්‍යාපන, අධ්‍යාත්මික ගුණ වගාව
දියුණුකර ගැනීමට එදත් අදත් ශක්තියකි. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමි, වෙඬරුවේ
අමෝමදස්සී අනුනාහිමි, හඟුරන්කෙත විමල අනුනාහිමි, පුනහැළ සද්ධාතිස්ස නාහිමි,
මහාචාර්ය මීපිටියේ සීලරතන නාහිමි, ආචාර්ය විජිතපුර ගුණරතන නාහිමි ආදී යතිවරු එදා
මෙදා පරමානන්දයේ පහස ලබමින් කටයුතු කළ හ.
දැනුදු අධ්‍යාපනය ලබන භික්ෂූන්ට පරමානන්දය නේවාසිකාගාරයක් යැයි සඳහන් කළ ද වරදක්
නැත. එල්ලාවල කල්‍යාණවංස නා හිමියන්ගෙන් පසු නිල්වක්කේ සුගතවංස නාහිමියන්
විහාරාධිපතිත්වයට පත්ව ගමත්, පන්සලත් අතර සබැඳියාව වැඩිදියුණු කර ගනිමින් ජාතික,
ආගමික, සාමාජික කර්තව්‍යයන් රාශියක් සිදු කළහ. උන්වහන්සේ ලක්දිව නොයෙක් පෙදෙස් වල
දුෂ්කර විහාරස්ථාන හා දුෂ්කර ගම්මානවලට පරමානන්ද ප්‍රජා සත්කාර පදනම යටතේ බොහෝ
උපකාර කළහ. උන්වහන්සේගේ පස්වන ගුණ සැමරුම පසුගිය දිනට යෙදී තිබුණි.
අතීතයේ සිට කරගෙන ආ සත් කාර්යයන් ඒ අයුරින්ම කරගෙන යන්නට වත්මන් විහාරාධිපති
විශ්‍රාමලත් විදුහල්පති කොළඹ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති තඹවිට විමලවංස
නා හිමිපාණන්ට දායක පිරිස ශක්තියකි. වර්ෂාවසානයට ඉතිරිවන සති පිරිත් පින්කම මෙවරද
සිදු කරන්නට විහාරාධිපති නා හිමියෝ මුල් වී සිටිති.
නව වර්ෂයට ආශිර්වාද කිරීම ආධිකර්තෘන් වහන්සේලා සිහිපත් කිරීම හා මියගිය දායකයන්ට
පින්දීම මෙහි මුඛ්‍යය පමාර්ථයයි. ධර්මදේශනා මාලාවකින් ආරම්භ වී සත් දින පිරිත්
පින්කම හා දොරකඩ අස්න අනුශාසනාවෙන් නිමාවට පත් විය. දෙසැම්බර් 01 වන දින ධර්ම දේශනා
මාලාවෙන් පින්කම ආරම්භ වූ අතර ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේලා විසින් දින 07 ක්
පූරාව ධර්මදේශනා 07 ක් පැවැත් වූහ. 09 දින රාත්‍රියේ සත් දින පිරිත් පින්කම ආරම්භ
වූ අතර 15 වන දින විහාර අස්න දේශනය පැවැත්විණි. දවල් අර්ධ ශතාධික මහ සඟරුවන විෂයෙහි
මහා සඟ සතු දානයකි.
ශාස්ත්‍රවේදී,
ගෝනදෙණියේ චන්දවිමල හිමි |