පැන විසඳුම්
ජයග්‍රාහිකාව
මුතියංගනය රජ මහා විහාරය
ඌව පළාතේ, බදුල්ල නගරයේ මුතියංගන විහාරය පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේගේ මුතු හා
සමාන ශාරීරික දා බිඳු ධාතු නිදන් කොට ඉදි කළ දාගැබ නිසා එය මුතියංගනය නමින්
හැඳින්වෙන බව සඳහන් ය. “බදුලු මහ වෙහෙර” නමින් ද, මෙම සිද්ධස්ථානය ප්‍රසිද්ධ ය.
මුතියංගන දාගැබ පළමුවරට ඉදිකරන ලද්දේ දෙවනපෑතිස් රජතුමන් විසිනි. පසුව දෙටුතිස්,
ධාතුසේන, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, පළමුවන රාජසිංහ යන රජවරුන් විසින් මෙම
චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරවා ඇත. රජවරුන් මෙන්ම වෙනත් බෞද්ධ ප්‍රභූන් විසින් ද මෙම
ස්ථානයට ගම්වර පූජා කිරීමෙන් ගෞරව දක්වා ඇත. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්
හටගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේගෙන් එක් නමක් මෙම විහාරස්ථානයේ රෝපණය කොට ඇත.
ලක්දිව වැඩ සිටි මලියදේව මහරහතන් වහන්සේ මුතියංගන විහාර මළුවේ වැඩ සිට ධර්ම දේශනා
කළහ. එම දහම් අසා භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වූහ. මුතියංගන විහාරයේ
ප්‍රධාන මන්දිර තුනකි. මහා විහාරය, මැද විහාරය, උඩු විහාරය යනුවෙන් එම විහාර මන්දිර
තුන හැඳින් වේ. චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිරිපිට මහා විහාරය පිහිටා ඇති අතර එහි
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ හිඳුවා ඇත. මැද විහාරයෙහි සැතපෙන බුද්ධ
ප්‍රතිමාවකි. උඩු විහාරය හෙවත් සත් සති විහාරය දුර්ලභ ගණයේ නිර්මාණයකි. බුදුරජාණන්
වහන්සේ සත් සතිය ගත කළ අයුරු එහි නිරූපණය කර ඇත.
ඩී.පී. අනූපමා නෙත්සරණි
06 වන ශ්‍රේණිය
සුවිශුද්ධාරාමය, වැල්ලවත්ත
****
උඳුවප් පෝය
සඟමිත් මහ තෙරණිය
ජයසිරි මහ බෝධිය
වැඩමවා ගෙන පැමිණිය
උඳුවප් සුන්දර මාසයේ ද ය
රවිදි චමත්මා ජයතිලක
03 වන ශ්‍රේණිය
මියුසියස් විදුහල, කොළඹ
****
උඳුවප් පොහොය අසිරිය
මට ගොඩක් සතුටුයි. මමයි, තාත්තයි, මල්ලියි, අම්මයි හතර දෙනාම පොහොය දොළහටම අටසිල්
සමාදන් වුණා. අද වගේ පෝ දිනක තමා මුනි සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ. උඳුවප් පොහොය
වර්ෂයේ අවසාන පොහොයයි. ලංකාවාසි බෞද්ධ අපට මෙදින විශේෂයෙන් වැදගත් දිනයකි.
දේවානම්පියතිස්ස රජුගේ විදේශ ඇමතිවරයා වූ අරිට්ය ඇමැති දඹදිව ගොස් සිදුකළ සාර්ථක
සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවීමට ධර්මාශෝක
අධිරාජයා එකඟ විය. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන
ලදී.
දීත්ම සජාර ජයසිංහ
02 වන ශ්‍රේණිය, සිරි විමලසිරි ඉංගී්රසි දහම් පාසල,
පොල්පිටිමූකලාන, කඳාන
****
මහියංගණ සෑ රාජයාණෝ
බුද්ධත්වයෙන් නවවන මස ගෞතම බුදුරජාණන් වහන්සේ පළමුවරට මහියංගණයට වැඩම කොට වත්මන්
සෑය පිහිටි ස්ථානයේ අහසෙහි වැඩ සිට යක්ෂයන් දමනය කළ සේක. උන්වහන්සේ සුමන සමන්
දෙව්රජුගේ ඉල්ලීම පරිදි ඔහුට කේශධාතු ලබාදුන් අතර, එවිට දිව්‍යරාජයා බුදුන් වැඩ
සිටි ස්ථානයේ ඉඳුනිල් මිණියෙන් සත් රියන් උස සෑයක් ඉදිකළහ. පසුකලෙක ගී‍්‍රවා ධාතුන්
වහන්සේ නිදන් කොට සරභූ මහරහතන් වහන්සේ පළමු සෑය මැදිවන සේ දොළොස් රියන් උසට චෛත්‍ය
කරවී ය. එමෙන් ම උද්ධ චූලාභය කුමරු එම සෑය තිස්රියන් උසට බැන්දවී ය. දුටුගැමුණු රජු
එය අසූරියන් උස්කොට බැන්දවී ය. වෝහාරතිස්ස, ධාතුසේන, විමල ධර්මසූරිය ආදී රජවරුන්ගේ
කාලවල දී මෙම චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ බව ඉතිහාසයේ සඳහන් වේ.
මොවිදු ලෝචන විතානාච්චි
11 වන ශ්‍රේණිය
ගා/ ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය, බද්දේගම
****
පුන් පොහොය
උඳුවප් පුර පොහොය දිනය උදාවෙයි
සඟමිත් තෙරණිය සිරි ලක්දිව වැඩම කරයි
මහ බෝ අංකුර වට බුදුරැස් විහිදෙයි
බෝ සමිඳුන් පිළිගැනුමට හැම සැරසෙයි
සඟමිත් මෙහෙණි සමගින් පිරිසක් වූවා
දහ අට කුලය යන නම් තැබුමෙන් පිදුවා
අනුලා දේවි කහ සිවුරෙහි පිහිටූවා
ලක්දිව මෙහෙණි සස්නෙහි ඇරඹුම වූවා
සිරිපා මළුව සුදු පිරුවට බබළන්නේ
වැඳුමට නඩ පිරිස යහමින් සැරසෙන්නේ
සීත ගඟුලෙ දිය නා පිරිසුදු වන්නේ
සාධු සාධු බැතිසිත් පෙරදැරි වන්නේ
ලසඳ ඔෂාන් විජයානන්ද
13 වන ශ්‍රේණිය
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය බලන්ගොඩ
****
අරමුණ
බුදු හිමි වඳින්නට වෙහෙරට වඩින විට
සමිඳුන් දෙසනුයේ දම් රස මිහිරියට
දෙසනා මිහිරි දම් රස මගෙ සිත තුළට
අරමුණ නිවන බුදු හිමියනි මෙමා හට
පෝප්පිටියේ දමිතරක්ඛිත හිමි
03 වසර
ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන
මහරගම
****
බුදුසරණ
දන්නා කරුණු පැහැදිලි කරමින් නිතින
ලෝකයෙ වසන මිනිසුන් වෙත දම් බෙදන
යන්නට දහම් මග නිවැරැදි මග කියන
දම් ගුණ සපිරි පහනකි අපේ බුදුසරණ
ඕෂධී කණිකා ශ්‍රී විද්‍යාතිලක
රතනපාල දහම් පාසල
බලංගොඩ
****
උඳුවප් පොහොය
අනුබුදු මිහිඳු නැඟණිය සඟමිත් තෙරණී
ජය සිරි මහ බෝ අංකුර ගෙන පැමිණී
බුදු පහසින් සම්බුදු ගුණ එහි රැඳිණී
ලක්බිම බුදුන් වැඩසිටිනා ලෙස දැනිණී
සිරිලක මෙහෙණි සසුනේ ඇරඹුම වීය
පෑතිස් නිරිඳු බෝ මැඬ රෝපිත දිනය
සිරිපා වැඳුම සමනල කරුණා සමය
බොදු හදවත් පුබුදන උඳුවප් පොහොය
ශකිණි ඉමළුෂා
10 වන ශ්‍රේණිය
ශ්‍රී බෝධිරාජ දහම් පාසල, කතරගම
****
බුදු සමිඳුගේ සෙවණ
පෝයදාට ගමේ පන්සලේ
සාධු සාධු හඬ එක් රැස් වේ
පත්කඩ ගෙන කිරිසුදු පාටින්
සිල් ගන්නා බොදු දරුවෙකි මං
අත්තම්මා ළඟ පන් පැදුරේ
වාඩිවෙලා නිහඬව සිටිමි
පොඩි සාදුගේ බණ දම් අසමින්
හිතෙන් ගෙදර ගොස් ආවෙමි මං
මහආරගම සුදස්සන හිමි
ශ්‍රී සුමන සාමණේර ආයතනය හඳපානාගල
****
වඩිනු මැන හිමියනි
ලක් වැසි දනන් හැම මිසදුටු අඳුරෙ බැඳී
ගස් ගල් අදහමින් පසු වුණ යුගයක දී
සදහම් පණිවුඩය ගෙන අමසුවය දි දී
අනුබුදු පියා හෙළ දෙරණට වඩින ලදී
අනුබුදු පියාණෙනි මෙහි ඔබ නොවඩින්න
දාගැබ් පිළිම කෝ දහමක් පවතින්න
සිදු වී එදා මෙන් ගහ කොළ අදහන්න
අපටත් තිබුණි මොහඳුරෙ වෙළි වෙළි ඉන්න
සිරි සදහම් දියෙන් නාවා සුවඳ වුණා
කෙළෙසයි මෙ පින් බිම ඇතමුන් නොමග යනා
ඒ අය නැවත සුමගට යොමු කරන මෙනා
අනුබුදු පියාණෙනි යළි මෙහි වඩිනු මැනා
සූරියවැව චන්දරතන හිමි
04 වන ශ්‍රේණිය
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙණ ඇඹිලිපිටිය
****
රාහුල මහ රහතන් වහන්සේ
රාහුල කුමරු බුදුපියාණන්ගේ අතේ එල්ලී සුරතල් බස් දොඩමින් දායාද ඉල්ලා විහාරයට ම
ගියේ ය. එහි දී පැවිදි කරන ලෙස සැරියුත් මහා රහතන් වහන්සේට පැවරී ය. හත්වන වියේ පසු
වු කුඩා රාහුල හිමිට අවවාද පිණිස බුදුරජාණන් වහන්සේ රාහුලෝවාද සූත්‍රය දේශනා කළ
සේක. එතැන් පටන් රාහුල හිමි දිනපතා අලුයම නැඟිට වැලි දෝතක් ගෙන ඉහළ දමා අද මට මේ
වැලි කැට ගණනට අවවාද ලැබේවායි පතයි. වයස අවුරුදු දහඅටේදී නුවණ මුහුකුරා ඇති බැව්
දුටු බුදුරජාණන් වහන්සේ චූල රාහුලෝවාද සූත්‍රය දේශනා කළ සේක. එවිට සියලු කෙලෙසුන්
නසා රහත් ඵලයෙහි පිහිටි සේක. පසු කලෙක දී ශික්ෂාකාමී භික්ෂූන් අතර අග තනතුරෙහි
පිහිට වූ සේක.
කිරිඉබ්බන්වැව රාහුල හිමි.
1 වන ශ්‍රේණිය
ශ්‍රී බෝධිලංකාර මූලික පිරිවෙන, කතරගම
සංස්කරණය
නයනා නිල්මිණි |