සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ
සියවසක අභිමන්
සමස්ත ලංකා බෞද්ධ මහා
සම්මේලනයේ
සභාපති
|
ශාසන සනාතන ශතකාභිමානය
|
ජගත් සුමතිපාල
" අභිමානවත් බෞද්ධ දේශය සුරැකීමේ මහඟු කර්තව්‍යයට අත් පොත් තබමින් 1919 වර්ෂයේ
උඳුවප් මස ආචාර්ය සී. ඒ. හේවාවිතාරණ මහතාගේ මූලිකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා
සම්මේලනය ආරම්භ කෙරිණි"
අසිරිමත් මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාද්වීපය ධර්මද්වීපයක් බවට පත් විය. ශ්‍රී
ලංකාද්වීපය බටහිර ජාතීන්ගේ බලපෑමට ලක්වීමත් සමග ම සිංහල ජාතියට හා බුදු දහමට අත්
වූයේ ඛේදනීය තත්ත්වය කි.
විජාතිකයන්ගෙන් මව්බිම ත්, සම්බුද්ධ ශාසනය ත් බේරාගෙන අනාගත පරපුරට නිර්මල බුදු දහම
සුරක්ෂිත කරලීමේ වගකීම එවකට සිටි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක්
පිරිසට ම පැවරිණි. එකී අභිමානවත් බෞද්ධ දේශය සුරැකීමේ මහඟු කර්තව්‍යයට අත් පොත්
තබමින් 1919 වර්ෂයේ උඳුවප් මස ආචාර්ය සී. ඒ. හේවාවිතාරණ මහතාගේ මූලිකත්වයෙන් සමස්ත
ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කෙරිණි. ලෝකවාසී බෞද්ධ ජනතාව එකම සංවිධානයක් යටතේ
එක්සත් කරමින් ලෝ පතළ බුදු දහම සුරක්ෂා කිරීම බෞද්ධ මහා සම්මේලනයේ ඒකායන අරමුණ විය.
එහි පළමු සාකච්ඡාව ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ ආනන්ද
විද්‍යාලයේ දී පවත්වන ලදී. සම්මේලනය සමාරම්භයේ දී ශ්‍රී ලංකාව පුරා පිහිටුවා ඇති
තරුණ බෞද්ධ සංගම්හි කටයුතු ක්‍රමානුකූල ව හා විධිමත් ව පවත්වාගෙන යෑමට අවශ්‍ය
කටයුතු සිදු කළහ. පසුකාලීන ව බෞද්ධ මහා සම්මේලනයේ අරමුණු හා පරමාර්ථයන් පුළුල් විය.
එම පරමාර්ථ අතර,
බුද්ධ ධර්මය හා බෞද්ධයන්ගේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම, ආරක්ෂා කිරීම
සහ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් මෙන්ම වරප්‍රසාද ආරක්ෂා කිරීම,
බෞද්ධයන් හා බෞද්ධ සංගම් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම,
බෞද්ධ ජනතාව නියෝජනය කිරීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට බලපාන පොදු කාරණා සම්බන්ධයෙන්
ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරීම,
බෞද්ධ ජනතාවගේ ළබැඳීයාවන්ට බලපාන ඕනෑම කරුණක් පිළිබඳව නොමිලයේ සාකච්ඡා කිරීම, බෞද්ධ
පුණ්‍ය කටයුතු සිදු කිරීම, එම අරමුණු සඵල කර ගැනීම සඳහා බෞද්ධ මහා සම්මේලනය ආරම්භයේ
සිට වර්තමානය දක්වා අප්‍රතිහත ධෛර්යකින් හා කැපවීමකින් කටයුතු කළ අය බොහෝ වෙති.
සියවස ක් පුරා ආ ගමන් මගෙහි වැටුණු නැගිටුණු තැන් බොහෝ ය. ඒ සෑම අවස්ථාවක ම නොබිය ව
සිංහල ජාතියේත් , සම්බුද්ධ ශාසනයේත් අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්නට බෞද්ධ මහා
සම්මේලනයේ ආරම්භයේ සිට මේ දක්වා වරින් වර සභාපති ධූරත්වය හෙබවුවෝ පසුබට නොවූ හ. ඒ
උත්තුංග චරිත අතර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා - වර්ෂ 1919 - 1920, දොස්තර ඩබ්.
ආතර් ද සිල්වා මහතා - 1920 - 1921 , දොස්තර සී.ඒ. හේවාවිතාරණ මහතා - 1922 - 1923 ,
ඇෆ්.ආර්. සේනානායක මහතා - 1923 - 1924 , ශාස්ත්‍රාචාර්ය.ජී.දඑස්. කුලරත්න මහතා -
1924 - 1925 , සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා - 1925 - 1926 , ඇස්. ආර්.
විජේමාන්න මහතා - 1926 - 1927 , එම්. එස්. ජයතිලක මහතා - 1927 - 1928 , ශ්‍රීමත්
ෆැන්සිස් මොලමුරේ මහතා - 1928 - 1929 , ඩී. සී. සේනානායක මහතා - 1929 - 1930 ,
පී.ඩී. නුගවෙල දියවඩන නිලමේතුමා - 1930 - 1931 , පී. රොබට් ද සොයිසා මහතා - 1931 -
1932
, සී. බටුවන්තුඩාවේ ඇමතිතුමා - 1932 - 1933 , එච්. ශ්‍රී නිශ්ශංක මහතා - 1933 -
1934 , එල් . එච්. මෙත්තානන්ද මහතා - 1934 - 1935 , ජී.කේ.ඩබ්. පෙරේරා මහතා - 1935
- 1936 , එච්.ඩබ්. අමරසූරිය මහතා - 1936 - 1939 , මහාචාර්ය ජී. පි. මලලසේකර මහතා -
1939 - 1958 , ශාස්ත්‍රාචාර්ය.පී.දඑස්. කුලරත්න මහතා - 1958 - 1959 , ජයවීර
කුරුප්පු මහතා - 1959 - 1960 , ශ්‍රිමත් ලලිත රාජපක්ෂ මහතා - 1960 - 1964 , එච්.
ඩබ්. අමරසූරිය මහතා - 1964 - 1969 , මහාචාර්ය ජී. පී. මලලසේකර මහතා - 1969 - 1973 ,
එච්. ජිනදාස සමරක්කොඩි මහතා - 1973 - 1975 , දේශබන්දු ඇල්බට් එදිරිසිංහ මහතා - 1975
- 1977 , ශ්‍රිමත් සෙනරත් ගුණවර්ධන මහතා - 1977 - 1981 , මහාචාර්ය ඇල්.ජී. හේවගේ
මහතා - 1981 - 1982 , දේශබන්දු ඇල්බට් එදිරිසිංහ මහතා - 1982 - 1984, මහාචාර්ය ඇම්.
බී. ආරියපාල මහතා - 1985 - 1987 , සෙන්පති ජෝර්ජ් රණතුංග මහතා - 1987 - 1990 ,
ආචාර්ය කේ.ටී.ඩබ්. සුමනසූරිය මහතා - 1990 - 1991, මහාචාර්ය ඇම්.බී. ආරියපාල මහතා -
1991 - 1992, ආචාර්ය කේ.ටී.ඩබ්. සුමනසූරිය මහතා - 1992 - 1993, ඩඩ්ලි ගුණසේකර මහතා
- 1993 - 1994, ආචාර්ය කේ.ටී.ඩබ්. සුමනසූරිය මහතා - 1995 - 1996, ආචාර්ය සුදත්
දේවපුර මහතා - 1996 - 2000, ආචාර්ය මිලිනා සුමතිපාල මැතිණිය - 2001 - 2005, ජගත්
සුමතිපාල මහතා - 2006 - 2014, ආචාර්ය ප්‍රණිත් අභයසුන්දර මහතා - 2015 ආදී සුවිශේෂී
පුද්ගලයන් පිළිබඳ ව සඳහන් කළ යුතු ම ය. මොවුන් විවිධ අවස්ථාවන්හි දී බෞද්ධ
මහාසම්මේලනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා ලද තීරණ සහ සිදු කරන ලද සේවාවන්
අතිමහත් ය. වසර සියයක් තරම් දිගු කාලයක් තුළ දේශීය හා විදේශීය වශයෙන් මුළු මහත්
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වීමට බෞද්ධ මහා සම්මේලනයට හැකි වූයේ එදා
මෙදා තුර ඔවුන් සිදු කළ නොවක් මෙහෙවර නිසා ම ය.
බෞද්ධ මහා සම්මේලනයට සියවසක ඉතිහාසයක් අභිමානවත් ව සැමරීමට හැකියාව ලැබීමෙන් ම
පෙනීයන්නේ එහි ඇති සුවිශේෂත්වය යි. සඵලදායී ලෙස සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා
විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය වන පරිදි සම්මේලනයේ ජාතික සභා කිහිපයක් පිහිටුවා ඇත. එම
ජාතික සභා මගින් සුවිශේෂ සේවාවන් රාශියක් සිදු කරනු ලබයි. ඔවුන් වර්තමානයේ ආගමික හා
සංස්කෘතික කටයුතු, තරුණ ක්‍රියාකාරකම්, සාමාජික සංවර්ධනය, ප්‍රචාරණය, පර්යේෂණ සහ
ජාත්‍යන්තර කටයුතු සඳහා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇත. මෙම සියලු සභාවන්
නිරන්තරයෙන් රැස් වී සමාජ, අධ්‍යාපන, සුබසාධන කටයුතු සංවිධානය කිරීම සහ ප්‍රවර්ධනය
කිරීම වෙනුවෙන් කැප වී ක්‍රියා කරනු ලබයි.
මේ වන විට බෞද්ධ මහා සම්මේලනය මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එම
ව්‍යාපෘති අතරින් රට පුරා ඉදිකර ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන මගින් සිදුවන සේවය
අපරිමිත ය. දෙමාපිය රැකවරණය අහිමි දැයේ දූ දරුවන්ට ආරක්ෂාව, රැකවරණය සහ පෝෂණය ලබා
දෙමින් ඔවුනට නිසි අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් රට පුරා ළමා සුරැකුම් නිවාස
දහසයක් මේ වන විට බෞද්ධ මහා සම්මේලනය මගින් පවත්වාගෙන යනු ලබන්නේ පරිත්‍යාගශීලීන්ගේ
සහයෝගය ද නිතැතින් ලබා ගනිමිනි. එමෙන්ම බෞද්ධ මහා සම්මේලනය මගින් මේවන විට ජ්‍යෙෂ්ඨ
පුරවැසි නිවාස සහ ගිලන් භික්ෂු විවේකාශ්‍රම ගණනාවක් ම පවත්වාගෙන යනු ලබයි. අධ්‍යාපන
ශිෂ්‍යත්ව, වෘත්තීය පුහුණු, ආපදා සහන, පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමේ
වැඩසටහන් ආදී විශේෂ ව්‍යාපෘති රැසක් මේ වන විට බෞද්ධ මහා සම්මේලනය මගින් සිදු කරනු
ලබයි.
සියවසක් සපිරෙන මේ මොහොතේ බෞද්ධ මහා සම්මේලනය මගින් සිදු කර ඇති සහ සිදු කරමින්
පවතින සේවාවන් මෙතැකැයි මෙවන් සඳහනකින් ලඝු කොට දැක්වීම අතිශය අපහසු කර්තව්‍යය කි.
නමුත් බෞද්ධ මහා සම්මේලනය මගින් දෙස් විදෙස් හි බුදු දහම නගා සිටුවීමට සහ ආරක්ෂා කර
ගැනීමට සිදු කර ඇති සේවාවන් පිළිබඳ ව ඉතා සංෂිප්තයෙන් වුව ද සඳහන් කළ යුතු ය.
මෙම ලිපියෙහි තවත් කොටසක් උඳුවප් අවඅටවක පෝදා ( දෙසැම්බර් 19 වනදා ) පත්‍රයේ පළවේ
- ආර්. ඉසංකා දමයන්ති වික්‍රමසිංහ |