තුන් සිත පහදවා දුන් දානයෙහි අනුසස්
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය
අලහේනේගම සුමනරතන හිමි
බුද්ධ වචනය රැගෙන ලංකාද්වීපයට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ රාජ රාජ මහා මාත්‍ය, සෑම
සාමාන්‍ය ජන කොට්ඨාසයක ම පුද්ගලයන්ට පෙන්වාදුන් දාන ධර්ම ආභාසය කරණකොටගෙන අද්‍යතන
වුව ද, සැදැහැතියෝ, පිරිසුදු සිතින් යුක්තව දාන මාන ආදියට නොමැළිව පෙළඹී සිටිති.
බුද්ධ කාලයේ පවා ආර්ථික අතින් බෙලහීන වුව ද, පරිත්‍යාගශීලීන් ලෙස ක්‍රියා කළ ආකාරය
වර්තමානයේ පවතින සාරවත් බණ පොත්වලින් උගත හැකි ය. ඇති නැති රටවලින් ආර්ථික අතින්
දුබල රටවලටම අදටත් ආධාර උපකාර කරන බැව් පෙනෙයි. ගම්පොළ රාජධානී සමයෙහි ජයබාහු
ධර්මකීර්ති මා හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරය නමැති ධර්ම ග්‍රන්ථයේ
අන්තර්ගත බුද්ධ වම්ම නමැති දැහැමි වූත්, අහිංසකවුත්, වෙළෙන්දාගේ පරිත්‍යාගය පහත
සඳහන් ධර්ම කතාවෙන් විමසා බැලිය හැකි ය.
පුරාණ භාරතයේ දඹදිව පැලලුප් නුවර වෙළඳාම් කොට ජීවත්වුණ සාධාරණ, ධර්මිෂ්ට,
ශ්‍රද්ධාවන්ත වෙළෙන්දෙක් ජීවත් විය. තවත් වෙළෙන්දෙක් ද එක්කාසු කරගෙන අතිශය
සාධාරණය, ඉටු කරමින් එරට ලොකු කුඩා ගම්දනව්හි කරත්තවල එහා මෙහා සංචාරය කරමින් බඩු
බාහිරාදිය මිලට දුන්හ. දුෂ්කරතා විඳ දරාගෙන ගමන් කළහ. මෙකල අප භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ ද, සංඝරත්නය දහස් ගණනක් පිරිවරාගෙන දුකින් පෙළෙන අසරණ මහජනයාට ධර්මය දේශනා
කරමින් සංසාරයෙන් එතෙර වීමට උදව් කරමින් රජගහනුවර සිට මහමග වඩින සේක. බුද්ධවම්ම
වෙළෙන්දා ද, අනෙක් වෙළෙඳ සමූහයත් සමඟ වෙළෙඳාම සඳහා එම මහ මග ගමන් ගත්තේ ය. දෙතිස්
මහ පුරුෂ ලක්ෂණ විහිදුවා ස්වර්ණ පර්වතයක් ලෙසින් දස දෙස බැබළුවමින් වඩින
භාග්‍යවතුන් වහන්සේ දැක පස්වනක් පී‍්‍රතියෙන් පිනාගොස්, දොහොත් මුදුන් තබාගෙන ආදර
ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට අද සවස් භාගයේ දී අපගෙන් දන් වැළඳුව
මැනවැයි බුද්ධවම්ම වෙළෙන්දා ආරාධනා කළේ ය.
එවිට බුදුරජාණන් වහන්සේලා සවස් කාලයේ විකාල භෝජනයෙන් වළකින හෙයින්, වෙනත් දෙයක්
සුදුසු බවට වදාළ සේක. එනම්, අෂ්ටවිධ පාන සුදුසු බව තහවුරු කළ සේක. එම අෂ්ටවිධ පාන
කවරේද? යනුවෙන් අසන ලද කල එම අෂ්ටවිධපානයන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්සේක.
එවිට අතිශයින් සතුටට පත් වෙළෙන්දා මිදිගෙඩි මිරිකා උක් හකුරු සමඟ බුදුපාමොක් මහ
සඟනට පිළිගැන් වූහ. එහිදී, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ගිලන්පස දානය පිළිගැන්වීමට
පෙරත්, පිළිගන්වන අවස්ථාවේදීත්, පිළිගැන්වූ පසුවත්, වෙළෙන්දාගේ සිත ශ්‍රද්ධාවෙන්
පිනාගියේ ය. භික්ෂූන් වහන්සේලා සමඟ ගිලන්පස වැළඳූ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාකොට
පින් පමුණුවා ගමනෙහි වැඩියහ. වෙළෙන්දාද බුදුරදුන් පසු පස ගමන් කොට දොහොත් මුදුන් දී
වැඳ පුදා ආ පසු අවුත්, අනෙක් වෙළඳුන් සමඟ වෙළෙඳාමේ යාමට පිටත් වූහ. ක්‍රමයෙන් ගම්
බිම් පසුකරමින් වෙළෙඳාම් ගමන් කරන අතර, ඉක්බිතිව මහා කාන්තාර ප්‍රදේශයකට පැමිණියේ
ය. මේ අතර සියලුම වෙළෙන්දන්ගේ කරත්තවල පලතුරු යුෂ අවසන් විය. අන්තිමට උගුර තෙමා
ගැනීමට දිය බිඳකුදු එහි නොවී ය. තවදුරටත් ගමන් කළ පිරිස ගැල් නවතා දමා දිය
පිපාසයෙන් පෙළෙන්නට වූහ. ප්‍රධාන වෙළෙඳ නායකයා අහම්බෙන් හෝ දිය පොදක් ඇත්දැයි ගැල්
පරීක්ෂා කරද්දී. ඒ අතර සිටි තවත් එක් වෙළෙන්දෙකුගේ කරත්තයේ පැන් පොදක් ඇති බවට හඬක්
නැගිණි. නායක වෙළෙන්දා එහි ගොස් භාජනයක මූඩිය හැර පරීක්ෂා කළ විට බඳුන මිදි යුෂයෙන්
පිරී පැවතින. නායක වෙළෙන්දා මිදි යුෂ කෙතරම් පානය කළද, එහි අඩුවක් නොවී ය. බඳුන
මිදි යුෂයෙන්ම පිරීම පැවතින. ඔහු ටික දිනකට පෙර බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට
එදා පිළිගැන්වූ හකුරු සහිත මිදි යුෂ ගිලන්පස මතක් විය. එදා පිදුම් ලද ගිලන්පසවල
මධුර රසයම වෙළෙන්දාට දැනෙන්නට විය. අනෙක් වෙළෙන්දන්ට ද, වහා කතාකොට පැන් පානය
කිරීමට දුන්නේ ය. අතිශය මිහිරි වූ පැන් පානය කළ වෙළෙඳුනට දැනුනේ අතිශය මිහිරි පානයක
බලවත් වූ රසෝජයකි.
වර්තමානයේ වුවද, ශ්‍රද්ධාසම්පන්න ව විත්තප්‍රසාදයෙන් තුන්සිත පහදවාගෙන ප්‍රදානය
කිරීම කෙතරම් අගනේ ද? සමහර අවස්ථාවල දිට්ඨධම්ම වේදනීය වශයෙන්ම එහි ආනිශංස ගෙන
දෙන්නේ ය. බුද්ධවම්ම වෙළෙන්දා දීමෙහි ලැබූ ආශ්චර්යය ප්‍රකාශ කළේ ය. පී‍්‍රති
ප්‍රමෝදයෙන් සිත පිනාගිය වෙළෙන්දා තමා සමඟ ගිය වෙළෙඳුනට බෙදා දුන්නද, මිහිරි පානය
බෙදා නිම කළ නොහැකි විය. අනතුරව අසල්වාසීන්ගේ පැන් පවස නිවා දැමීමට ක්‍රියාකළ ද,
මධුර පැන් පානය නිමා කළ නොහැකි විය. සාධු සිතින් දන් දීමෙන් ඔද වැඩීගිය බුද්ධවම්ම
වෙළෙන්දා චිත්තප්‍රසාදයෙන් මගට පිළිපන්නේ ය. තමන්ට සිදුවූ මහත් ලාභය සිහිපත් කළ
වෙළෙන්දා ආපසු සමීපයේ ඇති වෙළුවන විහාරයට ගොස් පි‍්‍රයංකර වූ බුදු සමිඳුන් හමුවී
එකත් පසක වාඩි වූහ.
හේමමාලා රන්දුනු |