
25 - කොටස
චතුත්ථි විභක්තිය (පළමු කොටස)
චතුත්ථි විභක්තිය යනු සතර වන විභක්තිය යි. අප පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ
බුද්ධයෙන් යමෙකුට යමක් දෙයි ද ඒදෙන දේ ලබා ගන්නා තැනැත්තා චතුත්ථි විභක්තියෙන්
තබයි. සො යාචකාය ඔදනං දදාති. ( ඔහු හිඟන්නාට බත් දෙයි) මෙහි ‘යාචකයා’ (හිඟන්නාට)
යනු චතුත්ථි විභක්ති පදයකි. ඔහු හිඟන්නාට බත් දෙයි. එහි බත් ලබා ගන්නේ හිඟන්නා ය
එනිසා එම පදය චතුත්ථි විභක්තියෙන් තබා ඇත. මේ ආකාරයට අපි චතුත්ථි විභක්ති පද සාදා
ගන්නා ආකාරය විමසා බලමු.

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The
BuddhistTV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය
වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. Magadhi(මාගධී) හෝ
Kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න. |