ත්‍රිපිටක දහම-16 :
මිථ්‍යාව එපා
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
ඔබ රැකියාව කරන තැන සිට ඔබ ගෙදරට යන්නට පිටත් වෙනවා. ඔබ ගෙදරට යන්නට පිටත් වෙන විට
ඔබ පිටත් වන්නේ ගෙදරට යාමේ අදහසින්. හදිසියේ හෝ ඔබේ කයත් රැගෙන ගෙදරට යන්නට බැරි
තත්ත්වයකට පත් වුණොත්, ඔබට සිද්ධ වෙනවා, ඒ කය අත හැරදාලා ඔබ බලාපොරොත්තු වන ගේ
විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්ධි වශයෙන් යන්න. එවිට ගේ කියන තැන ඔබට හොඳ නිමිති
තියෙන්න පුළුවන්. අකුසල හේතු යෙදෙන්නත් පුළුවන්.
හොඳ හේතු යෙදුණොත්, හොඳ තැනක ප්‍රතිසන්ධි වශයෙන් යයි. නරක හේතු යෙදුණොත් නරක තැනකට
ප්‍රතිසන්ධි වශයෙන් යයි. හැබැයි, මෙතැන තියෙන ගැටලුව වන්නේ, අපි ගෙදර බලා යනවා කියන
විට, ඔබ සිතින්ම ගෙදර කියන දෙය ආවර්ජනා කරලා, ස්කන්ධ ටිකකට ඔබ ගෙදර කියා සිතා ගෙදර
ගැන ආශා වුණේ, ගෙදරට තණ්හා කරනවා යනුවෙන් තණ්හා කළේ, ගේ කියන දේ විඳින්න පුළුවන්
තමන් කරගත්ත ස්කන්ධ ටිකකට යි.
ගෙදරට කැමැතියි කියන දෙය ඔබට යෙදුණේ, තමන් කරගත්ත ස්කන්ධ ටිකකට කැමැති යි යනුවෙන්.
එවිට ඔබ ගේ තමන් කරගත්තේ ස්කන්ධ ටිකකට තියෙන කැමැත්තෙන්. ඒ කැමැත්තට විපාකය ඔබට
ලබන්න පුළුවන්කම තියෙනවා. ගේ කියන දෙයට යි, ඔබ කැමැති වුණේ. කොටින්ම ගේ විඳින්න
පුළුවන් තමන් කරගත්ත ස්කන්ධ ටිකකට. ඒ ස්කන්ධ ටික නැවත ලබා ගන්න පුළුවන් විදිහේ
තණ්හාවක් ඔබ සිද්ධ කළේ. නමුත් ගේ විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්ධි වශයෙන් යනවා.
ලෝභ , ද්වේශ, මෝහ අනුව ගිහින් තිබුණොත් එය තිරිසන්ගත භාවයක් හෝ ප්‍රේත ලෝකයක් හෝ
වෙන්න පුළුවන්.
අලෝභ, අදෝශ, අමෝහ යෙදී තිබුණොත්, එය කුසල භූමියක ආත්ම භාවයක් වන්නට පුළුවන්. එවිට ඒ
දේ කෙසේ වෙතත්, මෙතැන තියෙන ස්වභාවය පිළිබඳ ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා,
මෙතැන නිදානට්ඨෝ යනුවෙන් සඳහන් කළේ කුමන හේතුවක් නිසාද? නැවත ප්‍රතිසන්ධියක් ලබා
දෙන්න, නැවත මේ දුක උපදවන්නට හේතුවක් බවට පත් වුණේ, මේ කියන සමුදය සත්‍යය. ස්කන්ධ
ටිකට කරන තණ්හාව. තණ්හාව නිසා නැවත, නැවත බීජ සකස්කරනවා. අපි ඕනෑ වේලාවකට මේ දුක
නමැති ඵලය ගෙනත් දෙන්න පුළුවන් බීජ නිෂ්පාදනය සිද්ධ කරනවා. එවිට මේ හුදු දුක් රැසේ
නතර නොවී එක දිගටම පැවැත්ම කියන කාරණාව සිද්ධ වෙනවා. එය සඳහන් කරනවා, සමුදය සත්‍යයේ
ඇති නිදානට්ඨෝ , නිදානාර්ථය යනුවෙන්.
මෙලෙස සමුදය සත්‍යයේ සංයෝගට්ඨෝ තියෙනවා, සංයෝගාර්ථයක්. එනම්, අප සෑම විටම එකතු කරලා
පවත්වනකම යි. සංයෝගාර්ථය, අපට එකතු කරලා, සංයෝග කරලා , බදලා, බැඳලා, එකට පවත්වනකම
යි. අපට ස්කන්ධ ධර්මතා සමූහය හටගෙන නිරුද්ධ වෙන දෙයක්. නිරුද්ධ වන බව පෙන්වන්නේ
නැහැ, එක දිගටම පවතින දෙයක් ලෙස අපට මේ සියල්ල රාශිකර පෙන්වනවා. අපට හමුවන්නේ කුඩා
කාලේ සිට අප දන්නා අපේ ආදරණීය දරුවා. කුඩා කල සිට හමුවන ආදරණීය දරුවා කියනකම
කවදාකවත් අපට රූපයෙන් ගේන්නෙත් නැහැ. හැබැයි, අපේ සිතේ තියෙන ටික සහ වර්තමාන පෙනෙන
රූපය කියන මේ ආරම්මණය තුළ උපදින දේ කියන මේ සියල්ල එකට එකතු කරලා, තමයි, අපට ගෙනත්
දෙන්නේ , මේ එන්නේ ‘ආදරණීය දරුවම යි’ යනුවෙන්. සියල්ල එකතු කරනවා. එවිට, මේ රැස්කර
ගන්නාකමේ ඇති ලක්ෂණය තමයි, මේ සංයෝග කරනකම, එනම්, සංයෝග කරන මේ ලක්ෂණය යි.
තවත් අර්ථයක් තියෙනවා, පලිබෝදට්ඨො යනුවෙන්. මෙය පලිබෝධාර්ථයක්. එනම් අප දන්නවා,
යම්කිසි වගාවකට අප පලිබෝධ නාශක සම්බන්ධයෙන් එනම්, උවදුරු මැඩලීම සඳහා අප ගන්නා
දෙයක්. එවිට පලිබෝධ යනු උවදුරු යි. පලිබෝදට්ඨෝ යනුවෙන් සඳහන් කරද්දී පලිබෝධ
ස්වභාවය එනම්, යථාර්ථය පෙන්වීමට පලිබෝධයි යනු යි. යථාර්ථය වළක්වනවා. ස්කන්ධ ටික
පෙන්වන්නේ නැහැ. ස්කන්ධ ටික නොපෙනෙන ලෙස ගාපු සත්ත්ව, පුද්ගල ප්‍රඥප්තිය නමැති
තීන්තාලේප වලින් ආලේප කළ ලස්සන පින්තූර අපට පෙන්වනවා. එනම් සත්ත්වයෝ, පුද්ගලයෝ ,
යාන වාහන, ගේ දොර, ආදියෙහි ස්කන්ධ ටික නොපෙනෙන ලෙස තීන්තාලේප කළ ඒ ලස්සන රූප ටික
අපට පෙන්වනවා, යථාර්ථය වළක්වලා. එවිට යථාර්ථය පෙන්වීමට පලිබෝධයක් තමයි, මේ සමුදය
කියන ලක්ෂණය නිසා පලිබෝදට්ඨෝ යනුවෙන් ලක්ෂණයට කියනවා.
එයට අමතරව පහානට්ඨො යනුවෙන් සඳහන් කරනවා ප්‍රහාණය කළ යුතු බව. සමුදය සත්‍ය තියෙන්නේ
තියාගෙන ඉන්න නො වෙයි, ප්‍රහාණය කළ යුතු යි. දුක ගැන අප සඳහන් කළා, පරිඤ්ඤය්‍යට්ඨෝ
යනුවෙන්. දුක පිරිසිඳ දැකිය යුතු දෙයක්. ස්කන්ධ ටික ප්‍රහාණය කළ යුතු නැහැ. එය
පිරිසිඳ දැකිය යුතු යි. නමුත් සමුදය සත්‍ය ගැන කතා කරන විට, සමුදය සත්‍ය ගැන අප කතා
කරන්නේ, සමුදය සත්‍ය පහානට්ඨෝ ප්‍රහාණය කළ යුතු දෙයක් . එය ඉවත් කරන්නට අවශ්‍ය යි,
අයින් කළ යුතු යි. ඒ නිසා සමුදය සත්‍ය ගැන සඳහන් කිරීමේ දී අපට ආයූහනට්ඨෝ,
නිදානට්ඨෝ , සංයෝගට්ඨෝ , පලිබෝදට්ඨෝ , පහානට්ඨෝ යන මේ අර්ථයන්ගෙන් කතා කරන්නට
පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපට මේ අර්ථයන්ගෙන් දුක සහ දුක්ඛ සත්‍ය , සමුදය සහ සමුදය
සත්‍ය ආදී මේ කාරණා දෙක වෙන් කර ගැනීමේ දී චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කරගන්නට
පුළුවන්කම තියෙනවා.
එසේනම්, අපට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ආශ්‍රයෙන් කතා කරන විට, මිථ්‍යා දෘෂ්ටි
මතවාදවලට යොමු නොවී අපට පුළුවන්, නිවැරැදිව කෙසේද? චතුරාර්ය සත්‍ය ධර්මයට අප ධර්ම ,
විනය ගළපන්නේ යනුවෙන් අපට අදහස් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඉතිරි කාරණා
ටික නිරෝධ සහ නිරෝධ සත්‍ය වශයෙන් ද මාර්ගය සහ මාර්ග සත්‍ය වශයෙන් ද සඳහන් කරන්නට
පුළුවන්කම තියෙනවා.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |