සිඛවළඳ විනිසෙන් විද්‍යමාන වන භික්ෂු සෞඛ්‍යය හා ස්වස්ථතාවය
සරභඤ්ඤ විශාරද ශ්‍රී සාරානන්ද
ත්‍රිපිටක විශාරද
ඉඳුරාගාරේ විපස්සි හිමි
විනය නීති සංග්‍රහයක් වශයෙන් මහත් වැදගත්කමක් උසුලන සිඛවළඳ විනිස භික්ෂු සංඝයා
විසින් ජනාදරයට පත්වූවකි. මුල් සිඛ, සිඛ වළඳ හා සිඛවළඳ විනිස එකම කතුවරයකුගේ බව
සිඛවළඳ විනිසේ අවසානය දැක්වේ. එහි භාෂාවත් බොහෝ සෙයින් සමාන වේ. එසේ හෙයින් මේ
පුස්තකත්‍රය සමකාලීන බව පිළිගනියි.
සිඛ වළඳ හා එම විනිස ග්‍රන්ථයෙහි රචනා කාලය සිව් වන මිහිඳු ( ක්‍රි.ව. 957- සිට
970) පූර්ව කාලයක් විය යුතු බවට විද්වතුන් මත පළ කළ ද මේ ග්‍රන්ථ තුනේම කර්තෘත්වය
හිමි වන්නේ මහා සාමි නම් තෙර නමකට ය.
සිඛ වළඳ විනිසෙහි සංග්‍රහ වන්නේ සතර පරිජි, සත් සඟ වෙසස්, තුදුස් නිසැඟි එක් සාලිස්
පචිති, පචිති පකිණ්ණක යන ශික්ෂා පදයෝ ය. මීට අමතර වත්ත පටිග්ගහණ, අධිට්ඨාන –
පච්චුද්ධාරණ යන කරුණු ඇතුළත් කොටසක් ද, පොහෝ පවුරුණුූ විධි, වස් විසීමේ විධි,
සචිත්තක අචිත්තක විනිස යන කාණ්ඩ තුනක් ද ඇතුළත් වෙයි. ලාංකීය භික්ෂූන් විසින් සිඛ
වළඳ කෘතිය මැනවින් අධ්‍යයන කළ යුතු වූ බැව් මහා පරාක්‍රමබාහු රජුගේ ගල් විහාර
ලිපියෙහි සඳහන් “ග්‍රන්ථ ධුරයෙන් වැඩියක් කොට ගත නොහෙන අන්තේවාසික සද්ධිවිහාරිකයන්
ලවා මුල් සිඛ සේඛියා වනපොත් කරවා සිඛ වළඳ විනිස අස්සවා” යන්නෙන් පැහැදිලි ය . මෙම
කෘති පරිශීලනය අන්තේවාසික හා සද්ධිවිහාරිකයනට වඩාත් උචිත සේ සැලකිණි.
සාමණේර භික්ෂූන් සඳහා වූ හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස ඉතා වැදගත් ය. හෙරණසිඛ පාලි
කෘතියක පරිවර්තනයකි. මුල් පාලි කෘතිය අවිද්‍යමාන වෙතත්, එය චුල්ල වග්ගය ආශ්‍රයෙන්
සකස් වූවකි. සිංහල කෘති දෙක 12-13 සිය වස්වලට අයත් සේ සැලකේ. මේ හැරෙන්නට පොළොන්නරු
යුගයේ විරචිත විනය සන්නයත් කාලය අවිඥාතය, විනය ගාථා සන්නය හා ප්‍රාතිමෝක්ෂ සන්නයත්
ඉහත සඳහන් කළ දඹදෙණි යුගයේ බිහිවූ වන විනිස සන්නයත් විනය පිළිබඳ යටකී උනන්දුව
බෙහෙවින් විදහා දක්වයි.
මෙම පුස්තකයෙහි ඇති සිඛ පද ශාසනික අර්බුද හා පිළිවෙත් පිළිබඳ ව ගැටලු විසඳා
භික්ෂූන්ට උචිත සමාජ චරියාව, සිවුරු පිරිකර භාවිතය, ගිලානපත්‍ය හා ආචාර ශීලි බව
ඇතිකර මනා භික්ෂුවක් ගොඩ නැංවීමට ඉවහල් වේ.
මුඛ පවිත්‍රතාවය ( දත් මැදීම)
මුඛයේ පවිත්‍රත්වය සහ මුඛය මනාව පවත්වාගෙන යාමේ වැදගත්කම බෞද්ධ පොත පතෙහි සඳහන් වේ.
බුදු දහමට අනුවත්, ඇතැම් වෛද්‍ය ක්‍රමවලට අනුවත් දත් මැදීම සඳහා වඩා යෝග්‍යය යැයි
සැලකෙන්නේ දැහැටි ය.
“මහලු සම්බ්‍රහ්මසරුන්ට වත් දක්වා දැහැටි දිය දී
“දැහැටි දිය තබා සෙසු නොපිළිගුන් වතත් පිරඟලා කෙරේ නම්”
යම් භික්ෂුවක් දැහැටිය දිය හැර නොපිළිගත් සෙසු වස්තුවක් වැළඳීම් කරයි නම් පචිති
ඇවැත් වේ.
“වඩු අඟලෙන් අටගුලෙන් දිග දැහැටි කා නම්”
බෞද්ධ මතයට අනුව දත් මැදීමට ගන්නා ලී කෝටු අඟල් 6 ක් පමණ විය යුතුයැයි සැලකේ. එය
සුළගිල්ල තරම් මහත් විය යුතු අතර එහි කෙළවර මනා සේ මෘදු කොටගෙන, විදුරුමස් නොගෑවෙන
සේ පාවිච්චි කළ යුතු ය. එසේම දත් මැදීමේ අනුසස් පහක් ද, නොමැද සිටීමෙන් ඇතිවන
ප්‍රතිඵල පහක් ද බුදු දහමෙහි අවධාරණය කරයි. එනම් ඇසට පි‍්‍රයවීම, දුර්ගන්ධය පහවීම,
ඕජාව පතුරුවන නහර ශුද්ධ කිරීම, වා පිත්, සෙම් නිසි ලෙස ක්‍රියාකිරීම, ආහාර රුචිය
ඇතිවීම ආදි වශයෙන් යහපත් ආනිශංස පෙන්නුම් කරයි. දත් මැදීමේ දී දැහැටි වර්ග සකස්
කරගත යුතු ආකාරයත්, ඒවා ඖෂධීය ගුණයකින් යුතු බවත් බුදු දහම අවධාරණය කරනු ලැබේ’ |