[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පළමු රහතන් වහන්සේ සැට නම
ධර්ම ප්‍රචාරයට ගමනාරම්භ කිරීම

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

ඇහැටුවැව ගල්කඩවල ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයේ සිදු කළ අසිරිමත් කඨින පින්කම

රට පුරා සෑම විහාරස්ථානයක ම වස්සාන සමයෙහි කඨින පින්කම් සිදු වෙද්දී සතර පේරුවේ දායක කාරකාදීන් ට නිවන් මඟ විවර කරමින් රාජ්‍ය ආයතනයක් මුල් තැන ගනිමින් සිදු කළ අසිරිමත් කඨින පින්කමක් දකින්නට ලැබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ විටෙක වන අලින්ගෙන් නේක හිරිහැර විඳින, තවත් විටෙක නියං සායෙන් පීඩා විඳින, එසේ මුත් දැහැමින් ගොවිතැන් බතින් දිවි ගෙවන ගැමි ජනතාවක් වෙසෙන ප්‍රදේශයකට මහජන සේවය සපයන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. මීට තෙමසකට පෙර ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ආර්.ඩබ්ලිව්.ආර් වැලිපිටිය මහතා විසින් චාරිත්‍රානුකූලව ඇහැටුවැව ගල්කඩවල ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ විෂයෙහි වස් ආරාධනාව කරනු ලැබිණි. ඉන් පසු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැන්පත් කර පූජෝපහාර පවත්වන ලද වස්ත්‍රයක් මහ හරසරින් යුතුව ඇහැටුවැව ගල්කඩවල ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයට පෙරහරින් වැඩමවා එහි දී ඉපැරැණි සිරිත් සම්ප්‍රදායන්ට අනුකූලව එම වස්ත්‍රය පඬු පොවා චීවරයක් ලෙස සකසන ලදී. ඇහැටුවැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති වලත්වැවේ රාහුල, ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හුංගම්පොල පියරතන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි

 

ධර්ම දේශනාව:

හැම සුවඳ පරදවන සිල් සුවඳ

ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය කරුණු කීපයක් නිසා ශාසන ඉතිහාසයේ සුවිශේෂී පෝය දිනයක් ලෙසින් සැලකෙයි. ප්‍රථම ධර්ම දූත පිරිස ධර්ම ප්‍රචාරය ඇරඹීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිල දමනය පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් තෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ, උපන් නිවසේ දී පිරිනිවන්පෑම යන මේ ශාසනික කරුණු සිදු වූයේ මෙම උතුම් පොහොය දිනයේ දී ය. පසුවස් පවාරණය හා කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනය වීම නිසා ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය සියලූ බෞද්ධයන්ට ඉතා වැදගත් පොහෝ දිනයක් වේ. ඉහත දැක්වූ සංයුක්ත නිකායේ ජටා සූත්‍රයේ එන ගාථා පාඨයන්ට අනුව “මුළු සත්ත්ව ප්‍රජාව ම ඇතුළත හා පිටත දෙක්හි ම අවුලෙන් අවුල්ව සිටිති, මේ අවුලෙන් නිදහස් විය හැක්කේ කෙසේදැයි” ගෞතම සර්වඥයන් වහන්සේගෙන් විමසන ලදුව, භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ, “සීලයෙහි පිහිටා

 

වස්සානය සහ සිවුරේ කථාව

මේ දිනවල භික්ෂූන් වහන්සේ විසින් හැඳ පෙරව ගන්නා සිවුර පිළිබඳ පොදුවේ බොදු ජනතාව අතර වඩාත් කතාබහට ලක්වන කාලයක්. කවුරුත් බලන්නේ පන්සලේ පැවැත්වෙන කඨිණ පින්කමේ දී ඊට සම්බන්ධ වී පින් එක්රැස් කර ගන්නට යි. සිවුර පිළිබඳ බොදු ජනතාව තුළ ඇත්තේ මහත් ගෞරවයක්, අසීමිත භක්තියක්. අරහත් ධජය ලෙසයි මෙය හඳුන්වන්නේ. ඒ නිසා මේ සිවුර හෙවත් චීවරය ගැන අපේ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් ඇසුරෙන් යමක් විමසා දැන ගැනීම වටිනවා කියා සිතනවා. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට විශාලා නුවරට පා ගමනින් වැඩම කරමින් සිටියා. හදිසියේ මේ ගමන් මාර්ගයෙහි ඈත එපිට කෙළවරෙන් ඉදිරියට පැමිණෙමින් සිටි පිරිසක් උන්වහන්සේගේ නෙත ගැටුණා. මේ අය හොඳට වෙහෙසට පත්වෙලයි මේ ඉදිරියට එන්නේ. තව තවත් ළං වෙන පිරිස දුටු උන්වහන්සේට ඒ වෙහෙසට හේතුව වැටහුණා. එක උරහිසක් මත කුමක් දෝ මහ බරක් දරමින් ඒ උරහිස එක් ඇලයකට පාත් කර ගෙන එන මේ හෙම්බත් වුණු පිරිසක්.

 

මරණයට බිය නොවන්න ගතට වඩා සිත හදන්න

මරණය කියන්නේ ජීවිතයේ ම කොටසක්. උපත සමඟින් ම අරගෙන එන, උපන්නා වූ සෑම කෙනෙකුට ම ඒකාන්තයෙන් ම මුහුණ දෙන්නට සිදුවන, උපන් කිසිවෙකුටත් මඟ හැර යන්නට බැරි මරණයට, කුඩා අයටත්, මහලු අයටත්, නුවණ ඇති අයටත්, නුවණ නැති අයටත් ඒකාන්තයෙන් ම තම තමන්ගේ කර්මානුරූපී ව මුහුණ දෙන්නට සිදුවනවා. එසේ නම් කළ යුත්තේ ‘මරණය’ මනා ලෙස තේරුම් ගැනීම යි. එයට සාර්ථක ව මුහුණ දීමට සූදානම් වීමයි. මරණයට සාර්ථක ව මුහුණදීමට නම් ජීවිතය තේරුම් ගන්නට ඕනෑ. ජීවිතය තේරුම් ගත්තාම මරණය ප්‍රශ්නයක් වන්නේ නැහැ. එයට සතුටු සිතින් මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ජීවිතය කියන්නේ මරණයෙන් කෙළවර වීමක්. (මරණන්තං හි ජීවිතං) මරණය කියන්නේ සත්ත්වයාගේ එක භවයක කෙළවරක් වුවත්, කෙලෙස් සහිතව මැරෙන අයගේ නම් භව ගමනක ආරම්භයට උපකාරී වන දෙයක්. කෙනෙක් මේ භවයෙන් ඉවත් වුණේ නැතිනම්, මැරුණේ නැතිනම් නැවත භවයක උපතක් ලබන්නේ ද නැහැ. ඒ අනුව මරණය, උපතටත් උපකාර කරනවා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk