Print this Article


ත්‍රිිපිටක දහම-15: තණ්හාව රූපයට ද? සිතිවිලිවලට ද ?

ත්‍රිපිටක දහම-15:

තණ්හාව රූපයට ද? සිතිවිලිවලට ද ?

 

ඒ රූපය ඔබට පමණක් දරුවා බවට පත් වෙන්නේ ඇත්තටම ඒ රූපය පැමිණ රැස් කරගත් දේත් සමඟ යි. දැන් ඇත්තටම ඔබ දරුවාට ආදරේ කියලා තණ්හා කරන්නේ, තියෙන රූපයට ද? කිසිත් නොදන්නා අනාත්ම මට්ටමෙන් ඇසට එන වර්ණ සටහනට ද?

එහෙම නැතිනම්, දරුවාට ආදරේ කරන්නේ ඒ රූපය දරුවාට ආදරේ කියලා ආදරේ කරන්නේ රූපය දරුවා කොට පෙන්වන ඔබේ සිතේ ඇති කරගත්ත කෙලෙස් සහගත මට්ටමකට ද? ඇත්තටම අප තණ්හා කරන්නේ ඒ රූපය දරුවා කොට පෙන්වන අපේ සිත පැත්තේ උපදින කෙලෙස් සහගත මට්ටමකට, එවිට අප කියනවා එයට පංච උපාදානස්ඛන්ධය කියා. එහි ඡන්ද රාගය තියෙන්නේ. ඒ නිසා ම තමයි, අප කියන්නේ සමුදය සත්‍ය යෙදෙන්නේ බාහිර සිටින දරුවාට කියන දෙයට වඩා සුදුසු ම දේ තමයි, අප දරුවා උපදිනවා කියන තැන, දරුවා හදා ගන්නවා, දරුවා ඉන්නවා කියන තැනක තියෙන ස්කන්ධ ටිකට එනම්, රූප , වේදනා , සංඥා, සංඛාර , විඤ්ඤාණ කියන ස්කන්ධ ටිකට යි. ස්කන්ධ ටික දරුවා නො වෙයි. ස්කන්ධ ටික නැතිව දරුවා ඉපදුණෙත් නැහැ. එසේනම්, ස්කන්ධ ටිකෙන් තොරව දරුවත් නැහැ, ස්කන්ධ ටික ම දරුවත් නො වෙයි. නමුත් ස්කන්ධ ටිකක් ඇති තැනක අපේ තියෙන වැරැදි සංකල්පනාව නිසා අප දරුවා කියලා මුළාවට පත් වෙනවා. එවිට අප දරුවාට ආදරේ කියලා ආදරේ කරලා තියෙන්නේ, මුළා සහගත බවින් අපට පෙන්වන දරු කමට මිසක ඇත්තටම රූපයට නො වෙයි.

පින්වතුනි, අප මොන තරම් අසරණ ද? ඇත්තට ම දරුවාට ආදරෙ යි, අම්මාට ආදරෙ යි, තාත්තාට ආදරෙ යි, මෙවැනි දෙයට කැමැති’යි , මේ වස්තූන්ට මා හරි ආසයි යනුවෙන් පැවසුවාට , ඒ දේ හොඳ දෙයක් ලෙස පෙන්වන ඔබේ චේතනාවට ම ඔබ කැමැති වී මිසක, කවදාවත් ඔබ ඒ අදාළ වස්තුවට ආස කරන වස්තුවට කැමැති වුණා යනුවෙන් කියන්න පුළුවන්කමක් නැහැ. යථාර්ථයක් විදිහට, ඔබ ස්කන්ධ ටිකකට තණ්හා කර තියෙනවා. ඒ ස්කන්ධ ටිකට කරන තණ්හාවට කියනවා, අප සමුදය සත්‍ය යනුවෙන්. එවිට එය පවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. නැවත, නැවත ආයූහණය සිද්ධ වෙන්නේ නැතිනම්. රැස් කිරීම සිද්ධ කරන්නේ නැතිනම්, ඒ නිසා ඔබ යම් යම් දේ රැස් කරනවා නම්, ඒ රැස් කරන දේ මත තමයි, ඔබ ස්කන්ධ ධර්මතා ටික නැවත නැවතත්, ගොඩ නඟා ගත්තේ. ඒ නිසා ස්කන්ධයන්ගේ පළමු ලක්ෂණය අපට තේරුම් ගත යුතු යි. සමුදය ආයූහනට්ඨෝ යනුවෙන් මේ ආයූහනාර්ථය අප තේරුම් ගත යුතු යි.

ඉන්පසුව නිදානට්ඨෝ එනම්, නිදානාර්ථය , සමුදය සැම විටම නිදානයක් කරනවා. අප දන්නවා නිදානයක් කියන විට එයට හේතුව, නිදානයෙන් සිදු කරන දේ, නිදාන සූත්‍රයේ තියෙනවා නිදාන කතාවක්. රෝගයකට තියෙනවා රෝග නිදානයක්. එසේනම්, නිදානය යනුවෙන් අදහස් කරන්නේ, මූලය යි. එවිට නිදානට්ඨෝ කියන්නේ මේ සමුදය දුක උපදවන්නට , දුකට මුල්වන කාරණාවක්. දුක් වූ ස්කන්ධ ටික නැවත උපදවා දෙන්නට පුළුවන් ඒ ස්කන්ධ ටිකට කරන තණ්හාව නිසා.

‘ගහකාරක දිට්ඨොසි, පුනගේහංන කාහසී’ එවිට බුදුරජාණන් වහන්සෙ ්අපට දේශනා කරන්නේ බුද්ධත්වය ලැබීමෙන් පසුව ගේ හදන වඩුවා මම ඔබව දැක්කා යනුවෙන්. ‘සබ්බා තෙ පාසුඛා භග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හාණං කය මජ්ක්‍ධග’ යනුවෙන්. එව්ට අපට පේනවා තණ්හාව කියන ධර්මය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ ගෙයක් හදන වඩුවෙකුට උපමා කරලා, වඩුවෙකුට අනුව පෙන්වා වදාළා. සසරේ දී මේ ආත්ම භාව, ප්‍රතිලාභ නමැති මේ ගෙය හදන්නේ , තැන් තැන්වලට අප අරගෙන යන ගේ හදන්න සිද්ධ කරන්නේ, තෘෂ්ණාව නමැති වඩුවා යි. ඒ නිසයි, නිදානට්ඨෝ යනුවෙන් සඳහන් කරන්නේ. නිදානාර්ථය, දුක නමැති ඵලය නැවත හටගන්නට හේතුවන නිදානාර්ථය රැස් කර දුන් දේ තමයි, සමුදයේ ස්වභාවය. අප දන්නවා, අපට දුක එන්නේ යම් දෙයකට ආස කරන නිස යි. එනම්, දුක සහ දුක්ඛ සත්‍ය යනුවෙන් ඔබ පැහැදිලි කරගත් කාරණාවක්. එලෙස පැහැදිලි කරගන්නා විට අපට තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණා. දුක සහ දුක්ඛ සත්‍ය කියන දෙයෙහි දුක කියන දෙයට හේතු වූ බවට පත් වුණා. ලෝභය, තණ්හාව කියන කාරණාව.

දුක්ඛ සත්‍ය නැතිනම්, මෙවැනි ස්කන්ධ ටිකක් නැවත විපාක ස්කන්ධ ටිකක් ගෙනත් දෙන්න උරුමකම් කියන දේ තමයි, තණ්හාව ලෝභය නමැති දෙයම නො වෙයි. අකුසල මූලයෙන් නො වෙයි. මේ සමුදය සත්‍ය කියන මට්ටම. නිදානය බවට පත් වෙන්නේ ස්කන්ධය නමැති දුක දන්නා මේ මට්ටමට යි.