Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කරුවලබැද්ද මීටියාගොඩ පදිංචි ඩී.එස්.පී. අමිත රංජන් යන අයගේ වයස අවුරුදු 04 ක පෙර පාසල් යන අයෝද් එසඳු ඉඳුවර නමැති දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නම් අක්මාවක් බද්ධ කළ යුතුබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රාජෙන්ද්‍රන් මහතා පවසා ඇති බව කියයි.

එම සැත්කම ඉන්දියාවේ චෙන්නායි නුවර රෙලා ඉන්ස්ටටියුට් වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සිදුකළ යුතු බවත්, ඒ සඳහා රෝහල් ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 85 ක් පමණ වැය වන බවත් ඔහු පවසයි. ඉන් රුපියල් ලක්ෂ 10 ක් ලබා දීමට ජනාධිපති අරමුදල එකඟ වී ඇති බවත් කියයි..

දරුවාගේ පියා කම්කරු රැකියාවක් කරන අතර, ඔවුන්ට මෙම මුදල සොයා ගැනීම සිහිනයක් ව ඇති බව ද කියයි. එබැවින් මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පින් කැමැති දානපතියන්ගේ ආධාරය ලබා දෙන ලෙස දරුවාගේ පියා ඉල්ලීමක් කරයි. ඒ සඳහා බටපොල මහජන බැංකුවේ 234 200 37000 82 44 හා අම්බලන්ගොඩ කොමර්ෂල් බැංකුවේ 897 001 56 88 අංකය යටතේ ගිණුම් ආරම්භ කර ඇති බව ද කියයි. දරුවාගේ පියාගේ දුරකථන අංකය 077 961 8364 , 077 570 13 66 වේ.