සාරධර්ම
ආරක්ෂා කළ යුතුය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය
අලහේනේගම සුමනරතන හිමි
මෙම ලිපියේහි කොටසක් වප් අමාවක පොහොදා (ඔක්තෝබර් 27) පත්‍රයේ පළ විය.
තම අඹුවගේ බස් ඇසූ කෲර ස්වාමියා තම ගැබ්බර නැගනියන් ළගට කැඳවා සිය දෙමව්පියන්
අසල්වාසින්ට ණයට දී ඇති වස්තුව බොහෝ බවත්, ඒවා ගෙන ඒමට එහි යා යුතු බවත් කියා
ගැබ්බර මව යානාවකට නංවා බොරුකියා අසල ඇති කැලයකට ගෙනගොස් රථයෙන් බස්වා ඝාතනය කිරීම
සඳහා කෙස් වැටියෙන් අල්වා ගත්තේ ය.
අකැමැත්තෙන් බිම හෙළී ය. එවිට හදිස්සියේම ඇයට දරුවා ප්‍රසූත විය. එවිට අසල ඇති
නුගරුකක් මුලට ඇදගෙන ගොස් ඝාතනය කිරීමට සූදානම් විය. එවිට රන්පියුමක් සේ සිටින අලුත
උපන් දරුවා දෙස බලා තමා නොමරන ලෙස ආයාචනා කළා ය. කෲර මිනිසා මදකදු නොවිමසා ඇය
මැරීමටම සූදානම් විය. මව කෑ ගැසුවහොත් අසල්වාසීන් පැමිණෙන්නේ යැයි සිතා
සදාචාරසම්පන්න ව බුදුරජාණන් වහන්සේ සිහිපත් කොට සරණ ශීලය ඇය ආයාචනා කළාය. තමා
මැරීමට යන සොහොයුරා කෙරෙහි මෛත්‍රිය ම පැතිරුවා ය. එම අවස්ථාවේ නුග ගසට අධිගෘහිත වූ
දෙවියෙක් බුද්ධානුභාවයෙන් මෙපමණ සීලසම්පන්න වූ ගුණවත් කාන්තාවක් මරන්නේ නම්, මට දේව
සභාවට යා නොහැකි බව සිතා අසරණ ව සිටි මවගේ ස්වාමියා ලෙසින් එතනට ගොස් කෲර පුරුෂයා
භය ගන්නවා ඈතට එළවා අසරණ මව රථයට නංවාගෙන ඇතුලුනුවර ශාලාවක තබා අතුරුදන් විය.
සිද්ධිය දැනගත් ස්වාමිපුරුෂයා අහම්බෙන් එතැනට අවුත් ඇය නිවසට කැඳවාගෙන ගොස්
කුමාරිකාවන්ගේ දෙමව්පියන්ට දැනුම් දුන්නේ ය. දෙමව්පියන් බුදුරජාණන් වහන්සේ නිවසට
වැඩමවා මහ දන් දී දියණියට ලැබුණු පුත්‍රයාට “සරණ” යන නම ද තැබූහ. සරණ කුමරා නිසි
වයසේහි දී බුදු සසුනෙහි පැවිදි වී සසුන බැබළුහ. බුදුසරණ පිහිටීම, එයින් ලැබෙන
ආනිශංස කෙබඳු දැයි යන්න මෙම කතාවෙන් මැනවින් පැහැදිලි වේ. පව් නොකිරීමේ ආනිශංස ද
එයින් ප්‍රකාශ වේ. එම කතාවෙන් ලබාදෙන ආදර්ශවත් පණිවිඩ කිහිපය මෙසේ ය.
කෙනෙක් ආගම දහමට අනුකූල ව ජීවත්විය යුතුය. ඕනෑම අයෙකු සංවර විය යුතුය, සහෝදර බැම්ම
ආරක්ෂා කළ යුතු ය.
අවිනීත භාර්යාවන්ගේ කුරිරු ක්‍රියාවන්ට හා ඔවුන්ගේ බසට අවනත නොවිය යුතු ය, ස්වයං
විනයෙහි ඇති අගය දැනගෙන ක්‍රියා කළ යුතු ය. අනවශ්‍ය රාගය විනාශයට හේතුවන බව
කියාදෙයි, සාරධර්ම ආරක්ෂා කළ යුතු බව මෙම කතාවෙන් කියාපායි , ඔබත් මේ පිළිබඳව සිත
යොමා ක්‍රියාකිරීම ඉතා වැදගත් ය.
හේමමාලා රන්දුනු |