පොළොන්නරුවේ
රන්කොත් වෙහෙර
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
රන්කොත් වෙහෙරේ සැලැස්ම අනුව පාදමෙහි වට ප්‍රමාණය අඩි 186 ක් වන අතර, එහි නියම උස
අඩි 200 පමණ වෙයි. මේ අයුරින් බලනවිට රන්කොත් වෙහෙර ක්‍රි.ව. හතර වන සියවසේ දී
මහසෙන් රජුගෙන් පසුව ඉදිවූ සෑම ස්තූපයක් ම පරදවයි.
“වෙහෙර” යන නාමයෙන් දාගැබ හැඳින්වේ. පොළොන්නරු යුගයේ දී සාදන ලද දාගැබ්වල නාමයන්
ගැන විමසා බලන විට පැහැදිලි වන කරුණක් නම් රන්කොත් වෙහෙර , මැණික් වෙහෙර හා පබළු
වෙහෙර ආදී නම් වලින් ඒ බව හෙළි වේ. වෙහෙර යන නාමය විහාරය යන නාමය සඳහා යෙදුනු බව
අනුරාධපුර මහා විහාරය. ජේතවනාරාම විහාරය, අභයගිරි විහාරය ආදි ව්‍යවහාරවලින් ද
පැහැදිලි වේ.
ආලාහන පිරිවෙනට දකුණින් තිබෙන විශාල ස්තූපය, පොළොන්නරුවේ ඇති දාගැබ් අතර සුවිශේෂි
එක කි. එම විශාල ස්තූපය නිශ්ශංකමල්ල රජතුමා විසින් දෙවන දුටුගැමුණු කෙනෙකුවීමේ
අභිලාෂයෙන් “රැවන්වැලි දාගැබ” නමින් ද කරවන ලදී. කිරිවෙහෙර සම්ප්‍රදායට ම අයත්
චෛත්‍යය මහසෙන් රජුගෙන් (ක්‍රි.ව. 276-303) පසු කර වූ විශාල ම චෛත්‍යය යි. රන්කොත්
වෙහෙරෙන් පසුව ද, මේ තරම් විශාල චෛත්‍යයක් කිසිවෙකුත් විසින් කරවා නැත. මෙහි උස අඩි
108 කි. වට ප්‍රමාණය අඩි 550 කි. මේ චෛත්‍යය ගැන සඳහන් කරන නිශ්ශංකමල්ල රජුගේ
ගල්පොත ශිලා ලේඛනයෙහි මෙසේ සඳහන් වේ.
“දළදාගෙය, වටදා ගෙය. නිශ්ශංකලතා මණ්ඩපය බැලු බැලුවන් සිත් සතුටුවන, ස්වර්ග මෝක්ෂ වන
නියායෙන් කරවා මහ වෙහෙර දා ගැබ සා කොට උපකාර චෛත්‍යය කරවා රජගෙට උතුරුදිග
අසුහත්රුවන් මැලිදාගැබ් වහන්සේ කරවා සිසාරා දොරටු පවුරු සංඝාරාම කරවා ලෝක ශාසනය
බොහෝ කල් පවත්නා සේ කොටැ...”
රන්කොත් සෑය අසල ගඩොලින් කළ බුදුපිළිම වහන්සේ ගැන 1936 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
මෙසේ කියා තිබේ.
“රන්කොත් වෙහෙරෙහි උතුරෙහි සහ නැගෙනහිරෙහි වාහල් කඩවල් පෑදීමේ දී අඩි 40 ක් දිගැති
ගඩොලින් කළ පිරිනිවන් ආකෘතියේ පිළිමයකින් යුත් අඩි 50ය20 ක් පමණ දිගැති, පළලැති
විහාර ගෙයක් මතු කරන්නට හැකි විය. බදාම ආලේපයකින් යුත් මේ ප්‍රතිමා වහන්සේ ගල්
විහාරයෙහි සැතපෙන ප්‍රතිමාවට සාකල්‍යයෙන් ම සමාන ය. මේ පිළිම ගෙයට ශෛලමය ගරාදි
වලින් යුත් ජනේලයක් ද, සෙල්මුවා උළුවහු දෙකක් ද විය. එයින් එකක නිශ්ශංකමල්ල රජතුමා
කර වූ සෙල්ලිපියක් ද විය. ඊසාන දිගට තිබු ආලින්දය ගල් කණු පෙළකින් යුක්ත විය. බැම්ම
ගඩොලින් විය. බිත්ති හා පිළිම බදාම ආලේප කර තිබුණි. ජනේලය සහ උළුවහු කැඩී තිබුණේ ය.
එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ ලෝංහස්ස්ට් මහතා විසින් කර ඇති මෙම
ප්‍රකාශයෙහි තමන් විසින් ඒ ප්‍රතිමාව හා ගොඩනැගිල්ල හැකිතාක් ප්‍රතිසංස්කරණය කරවූ
බව ද වැඩිදුරටත් සඳහන් කර අත. චෛත්‍ය අට කොණෙහි ම පිළිම ගෙවල් අට කි. ඒ ඒ චෛත්‍යවල
ප්‍රමාණයේ හැටියට අටතැන සොළොස් තැන සිට ගෙන වැඳිය යුතු යැයි සම්මතකොට ඇති හෙයින් මේ
පිළිම ගෙවල් ද ඒ ඒ තන්හි තනන ලදැයි සිතිය යුතු ය. සැතපෙන පිළිම වහන්සේ ගැන කිව
යුත්තේ එදා පැරකුම්බා රජතුමා ගල්වෙහෙර (ගල් විහාරය) කළ පිළිම වහන්සේ දුටු
නිශ්ශංකමල්ල රජතුමා තමා ද සැතපෙන පිළිමයක් කරවූ බව කි. ගල්වෙහෙර සැතපෙන පිළිමය අඩි
40 වීම ද සැලකිය යුත්ත කි. මීට පෙර ද දළදා මළුවෙහි වූ සැතපෙන පිළිමයක් ගැන අපි
සඳහන් කළෙමු. එය,
මහා පැරකුම්බා රජුගේ කෘතියකි. ඇතැම්විට පැරැණි පිරිනිවන් විහාරය අනුගමනය කොට මෙය
කරවී යැයි සිතන්නට ඉඩ තිබේ. (පොළොන්නරුවේ නටබුන් – ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමි
පි. 100-101-1962)
රන්කොත් වෙහෙර ගැන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කරයි.
“රන්කොතක් සහිත දාගැබ හෙවත් රන්කොත් වෙහෙර මෙම මාවතේ බටහිර දිශාවෙහි විශාල
ස්මාරකයක් වශයෙන් පිහිටා ඇත. දාගැබට ඉදිරියෙන් පිහිටි නිශ්ශංකමල්ල රජුගේ ගල් ආසන
ශිලා ලිපිය එම රජු මෙම ආසනය මත වාඩිවී නිම නොකළ ස්මාරකයක් වූ දෙමළ මහාසෑයට අමතරව
පැරැණි පොළොන්නරු පුරවරයේ ඉදිවූ විශාලතම දාගැබ සේ සැලකෙන මෙම රන්කොත් වෙහෙරේ
ඉදිකිරීම් කටයුතු නැරඹූ අයුරු පැහැදිලි කරයි. මෙහි ආරම්භක නාමය ඉහත ශිලා ලේඛනයේ
සඳහන් පරිද්දෙන් “රුවන්මැලි දා ගැබ නම් විය. එය පාලි භාෂාවෙන් රත්නාවලි චේතිය වන
අතර මේ දෙකෙහි අර්ථය රන්වැලි දාගැබ යන්න යි. එය උසින් මීටර් 55 වන අතර, විශාල
වේදිකාවක් මත පිහිටියේ ය. එහි ප්‍රාකාර බැම්ම ගඩොල් සහ බදාමයෙන් නිමවා ඇත. මිටි
ප්‍රාකාර බැම්මේ ඉහළ කොටස කැටයමින් සහ වතුර මලින් ද සමන්විත ය. එහි වේදිකාව තුළට
එක් සේවන වැසි ජලය පිටතට බැස යාමට සලස්වා ඇත. දාගැබ වටා ප්‍රතිමා ගෘහයක් සහ මලසුන්
ද වෙයි. වේදිකාවෙහි දකුණු දිසාවෙහි පිහිටි ශිලා ලේඛනය පවසන්නේ නිශ්ශංකමල්ල රජු මෙම
දාගැබෙහි නිදහන් කර ඇති ධාතුන් වහන්සේලා මන්දිරයේ සිට වන්දනා කළ බව පැවසේ. මෙම ශිලා
ලේඛනය පිහිටුවා ඇත්තේ කුළුණු මත ය. මෙහි ඇති සමහර වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන්
කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු ය. (පොළොන්නරුව – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි.
179-180-1998 (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි) |