Print this Article


ත්‍රිිපිටක දහම-12 : අනිත්‍ය දැකීම

ත්‍රිපිටක දහම-12 :

අනිත්‍ය දැකීම


ඔබට ඇසට ගසක් පෙනෙන විට ගසක් පෙනෙනවා යනුවෙන් පැවසුවාට එය ඔබට ගස පෙනුනාද? ගස දැනගත්තා ද යනුවෙන් . ඇසට පෙනෙන දෙය වර්ණ සටහනක්. වර්ණ සටහන ඇතුළේ ගස් තිබුණේ නැහැ, වර්ණ සටහන ඇතුළේ අඹ ගස් තිබුණේ නැහැ. වර්ණ සටහන කිව්වේ නැහැ මම ගසක් යනුවෙන්. නැතිනම්, වර්ණ සටහන කිව්වේ නැහැ, අඹ ගසක් යනුවෙන්.

අප වර්ණ සටහන ඇසට පතිත වන තැනකදී අප හිතලා, කලින් ඒ අනුව රැස්කරගෙන තිබුණ දේ අප දැනගන්නවා, මෙය අඹ ගසක් බව. අප හිතනවා අප දැනගත්තේ රූපය යනුවෙන්. නමුත්, ඇත්තටම අප දැනගෙන තියෙන්නේ, රූපය ද? කලින් ඒ අනුව සකස්කරගෙන තිබුණු ආශ්‍රව ටික ද? අප දැනගෙන තියෙන්නේ කලින් ඒ අනුව සකස් කරගත් ටික. හැබැයි, එයට කියන්නේ දැකපු දේ නො වෙයි. දැනගත්ත දේ යනු යි.

ඒ නිසා අනිත්‍ය දකින කෙනෙකුට පේන්නේ, දැනගත් අනිත්‍ය වෙනම දකිනවා, හැබැයි, පෙනුන දේ අනිත්‍ය වෙනම දකිනවා. මේ දෙකේ අනිත්‍ය පෙනෙන විට පෙනෙන දේ නො වෙයි, දැනගත්ෙඅත් යනුවෙන් එයාට නුවණක් ඇතිවෙලා තියෙනවා. එවිට පේන දේ දැනගන්න බැහැ යනුවෙන් නුවණ ඇතිවෙන විට, ඒ කෙනාට කවදාවත් දැනගන්න දේ නැවත නැවත, එළියේ තියෙනවා යනුවෙන් ගන්නා වැරැදි සහගත සංකල්පය ඇතිවන්නේ නැහැ. ඒ නිසා ඒ වැරැදි සහගත සංකල්පනාව එයාට දුරුවෙලා යනවා. ඇත්ත වශයෙන් ම අප කළ යුතු වන්නේ, මේ කතා කරන ලක්ෂණ ටිකෙන් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නා එක යි. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ පුබ්බේ අනනුස්සුතේසු, ධම්මේසු චක්ඛුං උදපාදි පෙර නොඇසූ විරූ විදිහට තමයි, මේ දහම් ඇස පහළ වුණේ. පෙර අසා තිබුණේ නැහැ. කලින් දැනගෙන තිබුණේ නැහැ. දුක්ඛ වේදනාව කලින් දැක්කා, සතර පෙර නිමිති දුටුවා. ඒ වගේම මේ දුක්ඛ වේදනාව පිළිබඳව කලින් තේරුම් අරගෙන හිටියා. හැබැයි, මේ දුක්ඛ ආර්ය සත්‍ය දැක්කේ ඒ අවස්ථාවේ දී. එනම්, මේ ගැඹුරු නුවණක් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නා විට ලැබෙන්නට ඕනේ. එනම් මෙය සාමාන්‍ය ලෝකයේ ඕනෑම කෙනෙකුට තේරෙන මට්ටමේ මිථ්‍යා දෘෂ්ටිකයෙකු ත් දැනගන්නා, විඳින තිරිසන්ගත සත්ත්වයෙකු දැනගන්නා, විඳින මට්ටමේ වේදනාවකින් තේරෙන දෙයක් නො වෙයි මේකතා කරන්නේ දුක්ඛ සත්‍ය කියන තැන යි.

අපි දුක දන්නවා. ඒ නිසා අප දුකට ප්‍රතිකර්ම සොයනවා. රැකියා කරන්නේ, ගේ දොර හදන්නේ, අවාහ විවාහ කරගන්නේ, දරුවෝ හදන්නේ දුකට ප්‍රතිකර්ම වශයෙන්. හැබැයි, ඒ දුකට ප්‍රතිකර්ම වශයෙන් කරන්නේ අප දුක දැකළනේ. අප දුක දන්නවා. දුකට ප්‍රතිකර්ම සොයනවා. හැබැයි, බුදුරජාණන් වහන්සේ දුක දැක්කා. දුකට ප්‍රතිකර්ම ය මෙය නොවෙයි යනුවෙන් තෙරුම් කරගෙන තමයි, අපට දුකට ප්‍රතිකර්මයක් දේශනා කළේ, හැබැයි, එය දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යි . ඒකට දුක දකිනවා තරම්, සරල මනසකින් දකින්නට පුළුවන්කමක් මේ දුක්ඛ ආර්ය සත්‍ය යනුවෙන් කතා කරන මේ දුක්ඛ ලක්ෂණ ටික. ඒ නිසා දැන් අපට තියෙනවා, දකින්නට දෙයක් ඒ තමයි, දුක වෙන්කොට ගන්නා දුක්ඛ සත්‍ය වෙන්කොට ගැනීම. දුක සහ දුක්ඛ සත්‍ය යනු එකක් නො වෙයි, කාරණා දෙකක්. මෙලෙස අප අදහසක් ලෙසින් පැවසුවොත්, දුක ඇති සැම තැනම දුක්ඛ සත්‍ය පවතිනවා, දුක්ඛ සත්‍ය පවතින හැම තැනකම දුක පවතින්නේ නැහැ. හේතුව අප සඳහන් කළා, දුක්ඛ සත්‍ය යනුවෙන් සඳහන් කරන්නේ, වේදනාවකින් නොවෙයි යනුවෙන්. එවිට දුක්ඛ වේදනාව තියෙන සෑම තැනකම හේතු නිසා සකස්වන බව ආදිය පෙර සඳහන් කළ දුක්ඛ ලක්ෂණ ටික තිබෙන නිසා දුක කියන සෑම තැනකම දුක්ඛ ලක්ෂණයන් ටිකෙන් කතා කරන, දුක්ඛ සත්‍ය පවතිනවා. හැබැයි, අප සැප වේදනාවක් යනුවෙන් සඳහන් කරන තැනකදී එතැන දුක කියන දේ නැහැ. සැප වේදනාවනේ පවතින්නේ. හැබැයි, එහි දුක නැති වුණත්, පීලනාර්ථ, සංඛතාර්ථ හේතු නිසා සකස් කළ ආදී දුක්ඛ ලක්ෂණ එහි තිබෙනවා.

එසේනම්, දුක ඇති සැම තැනම දුක්ඛ සත්‍ය පවතිනවා, දුක්ඛ සත්‍ය පවතින සෑම තැනකම දුක පවතින්නේ නැහැ යනුවෙන් තේරුම් ගත යුතු යි. මෙලෙස අපට පුළුවන් දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කරන්නට. ඉන්පසුව ක්‍රමානුකූලව සමුදය සහ සමුදය සත්‍ය කාරණා පිළිබඳව දෙකට බෙදා අර්ථ ගන්වන්නට පුළුවන්කම තියෙනවා.