[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ


පුංචි දුවේ පුතේ, සදහම් අරණ නිර්මාණ පිටුව අද වෙන්වන්නේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට පූජනීය කෘතෝපහාර පිණිස ය. උන්වහන්සේගේ පරිනිර්වාණ දිනය වප් පුර අටවක පෝදාට යෙදී ඇත.


මිහිඳු සමිඳු

මිහින්තලා ගල මුදුනට
මිහිඳු සමිඳු වැඩම කළා
බුදු සමිඳුගෙ උතුම් දහම්
අප සැමටම පැවසූවා

සිල් ගුණ දම් කියා දෙමින්
නිවනට මග පෙන්වූවා
උතුම් මිහිඳු සමිඳුනි මම
දොහොත් මුදුන් දී වැන්දා


නමස්කාර කරමි

මිහිඳු මහරහතන් වහන්සේගේ පියා වූයේ අධිරජ ධර්මාශෝක රජතුමා ය. නැඟණිය වූයේ සංඝමිත්තා තෙරණිය යි. උන්වහන්සේ සිරිලක ගම්නියම් ගම් සැරිසරමින් දහම් දෙසූ සේක. මිනිසුන් විශාල ප්‍රමාණයකට උතුම් අරහත්වයට පත්වීමට මඟ පෙන්වූ සේක. නිහතමානී ගුණ ඇති, මහා නුවණැති, මනා සිහි පැවැත්මකින් යුතු, මහා කාරුණික වූ මිහිඳු මහරහතන් වහන්සේ අද වන් දිනෙක ලංකාවේ දී පිරිනිවන් පා වදාළ සේක. උතුම් මිහිඳු හිමියන්ට මාගේ නමස්කාරය වේවා.!


බොදු සමාජයක ඇරඹුම

මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවේ රජ කළ අධිරාජ ධර්මාශෝක රජතුමාගේ පුතා ය. සහෝදරිය වූයේ සංඝමිත්තා තෙරණිය යි. ලංකාවට බුදු දහම රැගෙන ආවේ දේවානම්පියතිස්ස, හා ධර්මාශෝක රජවරුන්ගේ මිත්‍රත්වය නිසා ය. ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ආවේ මිහිඳු මහ රහතන් වහන්සේ ය. උන්වහන්සේ ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන වැඩියේ පොසොන් පෝය දිනයකයි.

ලංකාවේ භික්ෂු, භික්ෂුණී හා උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සමන්විත සමාජයක් බිහි වූයේ ත්, ලංකාවේ වෙහෙර, විහාර, දාගැබ් ඉදිවූයේ ත්, මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස ය. මිහිඳු මාහිමි අදවන් දිනක අප මාතෘ භූමියේ දී පිරිනිවන් පා වදාළ සේක.


අභිමානවත් දේශයක ඇරඹුම

ලක්දිව බුදුසසුන පිහිටුවීමේ අරමුණින් මිහිඳු මහරහතන් වහන්සේ නිසි කල එළඹි පසු දෙවනපෑතිස් රජු හමුවීමට මිහින්තලාවේ මිස්සක පව්වට සෘද්ධි බලයෙන් වැඩියේ එදා ක්‍රි.පූ.236 වැන්නේ පොසොන් පුන් පොහෝදාක ය. මේ අසිරිමත් දසුන දුටු රජතුමා විශ්මයට පත් විය. “සමණාමයං මහා රාජ ධම්ම රාජස්ස සාවකා” යනුවෙන් හඳුන්වා දීමෙන් ම රජුගේ සිත පහන් වී තෙරුවන් සරණ ගියේ ය.

රට පුරා බුදුදහම ව්‍යාප්ත කිරීම රජුගේ අනුග්‍රහයෙන් ආරම්භ විය. අරිට්ඨ සෙනෙවි පැවිදි කිරීමෙන් හා සඟමිත් තෙරණිය වැඩමවා භික්ෂුණී ශාසනය ඇරඹීමෙන් සිව්වනක් පිරිසෙන් යුත් බුදු සසුන ස්ථාපිත විණි. යක්ෂ, දේව හා මළවුන් පිදීම, වෘක්ෂ, පර්වත වන්දනාව වැනි මිථ්‍යා විශ්වාස බැහැර විය. සඟමිත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වීමද සුවිශේෂී ය. විවිධ කර්මාන්තවල නිපුණ පිරිස මෙරටට ගෙන්වා ගැනිණි. බෝධි, දාගැබ් හා බුදු පිළිම යන පූජනීය සංකේත වැඳුම් පිදුම් සඳහා නිර්මාණය විය. ගෘහ නිර්මාණ, මූර්ති හා කැටයම් වැනි කලා නිර්මාණ බොදු පරිසරය අභිමානවත් කළේ ය. අවිහිංසාව බුදු දහමේ පදනම වූ නිසාම කෘෂිකර්මාන්තය ජනතාව සිය ජීවනෝපාය කරගත්හ.


ලස්සන පොසොන් දිනේ

හරියට එදින විය ලස්සන පොසොන් දින
තිස්ස රජ ගියේ දුනු ඊතල රැගෙන
වැඩියේ මිහිඳු හිමි බුදු දහමත් රැගෙන
අනු බුදු හිමි දුටුව සඳ රජ වැඳ වැටිණ

බණ ඇසු රජතුමා ගොස් තෙරුවන් සරණ
වෙහෙර විහාරද සාදා පින් කෙරිණ
පන්සිල් රැකිණ නිතරම බණ පද ඇසිණ
යහපත් රජෙක් විය රට පාලනය කරන


ලක් දෙරණට පෑයූ සඳ

පොසොන් සඳේ සඳ එළියේ මිහිඳු සමිඳු වැඩියා
හඳ එළියෙන් නැහැවුණු මල් දිලිසි දිලිසි පිපුණා
මුළු ලක්දිව සැරිසරමින් සුමිහිරි බණ දෙසුවා
සාධු සාධු අපිත් වඳිමු මිහිඳු සමිඳු සැමදා

රන්වන් රැස් විහිදුවමින් අපට කියා දුන්නේ
සිල් ගුණ දම් රැකීමටයි නිතරම වෙර දැරුවේ
නිවන පිණිස හැම සතහට මග පහදා දුන්නේ
අද වන් දිනක සිරිලක දී පිරිනිවනට වැඩියේ


අනුබුදු මිහිඳු හිමි

පොසොන් පෝය අපට වැදගත් දිනයකි. දෙවන පෑතිස් රජ දවස මිහිඳු මා හිමියන් ඇතුඵ පිරිස මිහින්තලා කඳු මුදුනට සෘද්ධියෙන් වැඩම කළහ. අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ ඇතුළු පිරිස මෙහි වැඩම කළහ.

එදා පටන් , උත්තිය රජ දවස දක්වා ම අපවෙනුවෙන් සම්බුදු දහම කියාදෙමින් ඉමහත් සේවයක් කළහ. උන්වහන්සේ අපට දෙවන බුදු කෙනෙකු හා සමාන ය.

උන්වහන්සේ සිරිලක දී වප් මස පුර අටවක පොහෝ දින පිරිනිවන් පා වදාළ සේක.


අපේ පන්සල

දහස් ගණන් ආශිර්වාදය මැද තට්ටු දෙකක් නැගුණා
පන්සල් බිම නව ගොඩනැගිල්ලක් ලෙස ඉදි කෙරුණා
වස්දොස් අපල ද හේතු කාරණා ඒකට බාධා ගෙන දුන්නා
දෙවෙනි මහලෙ බිම සැටලිම කඩාන පොළව මතට වැටුණා

ආශිර්වාදය ප්‍රාර්ථනා කර මෙලෙස කවිය ලිව්වා
කියවන කියවන කෙනෙක් පාසා වස්දොස් දුරුවේවා
පන්සල් භූමියෙ පින් මල් පිපිලා ඊට උදව් දේවා
සුමන සමන් දෙවි පිහිටේ බලයෙන් යළි එය ඉදිවේවා.


අපේ පන්සල

දහස් ගණන් ආශිර්වාදය මැද තට්ටු දෙකක් නැගුණා
පන්සල් බිම නව ගොඩනැගිල්ලක් ලෙස ඉදි කෙරුණා
\වස්දොස් අපල ද හේතු කාරණා ඒකට බාධා ගෙන දුන්නා
දෙවෙනි මහලෙ බිම සැටලිම කඩාන පොළව මතට වැටුණා

ආශිර්වාදය ප්‍රාර්ථනා කර මෙලෙස කවිය ලිව්වා
කියවන කියවන කෙනෙක් පාසා වස්දොස් දුරුවේවා
පන්සල් භූමියෙ පින් මල් පිපිලා ඊට උදව් දේවා
සුමන සමන් දෙවි පිහිටේ බලයෙන් යළි එය ඉදිවේවා.


මිහිඳු සමිඳු

උණවටුනේ කස්සප තිලක හිමි
03 වන ශ්‍රේණිය
ශ්‍රී පඤ්ඤානන්ද මහ පිරිවෙන
මහරගම

 

මහින්දාගමනය

මාරස්සන සුභූති හිමි
03 වන ශ්‍රේණිය
ශ්‍රී සාරානාථ ධර්ම විද්‍යාපීඨ මහ පිරිවෙන
මහනුවර

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk