ත්‍රිිපිටක දහම-11:
අනිත්‍ය ගැඹුරු ධර්මයක්
ලබුනෝරුවකන්ද
ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
අප දුක අවබෝධ කරනවිට දුක්ඛ ලක්ෂණ ටිකක් ලෙසින් පේනවා, පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය එයට
කියනවා පීලනට්ඨෝ යනුවෙන්. ඊටපසුව සංඛතට්ඨෝ කියන්නේ සංඛත අර්ථයේ ඇති දුක්ඛ ලක්ෂණය
ගැන. එනම්, හේතු නිසා සකස්වන බව තුළ ඇති දුක්ඛ ලක්ෂණය.
තුන්වැන්න සන්තාපට්ඨෝ වෙයි. එනම් සන්ථාප අර්ථය යි. තාපන ස්වභාවය. තැවීම් සහගත
ස්වභාවය යි. රූපයේ ඇති තේජෝ ගුණිකත්වය, එනම් තේජෝ ධාතුවේ ස්වභාවය තමයි, පරිපාඨයට යන
ස්වභාවය. එනම්, පැසුණු බව, ලොකුවන බව, කොළ ඉදුණු බවක් පරිපාඨයට යන බව යනුවෙන් සඳහන්
කරනවා. මනුස්සයෙක් නම්, ලොකුවන බවක්, සම රැළි වැටෙන බවක්, දත් අව පැහැවන බවක්,
තියෙනවා. මෙයට කියන්නේ පරිපාඨයට යන ස්වභාවය කියල යි. එවිට මේ පරිපාඨයට යන ස්වභාවයට
කියනවා, තේජෝ ගුණිකත්වය කියලා. එවිට තේජෝ ගුණිකත්වය නිසා තාපනය වන ස්වභාවයට කියනවා
සන්තාපට්ඨෝ යනුවෙන්. සන්තාප අර්ථයක්. එවිට මේ සන්ථාපනය වන ස්වභාවය නාම ධර්මයන්ටත්,
රූප ධර්මයන්ටත් පොදු වෙයි. ආයුසන්තථිය මුහුකුරා යාම පවතින්නේ ‘උප්පාදො පඤ්ඤායති,
වයො පඤ්ඤායති වගේ ම, ඨිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති සිටියහු මේ වෙනස්බව කියන කාරණය
සන්තාපට්ඨෝ කියන සන්ථාපන අර්ථය ගැන කතා කරනවා. එය, නාම සහ රූප ධර්මයන් ආදී සියලු
ධර්මයන්ට පොදු දෙයක්. එසේ ම විපරිණාමට්ඨෝ කියන්නේ විපරිණාම අර්ථයක්. එනම්, අපට දුකේ
සෑම වේලාවක දී ම හේතූන්ගේ වෙනස්වන ස්වභාවය නිසා මෙයට කියනවා, විපරිණාමට්ඨෝ යනුවෙන්
. හේතු නිසා සකස්වන බවට සංකතප්පෝ යනුවෙන් ද, හේතූන්ගේ ඇති පීලන ස්වභාවයට පීලනට්ඨෝ
යනුවෙන් ද එවිට හේතූන්ගෙන් මුහුකුරා යන බවට සන්තාපට්ඨෝ යනුවෙන් ද ඒ හේතූන්ගෙන්
වෙනස්වන ස්වභාවයට කියනවා මුහුකුරන හේතු වෙනස්වන බවට ප්‍රකට කරන දෙය විපරිණාමට්ඨෝ
යනුවෙන් ද සඳහන් කරනවා. මේ ලක්ෂණයන් පරිඤ්ඤෙය්‍යට්ඨෝ එනම්, පිරිසිඳ දැකිය යුතු බව
යි. එනම්, නුවණින් තේරුම් ගත යුතු බව යි.
මේ කාරණය නුවණින් තේරුම් ගන්නා ඕනෑම කෙනෙකුට තර්ක විතර්ක කරන්නට අවශ්‍ය වන්නේ නැහැ.
අනිත්‍යය ද? අනිච්ඡ ද? යනුවෙන් . මෙය සමාජයේ ඇති යම් ගැටලුවක්. අනිච්ඡ යනුවෙන්
සඳහන් කරද්දී මහාප්‍රාණ ‘ඡ’ යනුවෙන් කෙනෙක් කියනවා. ත්‍රිපිටකයේ තියෙන්නේ අනිච්ච
යනුවෙන් වචනයක්. එනම් , අල්පප්‍රයන්න ‘ච’ යන්න යි. අනිච්ඡ යනුවෙන් මහාප්‍රාණ ‘ඡ’
වචනයක් ඇත්තේ නැහැ. අනිච්චා යනුවෙන් වචනයක් තිබුණත්, එනම්, කැමැති සේ නැහැ කියන
දෙයටවත්, කැමැත්ත ඉෂ්ට කරන දෙයටත් නො වෙයි, එය අලෝභය හඟවන පදයක්.
එවිට, අනිත්‍ය ද? අනිච්ඡද? යනුවෙන් ප්‍රශ්න කරන්නට දෙයක් නැහැ. මේ කාරණාව කෙනෙක්
අවබෝධ කරගන්නවා නම්, හේතුව තමයි, එයාට පේනවා, අනිත්‍ය කතා කරන්නේ මොන තරම් ගැඹුරු
තැනකින් ද? මේ කතා කරන්නේ ගස්, ගල් , ගේ දොර නැතිවෙලා යාම, මිනිස්සු මියයන බව,
පිළිබඳ නො වෙයි, මේ කතා කරන්නේ හේතු ධර්මතාවයන්ගෙන් හටගත් දේ හේතු නැතිවෙලා යනවිට
නැතිවෙලා යන ස්වභාවය පිළිබඳව යි. ඒ නිසා ආයතන හය පැත්තෙන්ම මේක කතා කළ යුතු යි. ඇහැ
අනිත්‍ය යි, රූපය අනිත්‍ය යි, කන අනිත්‍ය යි, ශබ්ධය අනිත්‍ය යි, නාසය අනිත්‍ය යි,
ගඳ සුවඳ අනිත්‍ය යි, දිව අනිත්‍ය යි, රස අනිත්‍ය යි, කය අනිත්‍ය යි, පොට්ඨබ්භය
අනිත්‍ය යි, මනස අනිත්‍ය යි, ධම්මාරම්මන අනිත්‍ය යි. එහෙමනම් මේ ටිකෙන් තොරව ලොවේ
වෙනත් දෙයක් තියෙන්න ඇත්තේ නැහැ.
සබ්බ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, ‘මහණෙනි, මෙය තමයි, සියල්ල. මේ
සියල්ල හැරුණු කොට ලෝකේ තව කෙනෙක් කියනවා නම්, මේ ටික හැරුණු කොට තව එක දෙයක්
තියෙනවා කියලා, එය කවදාකවත් ලෝකේ විද්‍යමාන වෙන්නේ නැහැ, එය හුදු ප්‍රලාපයක්
විතරයි, යනුවෙන් දේශනා කොට වදාළා.
එවිට අපට පේනවා, අනිත්‍ය කියන දෙය, සියල්ල ම අනිත්‍යය යි නේ, ඇස අනිත්‍ය ය යි, රූපය
අනිත්‍ය යි. කන අනිත්‍ය යි, ශබ්දය අනිත්‍ය යි, එහෙමනම් මේ ආයතන සියල්ලම අනිත්‍ය යි
යනුවෙන් සඳහන් කළේ. ඔබට දැන් හිතන්නට දෙයක් ඇත්තේ නැහැ, කලින් දැකපු දේ නැවත
තියෙනවා ද යනුවෙන්.
එතැන අනිත්‍ය ධර්මය සාක්ෂාත් කරන කෙනෙකුට දැන් අපට, අනිත්‍ය කියන සංකල්පය ඉතාම
සියුම් තැනකට අපේ නුවණ අරගෙන යනවා. ඒ තමයි, ආයතන මොහොතක් මොහොතක් පාසා අනිත්‍ය වෙන
බව.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |