කුල දරුවන් හය දෙනෙක්
සසුන් ගත කෙරේ
වාද්දුව, දෙල්දුව ගනේවත්ත පුරාණ රජ මහා විහාරස්ථානයේ කිතලගම නන්දසාර හිමියන්ගේ 36
වෙනි ජන්ම දිනය හා පැවිදි දිවියට 28 වසරක් පිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ් දී
සැප්. 12 සිට 15 වෙනි දා දක්වා පින්කම් මාලාවක් පැවැති අතර ගැබිනි මව්වරුන් 600
දෙනෙකුට වියළි ආහාර සලාක පාර්සල් 600 ක් බෙදාදීම, පානදුර, කළුතර දෙපළාතේ ප්‍රධාන
අධිකරණ සංඝනායක දෙල්දුව ගනේවත්ත පුරාණ රජමහා විහාරාධිපති, දෙල්දුව සුමන නාහිමියන්ගේ
මූලිකත්වයෙන් සිදු කෙරිණි.
එම අවස්ථාවට කළුතර ප්‍රාදේශීය ලේකම් සිසිර කුමාර හේනාධීර, කළුතර අතිරේක දිස්ත්‍රික්
ලේකම් විමල් ගුණතුංග, බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත වර්ණසිංහ
හා විකුම්, මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපති ජයසම්පත් රණසිංහ, හා කළුතර ප්‍රාදේශීය
සභා මන්ත්‍රී ආනන්ද ප්‍රේමකීර්ති යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
එම අවස්ථාවේ දී බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ
සංකල්පයක් වන “සිහිලැල් දැහැන” වෙහෙර විහාර සංවර්ධන ව්‍යාපෘති කටයුතු යටතේ, ගනේවත්ත
විහාර සංවර්ධන කටයුතු සඳහා රු. ලක්ෂ දහයක (10ක) චෙක් පතක්, නිශාන් වර්ණසිංහ මහතා
විසින්, විහාරාධිකාරී කිතලගම නන්දසාර හිමියන් වෙත ප්‍රදානය කරන ලදී.
කළුතර මධ්‍යම විශේෂ,
එච්.එල්. සුනිල් ශාන්ත |