බුදු දහමේ යථාර්ථය ලොව හමුවට ගෙන ගිය
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
“බුදුදහමේ යථාර්ථය ලොව හමුවට ගෙන ගිය ගිහි පැවිදි පඩිරුවන් අතර වාදිභසිංහ
මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේට අද්විතීය ස්ථානයක් හිමිවේ. උන්වහන්සේ
දක්ෂිණ ලංකාවේ බලපිටිය ග්‍රාමවරයෙහි මොහොට්ටිවත්ත හෙවත් මිගෙට්ටුවත්ත නම්
ප්‍රදේශයෙහි ජන්ම ලාභය ලැබූහ.
ගිංගම ලද්දු අසනේරිස් මැන්දිස් හා කළුදුර මල්දෝරු සිල්වා යන දම්පතීන්ගේ එකම පිරිමි
දරුවා වූ මේ උතුමාණන්ගේ ගිහි කල නාමය වූයේ මිගෙල් මැන්දිස් ය.
මිගෙල් මැන්දිස් කුමරුවා බලපිටියේ සුභද්‍රාරාමාධිපතිව වැඩවිසූ බලපිටියේ ගුණරතන
මාහිමිපාණන් වෙතින් මූලික අධ්‍යාපනය ලැබීය. ඒ අතර දෙමාපියවරුන්ගේ අනුමැතිය ඇතිව
ප්‍රව්‍රජ්‍යා භූමියට පත්විය. මේ අනුව ශාසනික නාමය වූයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද යනු
යි. බලපිටියේ ගුණරතන හා තෙලිකඩ පියරතන යන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ගුණානන්ද
සාමණේරයන් වහන්සේගේ ආචාර්යන් වහන්සේලා වූ හ. පැවිදි වී නොබෝ කලෙකින් තම
ආචාර්යපාදයන් වහන්සේ සමඟ කොටහේනේ දීපදුත්තමාරාමයට වැඩම කොට එහි වාසය කළහ .
බලපිටියේ ගුණරතන මාහිමියෝ තම ශිෂ්‍යවරයා සමඟ නැවත බලපිටියට වැඩමකොට සිටින අතරතුර
ගුණානන්ද හිමියන්ගේ පියාණන් අභාවයට පත් විය. ඉන්පසු මෑණියන් රැකබලා ගැනීමට වෙනත්
දරුවකු නොසිටි හෙයින් උපැවිදි වීමට සිදුවිය. උපැවිදිවී සිටිය දී තම ඥාතියකු වූ
බලපිටියේ වැල්ලවත්තේ රෝමානුකතෝලික පූජකවරයකු වෙතින් බයිබලය හා ක්‍රිස්තියානි ධර්මය
මැනවින් හදාළේ ය. මෙය දැනගත් මිගෙල් මැන්දිස් තරුණයාගේ පැවිදි මාමා කෙනකු වන සීනිගම
ධීරක්ඛන්ධ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මිගෙල් කිතුනු ආගමට යොමුවේයැයි සිතා බුදුදහම
හැදෑරීමට යොමු කළහ. මෙසේ බුදුදහම පිළිබඳව අධ්‍යයනයෙහි නියුතුවන කාලයේ දොඩන්දූව
කුමාරකන්ද උඩමහ විහාරයේ ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලිවීමේ කාර්යයට ද සහභාගි වූ
මිගෙල් තරුණයා ගිහි ප්‍රභූන්ගේ සිත් දිනාගෙන උද්‍යෝගයෙන් කටයුතු කළේය.
ඒ අතර තෙලිකඩ සෝනුත්තර නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස නැවතත් ප්‍රව්‍රජ්‍යා භූමියට
පත්විය.
1849 ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ නියෝගයකට අනුව කොළඹ තැනින් තැන රෝපණය කොට හැදී වැඩී
ගොස් බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක්වී තිබුණ බෝධි වෘක්ෂයන් කපා දමා විනාශයට පත්කිරීමේ
ක්‍රියාවලියක යෙදිණි. එයට උරණ වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් “ බෝධිරාජ
සමිතියක් පිහිටුවාගෙන එම බෝධිවෘක්ෂයන් කපා හෙලූ තැන්වලම නැවතත් බෝධි අංකුර රෝපණය
කරවීය. ගිහි ප්‍රභූන් අසරණව සිටි අවස්ථාවක එම කාර්යයෙහි අභීත වීරයා වූයේ
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ය.
බුදුදහම පිළිබඳව ඉදිරිපත් කළ මිථ්‍යා මත බිඳහෙලීමට ගුණානන්ද හිමිපාණෝ් අනුගමනය කළ
තවත් ප්‍රබල ක්‍රියාමාර්ගයක් ලෙස 1864 සිදුකළ බද්දේගම වාදය 1866 සතර කෝරළයේ
උදන්විටදී කළ වාදය 1871 ගම්පළ පාසලක සිදුකළ ගම්පල වාදය 1899 දී ඔරුගොඩවත්තේ දී කළ
වාදය 1873 පානදුරාවාදය දියත් කළහ. මේ සෑම වාදයකටම වඩා පානදුරේදී පැවැත්වු වාදඩ
බෞද්ධයන්ගේ මහත් ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් විය. බෞද්ධයන්ගේ පාර්ශ්වයෙන්
මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද, ක්‍රිස්තියානි පක්ෂය වෙනුවෙන්
දාවිත් ද සිල්වා පූජකතුමන්ද ක්‍රියා කළහ. පානදුරාවාදය ඓතිහාසික වාදයක් විය. මෙම
වාදයෙන් බෞද්ධ පාර්ශ්වයට ජයග්‍රහණය අත් විය. මෙම වාදයේ සාරාංශය ඉංගී‍්‍රසි භාෂාවට
පරිවර්තනය කොට මුද්‍රණය කරවා මහජනයා අත බෙදාහරින ලදී. එයින් පිටපතක් අමෙරිකානු
ජාතික ෆීබල් මහතාට කියවන්නට ලැබී අමෙරිකාවට ගෙන ගොස් පිටපත් දහස් ගණනක් මුද්‍රණය
කරවා එම රටේ ජනතාව අතර බෙදාහරින ලදී. මෙයින් පිටපතක් සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්
තුමාට ලැබී අමන්දානන්දයට පත්ව මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ට ලිපියක් එවා 1880
මැයි 17 වෙනිදා සෙන්පති හෙන්රි ඕල්කට්තුමා බ්ලැවැට්ස්කි මැතිණියත් සමඟ ලංකාවට
සම්ප්‍රාප්ත විය. ඕල්කට්තුමා ගාල්ලේ විජයානන්ද විහාරස්ථානයේ දී විශාල බෞද්ධ පිරිසක්
මධ්‍යයේ දී අක්මීමන ධර්මාරාම හිමියන්ගෙන් තිසරණ පන්සිල් සමාදන්ව බෞද්ධයකු බවට
පත්විය.
පානදුරාවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්තව සෙන්පති හෙන්රි ස්ටීල්
ඕල්කට්තුමාත්, බ්ලැවැට්ස්කි මැතිණියත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන් දැනහැදින
ගැනීමත්, එසේම හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි පූජ්‍ය රත්මලානේ ධම්මාරාම නාහිමි,
වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි ආදි නාහිමිවරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ඇරඹුණ බෞද්ධ
පුනරුදයට මහත් ශක්තියක් විය. අනගාරික ධර්මපාලතුමා , බ්‍රහ්මචාරි වලිසිංහ
හරිශ්චන්ද්‍ර තුමා ආදි බෞද්ධ නායකයින්ටද බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ බල බිඳින්නට යථෝක්ත
නාහිමිවරුන් සහ ඕල්කට්තුමා ද මහත් අනුබලයක් විය.
මේ කාලයේදී ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් බෞද්ධ පාඨශාලා ආරම්භ විය. මේ අනුව
උන්වහන්සේගෙන් ඉටුවුන යුග මෙහෙවරට දැනට පවතින කොළඹ ආනන්ද විද්‍යාලය, ගුණානන්ද
විද්‍යාලය නමින් නම් කරන්නට ඕල්කට්තුමා යෝජනා කළ අතර එයට දැඩි අකැමැත්ත ප්‍රකාශ කළ
ගුණානන්ද මාහිමියෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද
මහරහතන් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා ආනන්ද විද්‍යාලය යැයි නම් කළ යුතු බව ප්‍රකාශ
කළහ.
යුගයේ මහාවීරයා වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ගේ පිළිරුව ගමක් පාසා ගෙන යමින්
විහාරස්ථානයන් පාසා උත්සව පැවැත්වීමට බෞද්ධයෝ ඉදිරිපත් වූ හ. මෙය බෞද්ධ පුනර්ජීවයේ
සදා අනුස්මරණීය සිදුවීමක් විය.
රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසලේ
නියෝජ්‍ය විදුහල්පති සාමවිනිසුරු
ඒ.නන්දිසේන ඉන්ද්‍රසේකර (බී.ඒ.ගෞරව) |