[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදම්පේ – මහගම ශ්‍රී විජිතාරාම මහගම ශ්‍රී සමගි දහම් පාසල


පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් මහගම ශ්‍රී සමගි දහම් පාසල පුරා දශක තුනකට අධික කාලයක සිට පැවත එන්නකි.

1977 වර්ෂයේ එවකට විහාරාධිපතිව වැඩ විසූ අස්සැන්නාවත්තේ ඥානතිලක හිමියන්ගේ මූලිකත්වයෙන් දහම් පාසල ආරම්භ කර ඇත.

ඉන් පසුව අපවත්වී වදාළ මහගම ඥානපාල, කරවිට සුමේධ යන හිමිවරුන් මේ දහම් පාසල අඛණ්ඩව, විධිමත්ව පවත්වාගෙන යාමට ප්‍රයත්න දරා ඇත.

එළුවාපිටියේ මහින්ද හිමියන් ද දහම්පාසලේ උන්නතිය සහ චිරස්ථිතිය උදෙසා ක්‍රියාකර ඇත.

වත්මන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි හාල්පන්විල පාලිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ගලේවෙල විනීත හිමි ප්‍රධානාචාර්ය ධූරය දරමින් සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි.

ප්‍රදේශයේ උගත්, බුද්ධිමත් දොළොස් දෙනෙක් නිශ්සරණාධ්‍යාශයෙන් දරු දැරියන්ට දහම් දැනුම ලබාදීමට කැප වී සිටී. දරු දැරියන් සියයක් පමණ දහම් අධ්‍යාපනය ලබති. ප්‍රාදේශීය, දිස්ත්‍රික් සමස්ත ලංකා මට්ටමින් ලැබු ජයග්‍රහණ බොහෝ ය.

වාර්ෂික විධිමත් කාල සටහනකට අනුව වැඩ සටහන් පවත්වමින් දහම් පාසල ඉදිරියට පවත්වාගෙන යාමට දහම් පාසල් සංවර්ධන සමිතිය දායකත්වය ලබාදේ.

දහම් පාසලේ උන්නතියට සහ චිරස්ථිතියට නිරතුරුව අවවාද අනුශාසනා ලබා දෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි හාල්පන්විල පාලිත. මාදම්පේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි හේනපොල සුමංගල තිස්ස යන නාහිමිවරුන් සහ අපවත්වී වදාළ අස්සැන්නාවත්තේ ඥානතිලක , මහගම ඥානපාල, කරවිට සුමේධ යන හිමිවරුන් නමස්කාර පූර්වක ව සිහිපත් කරමු.


ප්‍රධානාචාර්ය ගලේවෙල විනීත හිමියන් ප්‍රමුඛ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය

 දහම් පාසල් සිසු දරු දැරියන්ගෙන් කොටසක්

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]