හාල්දඬුවන ශ්‍රී ධර්මරක්ඛිත නා හිමි
හලාවත දිස්ත්‍රික්කයේ ඕතර හාල්දඬුවන නම් ගම් පියසේ දී මාපාහාමිල්ලාගේ කර්ණිස්
අප්පුහාමි, දෝන කතිරිනා උපාසිකාව යන දම්පතින් මව් පිය කොටගෙන 1894 දෙසැම්බර් 11
දින ජන්ම ලාභය ලැබු සුපින්වත් කුමරුවා මාපාහාමිල්ලාගේ සිරිවර්ධන විය.
මූලික අධ්‍යාපනයෙන් පසු කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති හික්කඩුවේ ශ්‍රී
සුමංගල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, පැල්මඩුලු පුරාණ රාජමහා
විහාරාධිපති ඉඳුරුවේ පියදස්සි මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හා හාල්දඬුවන
බුද්ධරක්ඛිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1903 දී පැල්මඩුලු පුරාණ
රාජමහා විහාරස්ථානයේ දී හාල්දඬුවන ධම්මරක්ඛිත යන ශාසනික නාමයෙන් පැවිදි විය.
ප්‍රාථමික අධ්‍යාපනය සඳහා රත්නපුර සද්ධර්මාලංකාර පරිවේණාධිපති ඌරාපොල ශ්‍රී අභයරාජ
රතනජෝති නාහිමියන් වෙත ද, උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහා
පිරිවෙණ වෙත ද වැඩම කළහ. 1915 දී මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී
උපසම්පදාව ලැබී ය.
විිද්‍යෝදය මහ පිරිවෙනේ අධ්‍යයන කටයුතු නිමාකළ ධම්මරක්ඛිත හිමියෝ 1918 දී පැල්මඩුලු
මහා විහාරයෙහි ආධිපත්‍යයට පත්වූයේ ආගමික හා අධ්‍යාපනික වශයෙන් ප්‍රදේශය ට සේවාවක්
කිරීමේ උතුම් අරමුණ ඇතිව ය.
ගුණගරුක දැහැමි සමාජයක් බිහිකිරීමේ අරමුණින් 1925 දී පමණ ශ්‍රී සුමංගල දහම් පාසල
ආරම්භ කළ අතර, ධම්මරක්ඛිත නාහිමියෝ බෞද්ධ අධ්‍යාපනය ලබාදීම සඳහා භූමි භාගයන් හා ධනය
පරිත්‍යාග කරමින් පැල්මඩුල්ල ගන්කන්ද ජාතික පාසල, පනාවැන්න ධර්මාරාම විද්‍යාලය,
පාතකඩ බෞද්ධ විද්‍යාලය, කාමරංගාපිටිය විද්‍යාලය ආරම්භ කර ඉදිරියට පවත්වාගෙන යාම
සඳහා රත්නපුර බෞද්ධ සමිතියට භාරදී ලියාපදිංචි කිරීමට කටයුතු සැලැස්වූහ.
පැල්මඩුලු මහා විහාර පිරිවෙන එවකට භාෂාන්තර විශාරදයෙකු වූ ඩැරල් පීරිස් මැතිතුමා හා
එක්ව “රූපඅරුණ පිරිවෙන” නමින් විශ්ව විද්‍යාල අනුබද්ධායතනයක් බවට පත් කිරීම
උන්වහන්සේ වෙතින් සිදු වු විශිෂ්ට සේවාව කි.
වසර විසිපහක් විද්‍යෝදය මහ පිරිවෙනේ ප්‍රශ්න කර්තෘ ධුරය ද, වසර පහළොවක් ප්‍රාචීන
ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාගත්‍රයේ භාෂා ත්‍රය ය පිළිබඳ ප්‍රශ්න කර්තෘ ධුරය ද
දැරූ ධම්මරක්ඛිත නාහිමිපාණෝ වසර එකහමාරක් විද්‍යෝදය විශ්ව විද්‍යාලය ආරම්භයේ පටන්
බුද්ධ ධර්මය පිළිබඳ කථිකාචාර්ය ධුරයක් දැරූහ. එමෙන් ම එම විශ්ව විද්‍යාල සනාථන
සභාවේ සාමාජිකත්වය දරමින් කටයුතු කළ අතර, උන්වහන්සේ සිදුකළ නිහඬ ධර්ම ශාස්ත්‍රීය
සේවයට උපහාර වශයෙන් ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලය “සාහිත්‍යශූරී” සම්මාන
උපාධිය පිරිනමනු ලැබී ය.
පැල්මඩුලු රාජමහා විහාරස්ථානය පසුබිම් කරගෙන එවකට හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා
ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මාහිමිවරුන් ගේ ප්‍රධානත්වයෙන් විනය සංගායනාවක්
සිදුකර ඇති අතර, එම ඓතිහාසික විනය සංගායනාව සිදුකළ විහාරයේ වැඩ වෙසෙන උගත් පඬිරුවනට
උපහාරයක් වශයෙන් 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකා රජය මගින් පිහිටුවන ලද
ත්‍රිපිටක ධර්ම පරිවර්තන හා සංස්කාරක මණ්ඩලයේ සාමාජිකත්වය පිරිනමා” චුල්ලවග්ගපාලිය”
නම් විනය ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීම උන්වහන්සේ වෙත භාර දී ඇත.
එමෙන් ම 1958 පත්කරන ලද බුද්ධශාසන කොමිෂන් සභාවේ සාමාජිකත්වය ද පිරිනමා ඇත. සිවු
වාරයක් පමණ බුරුම රටට වැඩම කර “බුරුම ජට්ඨ සංගායනාවේ “වර්ෂ තුන හමාරක් පමණ කටයුතු
කළ ධම්මරක්ඛිත නා හිමියෝ සැරියුත්, මුගලන් ධාතුන් වහන්සේ බුරුම රටට වැඩම වීමේ දූත
පිරිසට ද ඇතුළත් විය.
පැල්මඩුලු රාජමහා විහාරයේ ආධිපත්‍යය දැරූ ස්වාමින්ද්‍රයන් වහන්සේලා පස් නමක් ම
සබරගමු මහා පදවිය හා ශ්‍රීපාද පදවිය දරා ඇති අතර, මහනුවර මල්වතු මහා විහාර කාරක සංඝ
සභාව විසින් මෙම ඓතිහාසික සබරගමු මහා පදවිය හෙවත් සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක
පදවිය 1970 දී හාල්දඬුවන ධම්මරක්ඛිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමා ඇත.
1981 සැප්තැම්බර් මස 03 වන දින අපවත් වී වදාළ උන්වහන්සේ ගේ ගුණ සමරා 2019
සැප්තැම්බර් 03 වන දා සඟසතු මහා දානයක් පිරිනැමීමට පැල්මඩුලු රාජමහා විහාරය,
කරන්ගොඩ පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ
කුලපති, ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධර්ම
කීර්ති ශ්‍රී සුමංගල රතනපාල බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න ස්වාමින්ද්‍රයන් වහන්සේ
කටයුතු යොදා තිබිණි. නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.
මුත්තෙට්ටුපොල සෝමානන්ද හිමි
කොටගම වාචිස්සර මා හිමි
කෑගල්ල දිස්ත්‍රික්කයේ සතර කෝරළයේ කොටගම ග්‍රාමයේ දී, රත්නායක මුදියන්සේලාගේ උක්කු
බණ්ඩාර ගම්පති නිලමේ හා පණ්ඩිතරත්න මුදියන්සේලාගේ හාමු මහත්මයා මැණිකේ යන දම්පති
දෙපළ මව් පිය කොට උපත ලද උන්වහන්සේගේ ගිහි කල නම සෝමපාල බණ්ඩාර රත්නායක නිලමේ ය.
මූලික අධ්‍යාපනය පින්නවල ද්විභාෂා පාඨශාලාවෙන් ලබාගත් අතර දෙහිවල, පාමංකඩ ශ්‍රී මහා
විහාරය, කළුබෝවිල ශ්‍රී සුනන්දාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිටි, කෝදාගොඩ
ධර්මකීර්ති ශ්‍රී සරණංකර පඤ්ඤානන්ද අනු නාහිමියන් හා කෝඹල මේධානන්ද මාහිමි හා ඉමදූව
සීලරතන මාහිමි යන තුන් නමගේ ආචාර්යත්වයෙන් 1930 දී “කොටගම වාචිස්සර” යන නමින්
පැවිද්ද ලබා ගති.
මූලික බණ දහම් තම ගුරු හිමියන් වෙතින් ලබාගෙන 1931 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය
පිරිවෙනින් අධ්‍යාපනය ලබා 1937 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ගෞරව සාමාර්ථය
ගුණසේන ත්‍යාගය සහිතව ම සමත්වූහ.
1939 දී ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිට භාෂාත්‍රයෙන් ම ගෞරව සාමාර්ථය සහිතව ලබා
රූපසිංහ ත්‍යාගය, එඩ්මන්ඩ් හේවාවිතාරණ ත්‍යාගය හා නීල් හේවාවිතාරණ ත්‍යාගය හිමිකර
ගත්හ. 1941 දී විද්‍යෝදය පිරිවෙනේ අවසාන පරීක්ෂණය ගෞරව පන්තියෙන් ප්‍රමුඛතම ස්ථානය
ලබා සමත්වන ශිෂ්‍යයාහට පිරිනැමෙන ශ්‍යාමරාජ ත්‍යාගය දිනා ගන්නා ලදී. 1943 දී
ප්‍රාචීන පණ්ඩිත විභාගයට පෙනී සිට භාෂාත්‍රයෙන් දිවයිනෙන් ම ප්‍රමුඛයා ලෙසට සමත්ව
උභය සේඛර ස්වර්ණ මුද්‍රිකාව දිනා ගන්නා ලදී.
1945 දී මහනුවර ධර්මරාජ විදුහලෙන් ඉංගී‍්‍රසි භාෂාව ප්‍රගුණ කරගත් කොටගම වාචිස්සර
හිමියන් 1951 දී ලන්ඩන් විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද සාමාන්‍ය ශාස්ත්‍රවේදී
උපාධිය ගෞරව ලෙස සමත් වූහ. 1952 දී එම විශ්ව විද්‍යාලයෙන් ම ගෞරව ශාස්ත්‍රවේදී
උපාධි පරීක්ෂණය ද ගෞරව ලෙස සමත් වූ උන් වහන්සේ 1953 දී එම සරසවියෙන් ම ශාස්ත්‍රපති
පශ්චාත් උපාධිය ද දිනා ගත්හ. 1942 දී කෝට්ටේ කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ
සභාවේ දී උපසම්පදාව ලබාගත් කොටගම සිරි වාචිස්සර හිමියන් 1961 දී එංගලන්තයේ ලීඩ්ස්
විශ්ව විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත්හ. යළිඳු 1961 දී
ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව “වැලිවිට සරණංකර සහ බුද්ධ ධර්මයේ පුනර්ජීවය නම්
නිබන්ධය ඉදිරිපත් කොට ආචාර්ය (ර්‍ථඩ්ච්) උපාධිය දිනා ගන්නා ලදී.
1962 දී එම සරසවියෙන් ම අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන එම විශ්ව
විද්‍යාලයේ සම්භාවනීය මහාචාර්යවරුන් සමඟ මනෝ විද්‍යාව, අධ්‍යාපන දර්ශනය පිළිබඳ
පර්යේෂණ සිදු කළහ.
මෙලෙසින් අද්විතීය ශාස්ත්‍රීය අධ්‍යාපන ප්‍රගතියක් ලබා මහා පඬිරුවනක් වූ කොටගම
වාචිස්සර යතිවරයන් වහන්සේ තමුන් වහන්සේ ලද දැනුම් සම්භාරය දුහුනන් දැනුමට බෙදාදීමට
උනන්දු වූ හ. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන, මහනුවර ධර්මරාජ විදුහල, කොළඹ
ආනන්ද විදුහල, එංගලන්තයේ ර්ධඤඥපද ට්පචථථචප (මොඩන් ග්‍රැමර්) ර්ධඤඥද ඉජඩධධත ධට
ඕපඪබධද (මොඩන් ස්කූල් ඔෆ් බ්‍රිටෝන්) යන පාසල්වල අතිශයින්ම දක්ෂ, සිසුන්ගේ
විත්තාරාධනයට ලක්වූ ඇදුරෙක් වූ හ.
විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්ම හා පාලි අධ්‍යයනාංශයේ මහාචාර්ය ධුරයට පත්ව
1969.අගෝස්තු 19 දින අපවත්වන තුරුම එහි සේවය කළහ. ගුරුවරයෙකු හා භික්ෂුවක ලෙසින්
උන්වහන්සේ දස දහස් ගණනින් ගිහි – පැවිදි වියත් පරපුරක් බිහිකිරීමට දායක වූ හ.
උන්වහන්සේ වැඩසිටියේ වසර 52 ක් වැනි කෙටි කලකි. නමුත් උන්වහන්සේගෙන් සම්බුදු
සසුනටත්, ශ්‍රී ලාංකික සමාජයටත්, පොදුවේ ලෝකයාටත්, සිදු වූ නොනිමි මෙහෙය
සදානුස්මරණීය යි.
1961 දී හොඳම සාහිත්‍ය කෘතියට සම්මානිත වූ “සරණංකර සංඝරාජ සමය” ඊට හොඳම නිදර්ශනයයි.
පාසල් සිසුන් සඳහා ම රචිත “බුදුදහම” පෙළපොත් සංග්‍රහය ඉතා ජනපි‍්‍රය පොත් සංග්‍රහය
කි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ පේතවත්ථුව සිංහලට පරිවර්තනය , සද්ධර්ම
රත්නාවලිය, හංස සන්දේශය, එළු අත්තනගලු වංශය, යන කෘති සංස්කරණය කොටගම මා හිමිගේ
ශාස්ත්‍රීය සේවයේ අගය කළ යුතු තැන් ය.
අපවත්වීමෙන් පනස් වසරක් ගතවීම නිමිත්තෙන් ගුණානුස්මරණ උත්සවයක් ඊට සමගාමීව කොටගම
ගමට දිවෙන මාවත “කොටගම වාචිස්සරනාහිමි මාවත” ලෙස නම් කිරීමත්, මහාචර්ය ජේ.බී.
දිසානායක ශුරින් ගුණ සමරු දෙසුමක් පැවැත්වීමටත්, මහාචාර්ය කොටගම වාචිස්සර ගුණ සමරු
පදනම මගින් අගෝස්තු 18 දින පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මහාචාර්ය කොටගම වාචිස්සර
මාහිමිපාණන්ට උතුම් නිවන් සුව වේවා.
නිට්ටඹුව හා දඹදෙණිය සාරිපුත්ත ජාතික
අධ්‍යාපන පීඨාධිපති
කොටගම වාචිස්සර හිමි |