ත්‍රිපිටක දහම-07:
ලොවට නො දැනෙන නො විඳින දේ...
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව සඳහන් කිරීමේ දී පළමුව දුක්ඛ සත්‍ය සඳහන් කළොත්, ‘සො
ඉදං දුක්ඛංති යථා භූතං පජානාති’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ චුල්ලහත්ථිපදෝපම
සූත්‍රයෙන් දේශනා කරන්නේ දුක යි යනුවෙන් අවබෝධ කළ යුතු බව යි.
ධර්මය ශ්‍රවණය කර, ශාසනයට පැමිණි උත්තමයා උතුම් සීලයකින් යුක්ත ව, සිත සමාධිමත්
කරගෙන, ඒ සමාධිමත් සිතෙන්, කර්මණ්‍ය වූ සිතෙන් ධර්මය පිළිබඳව ආසවක්ඛය ඥානය එනම්,
ආශ්‍රවයන් ක්ෂය කිරීම තමන් තුළ උපදවා ගන්නවා. ඒ පුද්ගලයා දුක පිළිබඳව හඳුනනවා,
නුවණින් දකිනවා. එනම් දුක්ඛ සත්‍ය ගැන විශේෂයෙන් කථා කිරීමේ දී , මේ ශාසනයට අදාළ
දුක්ඛ සත්‍ය කුමක්ද? යනුවෙනි. ලෝකයේ "දුක" යනුවෙන් ධර්මතාවයක් තියෙනවා. එය අප
කවුරුත් හඳුනන, දන්නා දුක යි, කායික සහ මානසික වශයෙන් අපට ඇතිවන දුක්ඛ වේදනාව යි. ඒ
දුක්ඛ වේදනාව වේදනාත්මක වශයෙන් කායිකව හෝ මානසික වශයෙන් විඳින්නට පුළුවන්. ඒ
වේදනාත්මක දේ කවුරුත් දන්නා දෙයක්. එය දුක යනුවෙන් හඳුන්වන අතර දුක සහ දුක්ඛ සත්‍ය
යනු කාරණා දෙකක්. මේ ශාසනයේ පමණයි, දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව කථා කරන්නේ. දුක්ඛ
ආර්ය සත්‍ය දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක සාමාන්‍ය ලෝකයට නොපෙනෙන දෙයක්. දුක
යනුවෙන් පවසද්දී, සාමාන්‍ය ලෝකයට පෙනෙන සහ දැනෙන දෙයක් වුවත්, දුක්ඛ ආර්ය සත්‍ය
සාමාන්‍ය ලෝකයට නොදැනෙන, නොවිඳින දෙයක්.
බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ ‘යමකප්‍රකරණයේ’ සච්ච යමක විග්‍රහය තුළ දුක සහ
දුක්ඛ සත්‍ය යනු කරණා දෙකක් බව පැහැදිලි කරනවා. දුක යනු කුමක්දැ’යි විමසා දුක
පිළිබඳව විග්‍රහ කරනවා, යම් කායික හෝ මානසික දුක, ‘දුක’ යනුවෙන් ද කායික, මානසික
දුක හැරුණු කොට, ඇති වන දුක, ‘දුක්ඛ සත්‍ය’ යනුවෙන් සඳහන් කරනවා. එසේනම්, කෙනෙක්
සිතන්නට පුළුවන්, කුමක්ද? මේ කායික , මානසික දුක? එය අප දන්නා දෙයක්. නමුත් ඒ
හැරුණු කොට පවතින දුක කුමක්ද? යනුවෙන් ඒ නිසයි, මෙය මේ ශාසනයේ පමණක් කතා කරන
අවබෝධාත්මක දෙයක් යනුවෙන් හඳුන්වන්නේ. නුවණින් අවබෝධ කරගත යුතු දෙයක් යනුවෙන් සඳහන්
කරන්නේ ද , දුක්ඛ ආර්ය සත්‍ය යනුවෙන් සඳහන් කරන්නේ ද ඒ නිස යි.
දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව විග්‍රහ කරන විට, වේදනාත්මක දුක යනුවෙන් පවසනවාට වඩා ඉන්
එහා ගිය ලක්ෂණ ටිකක් ලෙස තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. එහි ලක්ෂණ ලෙස දුක්ඛ සත්‍ය
පිළිබඳව තේරුම් ගැනීමේ දී අපට පටිසම්භිදාමග්ගප්‍රකරණයේ එන සච්ච ඥාන චතුස්ඛන්ධය යන
කොටසේ දී මෙලෙස දුක්ඛ සත්‍යයෙහි ලක්ෂණ පිළිබඳව සඳහන් කරනවා. එනම්, ‘දුක්ඛස්ස
පීලනාර්ථ’ දුකේ තියෙනවා, පීලනාර්ථය නැතිනම්, පෙළීම් සහගත බව, පෙළෙන ස්වභාවය යනුවෙන්
අප ඇතිකරගන්නේ කායික සහ මානසික පෙළීම යි. නමුත් මෙහි සඳහන් කරන්නේ ඒ ස්වභාවය ඉක්මවා
ගිය දුක්ඛ ලක්ෂණය පිළිබඳව යි. එනම්, මේ ලොව පවතින්නේ හේතු ඵල දහමක් නිස යි. හේතුව
නිසා ඵලයක් ඉපදෙනවා, එවිට ඵලය හේතුවක් වෙනවා, ඒ හේතු ටික නිසා නැවත ඵලයක් උපදිනවා,
මේ ලෙසින් හේතු ඵල දහමට පැවැත්මක් ලොවේ තියෙනවා, හේතු ධර්මයන්ට පවතින්නට
පුළුවන්කමක් ඇත්තේ නැහැ, හේතු නිතරම වෙනස්වන ස්වභාවයෙන් යුක්ත යි. හේතුවට පවතින්න
බැහැ, හේතුව පෙළෙනවා. එනම්, අප ජීවත් වුව ද යම් දිනක මිය යනවා, ඒ මිය යන බව නිසා
පෙළීමක් ඇති වෙනවා. එසේම හේතුවට පවතින්නට නොහැකි බව හේතුවේ ලක්ෂණයක් යනුවෙන් සඳහන්
කරනවා ‘පීලනාර්ථය’ යනු පෙළීම් සහගත බවයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |