Print this Article


කළුතර අස්සජි නාහිමියෝ පැවිදි දිවියේ පනස් වසර සපුරති

කළුතර අස්සජි නාහිමියෝ පැවිදි දිවියේ පනස් වසර සපුරති

කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති රත්නපුර, කළුතර, දෙපළාතේ ප්‍රධාන සංඝ නායක හල්වතුරේ අස්සජි නා හිමියන්ගේ පැවිදි දිවියට පුරා වසර පනහක් සපිරේ. අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ කළුතර පළාත් සංඝ සභාවේ සභාපති ධුරය හොබවන උන්වහන්සේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකඛාධිකාරි ධූරය ද දරමින් සුවිශාල ශාසනික මෙහෙවරක නිරතව සිටිති. උන් වහන්සේගෙන් සිදුවන ආගමික හා සාමාජික සේවය අගයමින් උපහාර පිදීමේ උත්සවයක් සැප්තැම්බර් පළමු වන දා සවස බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජ මූලස්ථාන මහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.