Print this Article


හිඳගල ඤාණාධාර හිමියන් රචිත ග්‍රන්ථ පහක් 8 වැනිදා දොරට වඩී

හිඳගල ඤාණාධාර හිමියන් රචිත ග්‍රන්ථ පහක් 8 වැනිදා දොරට වඩී

 

විද්වත් හා කීර්තිමත් ලේඛකයකු ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කථිකාචාර්ය, ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියන් විසින් බුදුදහමේ ඉගැන්වෙන විවිධ පැතිකඩ පාදක කරගෙන රචිත ග්‍රන්ථ පහක් දොරට වැඩීමේ මහෝත්සවය සැප්තැම්බර් 08 වන ඉරිදා පස්වරු 2.00ට දිවුලපිටිය බලගල්ල සරස්වතී මහ පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වේ.

* ලොව හදවත් සැනසූ සම්බුද්ධ දේශනා

* නූතන විද්‍යාවෙන් සනාථ වූ භාවනාව, පිරිත හා බෝධිපූජාව

* විශ්වයේ අනන්තය දුටු විද්‍යාත්මක සංකල්ප විද්‍යමාන

සූත්‍ර පිටකය

The spread of Therawada Buddhism in South India

* The Rise and Decline of Therawada Buddism Tamiln Countries (kerala)

යන සිංහල භාෂාවෙන් හා ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියැවුණ ග්‍රන්ථ පහ එදින මෙසේ දොරට වැඩීම සිදුකෙරේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන දොරට වැඩීමේ උත්සවය සඳහා ගිහි පැවිදි ප්‍රභූ හා විද්වත් ආරාධිතයෝ රැසක් සහභාගි වීමට නියමිත ය.

උතුරුමැද පළාත් ප්‍රධාන සංඝ නායක පොතානේ ශ්‍රී ධම්මානන්ද නාහිමි, මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි, මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි, මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිි, අධ්‍යාපනපති නැදගමුවේ වියජමෛත්‍රි හිමිි, මහාචාර්ය වරාගොඩ පේමරතන අනුනා හිමි, සහ ශාස්ත්‍රපති අත්තන්ගනේ ශාසනරතන හිමි ඇතුළු මහ සඟරුවන සහ ප්‍රභූ පිරිසක් ද, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස , මහාවංශ සම්පාදක මණ්ලඩයේ ලේකම් මහාචාර්ය මාලනි ඇඳගම, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්නායක එම්. හේරත්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න, ප්‍රාදේශීය ලේකම් ජානකි රාජකරුණා , ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී.එස්. පි‍්‍රයන්ත මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයෝ පිරිසක් ද එම අවස්ථාවට එක්වීමට නියමිත ය.

බලගල්ල සරස්වතී පිරිවෙන් දායක මහා සභාව ඇතුළු සංවිධාන රැසකගේ මෙහෙයවීමෙන් එම උත්සවය පැවැත්වේ.