Print this Article


පහන් සිතක කවි

වස්සානය

සැරසී සුදු වතින් තෙල් මල් ගෙන දෝතින්
එක්වී එක මඟක පන්සල් පැමිණ තුටින්
නික්මී යන දවස පිළිබඳ සිතා නැණින්
සිත් සේ කුසල් කරගන්නට යෙදෙමු ඉතින්

වස්සානය යි මේ එළැඹී තියෙන් නේ
පින් සාරය යි හද තුළ ලියලා එන් නේ
සම්මාදම යි සමඟිව කළ යුතු වන් නේ
අට මහ කුසලයට ඉඩකඩ සැලැසෙන් නේ


එතෙර වෙමි

තුන් ලොව දිනූ සම්බුදු හිමි දැක ගතිමි
මිත්‍යා පවිටු අදහස් හැම ඉවත ලමි
සම්බුදු දහම දැකගත් ‘මුනි’ කෙනෙකු වෙමි
ඉපදෙන මැරෙන සසරින් මම එතෙර වෙමි


වැළපුම

ඊතයිල් හා යුද්ධයෙන් දැන් මගේ පැරදුම අත ළඟයි
සිරෝසිස් වියරුවෙන් හිනැහී පරාජයෙ සුදු කොඩි වනයි
මගේ හිතවත් මිතුර අමතක වී ද ‘අක්මා’ මගේ නමයි
මෙමා වැනසුවෙ නුඹ වැළඳගත් මාර දුවගේ විස තමයි

නිපදවීමට ඇල්බියුමින් අපහසුයි මා හට අනේ
පටක තරලය එකතු වී මගෙ සිරුර ඉදිමෙනවා දැනේ
බඩ ගෙඩිය පිම්බිලා ටික ටික කළ ගෙඩිය වාගේ පෙනේ
මධ්‍යසාරයෙ කෙරුමෙ මහිමය සිහිය දුර්වල වෙනවනේ

අතපයේ වෙර වීරිය ඇති කල මොණර කොළයෙන් විකුම් පා
හිතවතුන් හා අඳුරු කුටි තුළ සිංහ වෙස් ගෙන සිනා පා
වීරයෙකු අද සුනඛයෙකු සේ නිවට දුක් විඳවයි අපා
කිසිම භවයක පවිටු මිතුරන් සමඟ ඇසුරක් නම් එපා


උපහාර

කැන්දවින්න නිජබිම හැර විත් ගමට
දක්වා පුදුම ඇල්මක් මේ ජන සැමට
කැක්කුම දැයට හද පතුලේ නිදන් කොට
දිවා රෑ විකුම් පෑ ගුණානන්ද හිමි හට

සතර වරං දෙවි පිහිටයි ගම්බාර
නිකිණි මාසෙ දහඅට වෙනි දින අමර
පැවිදි වියට ගෙවෙනා අඩ සිය වසර
සමිඳුට සෙත් පතා සැමගේ උපහාර


නිමල දහම රැක ගනිමු

එදා දවස අප සමිඟඳුන් වැඩ සිටියා
බුදු හිමි නෙතින් ඒ සැම දෙය දුටුවා
නිර්මල බුදු දහම රට තුළ පැතිර ගියා
දෙනෝ දහක් දෙන නිවනින් නිවන් ගියා

බුදු හිමි දෙසූ නිර්මල ධර්මය ඇත්තේ
ලක්දිව තුළ ය අප එය රැක ගත යුත්තේ
උගත් පඬිවරුන් සිටිමුත් නිති සිත් සේ
අපි සැම දෙනම එකතුව රැක ගත යුත්තේ


උපහාර

කැන්දවින්න නිජබිම හැර විත් ගමට
දක්වා පුදුම ඇල්මක් මේ ජන සැමට
කැක්කුම දැයට හද පතුලේ නිදන් කොට
දිවා රෑ විකුම් පෑ ගුණානන්ද හිමි හට

සතර වරං දෙවි පිහිටයි ගම්බාර
නිකිණි මාසෙ දහඅට වෙනි දින අමර
පැවිදි වියට ගෙවෙනා අඩ සිය වසර
සමිඳුට සෙත් පතා සැමගේ උපහාර


කඨිනය

සිදුරු නොවෙන නොබිඳෙන මහ කුසලයකි
වසරක එක් වරක් කළ හැකි පින්කමකි
සසර දුක් නිවේ නිවනට ඉණි මගකි
සුදනෙනි කෙලෙස් දුරු කළ හොත් යහපතකි

අට මහ කුසලයක දායකයකු වන්ට
කඨිනය හොඳයි වස් චීවරෙ දන් දෙන්ට
වස් කාලයෙ වැඩ සිටි හිමි නමක් හට
පූජා කළොත් ලැබෙනව නිවනට යන්ට


අනුබුදු මිහිඳු හිමි සමරමු

අනු බුදු මිහිඳු හිමි සිරිලක වැඩි සේක
අප හැම දෙනාටම සදහම් දෙසු සේක
වයසින් අසූ වසරක් මෙහි සිටි සේක
අද වැනි පෝ දිනක නිවනට වැඩි සේක