මිත්‍ර ද්‍රෝහි වූ අසද්පුරුෂයා
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
මහාචාර්ය
අලහේනේගම සුමනරතන හිමි
සද්පුරුෂයාගේ විශාල උපකාරය අතිමහත් ය. තිදෙනාම තමන් ලත් අස්වැසිල්ල නිසා ලොකු
සතුටක් උපදවාගෙන සද්පුරුෂ මිනිසාට ප්‍රශංසා කළේය. ලබා දුන් ජීවිත දානය නිසා
මිත්‍රකමක් ඇතිකර ගත් ඔහු තමාට අවශ්‍ය වූ අවස්ථාවක ඕනෑම උපකාරයක් ඉල්ලන ලෙසත්,
තිදෙනාම සමීපස්ථානයේ ම වාසය කරන බවත්, සඳහන් කළහ. තිදෙනාගෙන් පළමුව ගිරාපෝතකයා
ඉදිරිපත් විය.
බරණැස දකුණු වාසල් දොර නුග ගසක වාසය කරන බවත්, අවශ්‍ය වූ විටෙක කතා කරන ලෙසත්,
ඉල්ලා සිටියේ ය. ‘ගිරාපෝතකය’ යනුවෙන් අමතන ලෙස ද දන්වා සිටියේ ය. දෙවනුව ඉදිරිපත්
වූ දිව්‍ය නාගරාජයා තමා එකී නුග රුක ආසන්නයේ තුඹසක වාසය කරන බවත්, අවශ්‍ය වූ විටෙක
කතා කරන ලෙසත් සුහද ලීලාවෙන් කී ය.
උපකාර ලැබූ මිනිසාද, දෙවනුව ඉදිරිපත් වී ස්වාමීනී අපට උපකාර කළ ඔබට අවශ්‍ය වූ කල
බරණැස් නුවර අසවල් වීදියකට අවුත් කතාකරන ලෙස කී ය. අනතුරුව තිදෙනාම සතුටු සිතින්
එතනින් ඉවත්ව ගියහ. ටික කලකින් සද්පුරුෂ පුද්ගලයාට අවශ්‍යතාවක් ඇති වී පළමුව
ගිරාපෝතකයා ජීවත්වන නුගරුක සමීපයට ගොස් ගිරවාණෙනි, යනුවෙන් ඇමතී ය. එම හඬ ඇසූ ගිරා
පෝතකයා වහා එතනට අවුත් සද්පුරුෂයාගෙන් සුහදව සුවදුක් විචාරා අවශ්‍යතාව කුමක්දැයි
ඇසී ය. උපකාර කළ පුරුෂයා තමා නිර්ධන ව අසරණ වී සිටින බවත්, අඹු දරුවන් ඥාතීන්ට පවරා
දී මෙසේ පැමිණි බවත්, සඳහන් කළේ ය. මෙම අවස්ථාවේ වහා උනන්දු වූ ගිරවා උපකාරක
පුරුෂයා නවතා ජීවනෝපායක් සොයා ගියේ ය. මේ අවස්ථාවේ බරණැස් නුවර රජතුමා ආශ්චර්යයෙන්
පිරී උද්‍යානයට ගොස් සිරි නරඹා විනෝද වී උයන්කෙළි කෙළ ආභරණ ගලවා ස්නානය කිරීමට පටන්
ගත්තේ ය. එවිට ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රමාදයක් දුටු ගිරවා රජතුමාගේ මුතුහර තුඩින්
ඩැහැගෙන ගොස් මිත්‍ර සද්පුරුෂයා අත තබා අවශ්‍ය ප්‍රයෝජනය ලබාගන්නා ලෙස දැන්වී ය.
මෙම අවස්ථාවේ මුතුහරෙහි ආරක්ෂාව පිළිබඳව සිතූ සද්පුරුෂයා තමාගේ දෙවන මිත්‍රයා වූ
මිනිසා වාසය කළ වීදියට ගොස් ඔහුට කතා කළේ ය. එම මිනිසා ද එළියට අවුත් අවශ්‍යතාව
කුමක්දැයි විමසීය. එවිට සද්පුරුෂයා තමා ගමනක් ගොස් එනතුරු මුතුහර ආරක්ෂා කොට තබන
ලෙස ඉල්ලා සිටියේ ය. මිත්‍ර මිනිසා ද එය බාරගත්තේ ය. ගිරවා කළ උපකාරය ද දැන්වීය. මේ
අතර බරණැස් රජතුමා ස්නානය කොට ආභරණ පැළඳීමේ දී මුතුහර අතුරුදන් වූ බව දැනගෙන එය
සොයාදුන් අයෙකුට බොහෝ සම්පත් දෙන බවට නුවර පුරා අණබෙර ගැස්වී ය. මිත්‍රද්‍රෝහී වූ
අභරණ පිළිබද අතිශය ලෝභීව අකෘතඥකමින් මුළා වී මුතුහර රජතුමා වෙත ගෙනගොස් තමනට පෙර
උපකාර කළ පුද්ගලයා නොතකා රාජපුරුෂයන් හමු වී මුතුහර බාර දී කලින් කී සද්පුරුෂයාගේ
උපකාරය ද නොසලකා ඔහු රජුට අල්ලා දීමට ද ක්‍රියා කළේ ය.
එම කතාව අසන කියවන ඔබ ද අසද්පුරුෂයාගේ පරපීඩන අකෘතඥ ක්‍රියාවලිය ගැන සිතා බලන්න.
කතා පුවත පෙන්වාදෙන ගත්කතුවරයා සර්පයාට කොතෙක් කිරි පෙව්වත් එම සර්පයා අන්තිමට විෂ
ම නිකුත් කරන බව සඳහන් කරයි.
මෙම ලිපියෙහි ඉතිරි කොටස පුර පසළොස්වක පෝදා (සැප්තැම්බර් 13) පත්‍රයේ පළවේ.
- හේමමාලා රන්දුනු |