නාමළුව සිංහගිරි රජමහා විහාරයේ දී පින්කම් මාලාවක්
නෑගම්පහ, කන්දේගම, නාමළුව සිංහගිරි රජ මහා විහාරයේදී සැප්තැම්බර් 01 වනදා සිට
නොවැම්බර් 3 දක්වා බෝධි පූජා සහ ධර්ම දේශනා පැවැත්වීමට දායක සභාව පියවර ගෙන ඇත.
පොතුවිල සරණතිස්ස හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන එම පින්කම් මාලාවෙහි දායකත්වයට ද
සම්බන්ධ විය හැකි බවද කියයි. |