මාවරලේ භද්දිය හිමිගේ
දහම් දෙසුම
කොළඹ– නුවර අංකය එක මග පතළයි
යක්කල හේන්පිටමුල්ලය සොඳුරු ගමයි
සිරිවර්ධනාරාමය වෙහෙර අති සුන්දරයි
සුමධුර දහම් දෙසුමකි පෙදෙසම එක්වෙයි
මට වැදගත් නිකිණි මස තිස්වෙනිදා දිනයේ
දිනට මගේ උපන් දිනයත් යෙදී තියේ
එදිනම මාවරලේ භද්දිය හිමි දෙසුම තියේ
එක්වෙමු පුද බිමට සැම බැතිබරව ළයේ
උඩුගම්පොල සමරතුංග
හෙනරත්ගොඩ
මුදුන්ගොඩ
අවසානය
උතුර දකුණ යැයි කියලා බෙදෙන අපි
උඩරට පහතරට කියලා බෙදෙන අපි
අඩු කුල උසස් කුල කියලා බෙදෙන අපි
එකම කනත්තේ නොබෙදී නිදන අපි
ලයනල් දසනායක
නාමල් උයන
නියඳගල
පන්නිපිටිය
අරියඥාන පොඩි හාමුදුරුවෝ
ඡන්ද චිත්ත විරිය වඩා වීමංසා සමාධි යෙන්
ආයුෂ වඩවා ගනිමින් සසුනඹරම දිදුල වමින්
ප්‍රාතිමෝක්ෂය වඩමින් සසුන් කෙතම සරු කරමින්
සතර දැහැනෙ සම වැද වැද ඉන්නවා ද බවුන් වඩන්
මෙත් කරුණා මුදිතාවෙන් උපෙක්ෂාවේ බෝග ලබා
ආසවයන් මඬිමින් නිති බලය වඩා සිටින නොබා
දකුණු ලකේ කටුවන ගම එළි දැල් වූ සාර සුබා
අරියඥාන පොඩි සමිඳුන් නිකසල බිම කරති සොබා
එස්. එම්. ඩී. නිශ්ශංක
කුඩිරිප්පුව , ගල්මුරුව
දොඩම්පහළ ශ්‍රී රාහුල හාමුදුරුවෝ
දොඩම්පහළ රාහුල හාමුදුරුවනේ
බුදුසරණේ පළ විය මව් පිය ගුණ වරුණේ
හිමියන් මව්පියන් හට දක්වන මහා සෙනේ
දුටු විට කවි සිතක් මා හට පහළ වුණේ
මව් පිය ගුණ වරුණ හිමියනි දුටුවාම
බොදු ජනයාට වටිනා ඔවදන් දීම
මව්පිය ගුණය වැඩිදෙන නොදනී තාම
හැදෙනා අයට වෙයි ඉන් හොඳ වැටහීම
ප්‍රේමනී උඩුකල
පිටිගල ආයුර්වේද රෝහල
මහා පුරුෂයාණෝ
නාලාගිරිට රා කළයක් පොවාගෙන
පෙර මඟ එව්ව දෙව්දත් නෙත් රවාගෙන
සමිඳුන් දුටුව ඇතු දෙදණම නමාගෙන
දමනය වුණා නෙත් කඳුළැලි හලාගෙන
දර මිටියක් බැඳන් බඩ දරු මවක් ලෙස
දම් සබයට පැමිණ චිංචා වියරු ලෙස
කළ අපහාසෙ පළ දුන්නා කුරුරු ලෙස
නොසැලී සිටිය හිමි සඳ පෙර පුරුදු ලෙස
දන්තුරේ ජයසේකර
මහනුවර
දුක් රැස
ජයසිරි බෝධිය මුල අප බෝසත්
සියල්ල අත් හැරුමයි කළෙ නැණවත්
බුදුරදුන්ගෙ සව්වන් වන අපගෙන්
වෙන්නේ අල්ලා ගැනුමයි එතැනත්
ලෝකය අල්ලා ගත් තැන සසරයි
ලෝකය අත්හළ තැන තුම් නිවනයි
මේ දේ තෙරුම් ගන්’නැති සැමහට
බියකරු සසරේ දුක් රැස උරුමයි
මාලබේ කේ. ඩබ්ලිව්. සිරිසේන
විමුක්තිය
මගෙ බුදු හිමි දම් සිසිලේ
පහස ලබාගෙන තුමුලේ
සිත සනසන බවුන් මතින්
විමුක්ති නෙත සිත ඇලලේ
එම්. ඩී. එම්. එස් යටවර
කෑගල්ල
පිරිනිවනට යන මුනිවරු
මානය සිත තුළ රැවටිලි නොකරයි
භවය නසා නිදහස් වී ඉවරයි
දමනය වූ සිත සසරට නො වැටෙයි
ලොව ජය ගත් මුනිවරු මේ විලසයි
උඩ යට කිසිතැන ආශාවක් නැත
තණ්හා ගඟ වියළා සුන් කර ඇත
සිංහනාද කරමින් ලොව දස අත
ඒ මුනිවරු පිරිනිවනට යනු ඇත
පොතුහැර විපස්සී හිමි
ගලෙන්බිදුණුවැව
සාමය සමගිය
සාම කතා සැම තැනකම ඇති වේවා
රුදුරු වෛර අසමගිය ද නැති වේවා
අවාසනාව කැන්දන සැකයත් බිඳී යේවා
බුදු දහමින් අප හදවත් සැන සේවා
මෙත් කරුණා දිය හැම තැනකම ඉසිමු
සාමයේ මල් හැම හදකම පුබුදමු
දහම් මගට ඔබ අපි නිරතුරු යොමුවෙමු
පිනැති ලොවක් හැම කල්හිම හදාගමු
එම්. එම්. කුමාර
සිරිමල්ගොඩ , බදුල්ල |