Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 224, උඩුමුල්ල, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයේ නියුතු කැලුම් විජිත කුමාර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. “ඕ “ රුධිරය වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් දුරකථන අංක 077 903 6909, 077 3664998 වෙත දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 21 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අවු 34 ක එක් දරු මවක් වූ රුමේෂා ළහිරුණි මහත්මියට හදිසි ශල්‍යකර්මයක් මගින් වකුගඩු දෙකම ඉවත් කර ඇති අතර ඇය ජීවත් කර ලීම සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති බව කියයි. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ද බද්ධ කළ හැකි බව කියයි. මානෙල් ( මව) – 0719288817 දුරකතන අංකයෙන් විස්තර දැන ගත හැකි බව කියයි.

****

පානදුර මාලමුල්ල මහවත්ත 180/2 එම්.කේ. අශාන් චතුරංග අවුරුදු 38 ක් වයසැති අයෙකි. ඔහු වකුගඩු දෙක ම අකර්මන්‍ය වී ඇති බවත් ඔහුට ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බවත් කියයි. 0779525177 නෙරංජි 0774801572 ඉනෝකා දුරකතන අංක වෙතින් වැඩි විස්තර දැනගත හැකි බව කියයි.

****

නො.55 රණවිරුගම උඩුපිල පදිංචි පොලිස් රෝහලේ සේවයේ නියුතු 53 වියැති දයානි මහත්මියට වකුගඩුවක් පරිත්‍යාග කරන්නැයි කාරුණික ඉල්ලීමක් කෙරේ. 0716992627-0779763451 දුරකතන අංක වෙතින් විමසන්නැයි ද ඉල්ලීමක් කෙරේ.

****

තංගල්ල පොළොම්මාරුව පදිංචි අවුරුදු 62 ක් වයසැති එස්.එම්.ඩබ්ලිව්. අබේවික්‍රම මහතාට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් පවසයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0716829352/ 0718295923/0773675252 යන දුරකතන අංක වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.