Print this Article


පෝදා පින්කම්

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දි නිකිණි පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ.

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන්කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය කොටියාගල සීවලී හිමි ,10.30 බුද්ධ පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි

පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධිපූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි 6.00 සිල් පවාරණය

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේ දී දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි නිකිණි පුර පසළොස්වක පෝය දින පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 08.30 ධර්ම දේශනාව ගල්පාත ඥානසිරි හිමි, 09.30 සදහම් වන්දනාව මෙහෙයවීම හොරණ ශී‍්‍ර අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ .

සවස 01.30 විශේෂ භාවනා වැඩසටහන වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ සවස 03.00 ධර්ම දේශනාව හොරණ ඤාණානන්ද හිමි සවස 04.30 ධර්ම දේශනාව තණබද්දේගම සුමේධ හිමි. රාත්‍රී 07.00 ගිලන්පස පූජා, බෝධි පූජා පින්කම් මෙහෙයවීම වීරියගම අනුරුද්ධ හිමි

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදි දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පෝදා පින්කම පැවැත්වේ.

අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර

6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව දම්පහළ ඤාණරතන නා හිමි, 8.30- 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 9.45-10.40 ජාතක කථා දේශනය හපුතලේ ඤාණවිසුද්ධී හිමි, 10.45- දවල් අටවිසි සම්බුද්ධ පූජාව

පස්වරු 12.30 -3.00 ගිහිදේශනය හා භාවනාව ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ 3.15-4.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 4.00 – 5.00 මහා සමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය ධර්මයතනාවාසී ස්වාමීන් වහන්සේලා 5.00 සිල් පවාරණය , 6.30- 7.30 ගිලන්පස බෝධි පූජාව හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි

බුදුසරණ පුවත්පත “ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය කටුබැද්ද පදිංචි සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

****

පානදුර රුධිරදාන පාරමිතා පූජාව නිකිණි පුන් පොහෝදා

පෙරවරු 9.00 පස්වරු 3.00 දක්වා ගොරකාන ශ්‍රී ගංගාතිලක විහාරයේ දී පැවැත්වීමට විහාරස්ථ දායක සභාව සහ පානදුර රුධිරදාන මෙහෙයුම් කමිටුව කටයුතු යොදා ඇත.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, රාජකීය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයකිත්ති හිමි, 08.00-09.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රපති ගඟසිරිපුර ඤාණරතන හිමි, 11.00-11.15 බුද්ධ පූජාව කන්දකැටියේ වජිර ධම්ම හිමි, වැලිගෙපොල සුගතවංස හිමි. පස්වරු 12.15-12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව ,12.30-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, මාඑළියේ රතන හිමි ,01.00- 02.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි , 02.00-03.00 ධර්ම දේශනාව රත්මලාන මල්ලිකාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි 03.00 – 03.45 ධර්ම දේශනාව බොරලැස්ගමුවේ නාගරුක්ඛාරාම විහාරවාසී නන්දාරාම හිමි, 04.00-05.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වල්ගම සුමන හිමි 05.00-06.00 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම , මෙහෙයවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහාවිහාරය

නිකිණි පෝදා පෙරවරු 6.00 -7.00 සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේ දී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 – 10.00 පෙරවරු ධර්ම දේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 -3.00 වෛද්‍ය දේශනය, 3.00 – 4.00 පස්වරු ධර්මදේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව මහ සඟරුවන සමග පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 -6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00- 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00- 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව බොරැල්ලේ කෝවිද හිමි

****

බම්බලපිටියේ සිරි වජිරාරාමය

නිකිණි පෝදා 6.00 - 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, 8.00 - 9.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති ගලගම ශාන්තජීව හිමි, 9.00 - 10.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති රත්ගම උපනන්ද හිමි, 10.00 - 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.30 - 01.30 ධර්ම සාකච්ඡාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැලිගේපොල සීලවංශ හිමි, 01.30 - 02.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමාධිකාරී සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 3.00 - 4.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 4.00 - 5.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත කටුවන්ගොඩ ධම්මසිද්ධි හිමි, 5.00 - 6.00 ධර්මානුශාසනාව කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මහාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 6.00 - 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා.

****

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී පොහෝදා සීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැත්වේ.එදින 6.00 – 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව - තලල්ලේ සිරි මහින්ද නා හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 8.00 – 9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාමවාසි ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව සෙවණගල අජිත හිමි, 10.30 -11.00 දවල් සම්බුද්ධ පූජාව - තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය - ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමින් වහන්සේලා , 1.00 – 2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්. 2.15 -3.15 ධර්ම දේශනාව, 3.30- 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ ධම්මදේව හිමි, , 4.30 -5.30 ධර්ම දේශනාව - ලුණුගම්වෙහෙරේ සුනීත හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි, රාත්‍රි 6.45 -7.45 දක්වා ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.

****

බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය 7.00 - 7.30 තෙරුවන් වන්දනාව 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය ආචාර්ය මඬිහේ සුගතසිරි හිමි, 2.00 - 3.30 ධර්ම දේශනය දොරොව්වේ ඤාණරතන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය මීගොඩ සුඛිත හිමි, 5.00 - 6.00 ධර්ම දේශනය තල්පත්කන්දේ සිරිනන්ද හිමි, රාත්‍රී 07.00 අටවිසි බුද්ධ පූජාව.

****

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ නිකිණි පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. නිකිණි පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කුඩා ඇළගමුවේ ඥානසිරි හිමියන් සංවිධානය කරති.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත දර්ශනපති විලේගොඩ සිරිවිමල හිමි. 09.00 ධර්ම දේශනාව අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය කොළඹ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ශාස්ත්‍රවේදී පි‍්‍රයන්ත ඇල්ලප්පෙරුම මහතා, 10.30 බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 01.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කිරම විමලතිස්ස හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රවේදී පි‍්‍රයන්ත ඇල්ලප්පෙරුම, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න, ත්‍රිපිටකාචාර්ය පද්ම කුමාර මහත්වරු, 4.00 භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.

****

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් කළුතර බෝධි පරිශ්‍රයේදී පවත්වනු ලබන පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේය. පෙරවරු 06.15-07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 07.15- 09.45 ධර්ම දේශනාව /භාවනාව ගම්පහ සිරි සීවලී හිමි, 10.00- 11.45 ධර්ම දේශනාව හා දවල් බුද්ධ පූජාව මෙහෙයවීම කොබවක ධම්මසීවලී හිමි, පස්වරු 01.00- 02.45 දේශනාව, ශාස්ත්‍රවේදී ශේන් බ්ලොක් මහතා, 03.00- 04.30 ධර්ම දේශනාව, අක්මීමන ධර්මපාල හිමි, 04.45- 6.00 ධර්ම දේශනාව , සිල් පවාරණය හා අලුත් කිරීම ,අඟුණකොළපැලැස්සේ ඉන්ද්‍රජෝති හිමි, 06.15-07.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 07.10- 08.30 ධර්ම දේශනාව ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 8.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 -7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00-9.00 භාවනාව, පිටිපන සාසනරතන හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති හඟරංගල සුමේධ හිමි, 10.00 -11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.25 -12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ වීරපානේ අනුරාධ හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00- 3.00 වෙසෙසි දෙසුම – කථිකාචාර්ය ඉෂංක මල්සිරි මහතා 3.00- 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාලිගාවිල අස්සජි හිමි 4.15- 5.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 -6.00 ධර්ම දේශනාව දියතලාව් පියදස්සි හිමි , 6.00-6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදාන හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 - 9.00 ධර්ම දේශනාව රත්නපුරේ චිත්තවිහාරි හිමි, 9.00 - 9.30 භාවනාව 9.30 - 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 - 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 - 1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව පුහුල්වැල්ලේ සාරධ හිමි, 3.30 - 5.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ සමග දිගන සුගතවංශ හිමි, 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය, 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු වන්දනාව.

****

කතරගම කිරි වෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නිකිණි පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදේ සිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාවක් ද, ෂඩ්වර්ණ ශාඨකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩම කර චෛත්‍යයේ පැළඳවීමද සිදු කෙරේ. උදේ ධර්ම දේශනාව ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙරේ ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර චෛත්‍ය මළුවේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට පැමිණ බෝධිපූජා පැවැත්වීම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. අනතුරුව පහන් පන්දහසක අලෝක පූජාවක් කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක මහතා - ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත.

****

ශ්‍රී සම්බෝධි මහා විහාරය

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 8.00 -9.00 ධර්ම දේශනාව - ගලිගමුවේ ඤාණදීප හිමි, 9.15- 10.15- ධර්ම දේශනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 10.30 -11.00 – ව්‍යංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව - අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30- 2.00 – ප්‍රත්‍යවේක්ෂා පෝදා ධර්ම සාකච්ඡාව – උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි මෙහෙයවීම – නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව - කහගොල්ලේ සෝමවංශ නා හිමි, 3.30- 4.30 ධර්ම දේශනාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව - ඉල්වානේ ආනන්ද හිමි, 5.30 – 6.00 – මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය – කුඹුක්කඳවල සුදීර හිමි.

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී ඇසල පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්, ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර සංඝමිත්තාරාමයේදී නිකිණිපුන් පොහෝ දින අළුයම 5.30 ක්ෂීරපායාස අටවිසි බුදධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පැවැත්වේ. පෙරවරු 6.00- පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00- 9.00 දහම් දෙසුම මහරගම ධර්මායතනවාසී වතුරවිල ධම්මජීව හිමි 9.30- 10.30 දහම් දෙසුම නාවින්න ඉසිපතනාරාමවාසී පනාපිටියේ ජිනරතන හිමි. 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව මධ්‍යහ්න 12.00 පස්වරු 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1.00 - 2.00 දහම් දෙසුම කහපොල ශ්‍රී සද්ධර්ම විහාරාධිපති තපෝවනේ ආරියධජ හිමි 2.15- 3.00 ධම්ම පදය 4.00- 5.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම නාරද බෞද්ධ ධර්මායතනාධිපති තලල්ලේ චන්දකිත්ති හිමි සවස 6.00 - ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක් බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. නිකිණි පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.