සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා ආජීව:
යහපත් දිවි පෙවෙත පැහැපත් කරයි දිවිමග
අම්බලන්ගොඩ,
කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය,
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ
සෝමවංශ හිමි
සම්මා ආජීව යනු නිවැරැදි දිවි පෙවෙත යි. සම්මා වදනට අර්ථ බොහෝ ඇත. එනම්, නිවැරැදි,
යහපත්, උතුම් , ශ්‍රේෂ්ඨ, අති ශ්‍රේෂ්ඨ ආදී වශයෙන් තේරුම් රාශියක් වෙයි. කවර
අර්ථයක් තිබුණත් පිරිසුදු දිවි පෙවෙත වෙයි. මෙහිදී පිරිසුදු වචනය ද සම්මා වශයෙන්
වෙයි. පෙර සම්මා කම්මන්ත මෙනෙහි කළා සේ සම්මා ආජීවය ද මෙනෙහි කළ යුතු යි.
බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ, ජීවිතය බොහොම වාසනාවන්ත යි. මිථ්‍යා
ආජීවයෙන් තොරව සම්මා ආජීවයෙන් ජීවත් වන්නේ. සිව්පස පරිහරණයත් මිථ්‍යාවෙන් තොර වෙයි.
සම්මා ආජීවයෙන් යුක්තව මේ උතුමෝ වාසය කරති. එලෙස සිතා ‘මම ද බුදු, පසේ බුදු, මහ
රහතන් වහන්සේ මෙන් මිථ්‍යා ආජීවයෙන් තොරව උතුම් ජීවිකාවෙන් කාලය ගත කරම්’ එවිට
රැකියාව හොඳින් කළ යුතු යි. වංචාව, කපටිකම, සොරකමෙන් වැළකිය යුතු යි. නිවැරැදි දිවි
පෙවෙතක් අවංක භක්ත්‍යාධරයෙන් ගත කළ යුතු යි. එය සීලයේ උතුම් අවස්ථාවක්. සීලය යනු කය
වචනය දෙකෙහි සංවර කමයි. සම්මා ආජීව යනු කයේ සංවර බව යි. සීලයට සම්මා වාචා, සම්මා
කම්මන්ත, සම්මා ආජීව පද තුනක් ඇතුළත් වුණා.
සීලය මාර්ගාංගය දියුණු කර ගන්නට, කරුණු රැසක් අවශ්‍ය වෙනවා. ඉවසීම, කරුණාව,
මෛත්‍රිය , දයාව, අනුකම්පාව ආදී අවශ්‍ය කරන ගුණයන් දියුණු කළ යුතු යි. විශේෂයෙන් කය
සහ වචනය සංවර වෙද්දී , සීලය හොඳින් රැක ගත හැකි යි. බුදු , පසේ බුදු, මහ රහත් උතුමෝ
අවශ්‍ය දේ පමණක් පමණට කථා කළා. අනෙක් සෑම විටම වාසය කළේ නිශ්ශබ්දතාවයෙන්. එය සඳහන්
කරන්නේ ආර්ය තුෂ්ණිම්භාවය යනුවෙන්. තමා ද ආර්ය තුෂ්ණිම්භාවයෙන් වාසය කරන්න වග බලා
ගත යුතු යි. එසේනම්, සම්මා ආජීව යනු කුමක් දැ’යි දැන් කාටත් වැටහෙයි.
අධිෂ්ඨාන කරමින් සිය, දහස්වර මෙනෙහි කළ යුතු යි. ‘මම මිථ්‍යා ආජීවයෙන් තොරව ,
දැහැමිව ජීවත් වන්නෙමි, මම දැහැමිව ජීවත් වන්නෙමි’ යනුවෙන් සිය , දහස්වර සිතෙන්
මෙනෙහි කරද්දී ලෝභ, ද්වේශ, මෝහ ප්‍රහාණය වී අලෝභ, අදෝශ, අමෝහ ආදී පහන්
සිතිවිලිවලින් යුක්ත වෙයි. මේ අවස්ථාවට එළැඹීම ලෙහෙසි පහසු කාරණයක් නො වෙයි.
බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන විට, ඒ පුද්ගලයන්ගේ සිත බලා දේශනා කර
වදාළා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනාව කරන්නේ රැස්ව සිටි අයගේ සිත බලලයි.
උන්වහන්සේට සිත පෙනෙන බැවින් මේ අයට අද දේශනා කළ යුත්තේ කුමන දේශනාවක් ද යනුවෙන්.
එවිට මේ දේශනාව උන්වහන්සේ තේරුම් ගන්නා අතර, මේ දේශනාව පැවැත්වූ විට මාර්ග ඵල
අවස්ථාවට පත් වෙයි. එයට සංසාරයේ සිටම දියුණු තියුණු කරන ලද හොඳ පිනක් තිබිය යුතු
යි. මේ පින විශේෂයෙන් වර්ණනා කළ යුතු යි. මේවා කොටස් තුනකි. එනම්, දාන, සීල, භාවනා
ය. මේ පුණ්‍ය ක්‍රියාවෝ දියුණු කර ගැනීමෙන් පව් ඉවත්වී පින මතුවී පාරමිතාවෝ හොඳින්
ඉස්මතු වෙයි. සැරියුත්, මුගලන්, ආනන්ද, කාශ්‍යප , රාහුල වැනි මහා රහතන් වහන්සේලා
බුද්ධ අනුශාසනාවට ම අනුව තමන් වහන්සේලාගේ ජීවිතය සකස් කළා.
සම්මා ආජීවයෙන් තොර අය ශාසන විරෝධි වැඩ කරයි. සම්මා ආජීවයට වැටෙන්නේ දැහැමිව යමක්
කරගෙන, දැහැමිව ජීවත් වීම යි. අධාර්මික දේ කරමින් ජීවත් වුණොත්, එය මෙලොවට පමණක් වන
අතර සසරේ දුක් විඳින්නට සිදු වෙයි. සුගතියක වාසය කරන්නට නම්, දිවි පෙවෙත යහපත් විය
යුතු යි. යහපත් ආශ්‍රය, ලබා ගන්නා අදහස් ආදිය සහ ජීවනෝපාය යහපත් විය යුතු යි.
එවිටයි සිත, ගත සංසිඳුවාගෙන සංවර කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ.
සම්මා ආජීව මාර්ගාංගය තමන් සිටගෙන සිටිය දී, ඇවිදින විට, වාඩිවී සිටියදී, නින්දට යන
තුරා සිතින් අධිෂ්ඨාන කරන්නට, මෙනෙහි කරන්නට පුළුවන්. ‘මම නිවැරැදි දිවි පෙවෙතක්
ඇත්තෙක් වන්නෙමි’ යනුවෙන් හැකිතාක් සිතෙන් මෙනෙහි කළ යුතු යි. එලෙස මෙනෙහි කරනවිට
දී සම්මා ආජීවය ඉතා පැහැදිලිව තමන්ට දැක ගන්න පුළුවන්. සම්මා ආජීවය ඉතා හොඳින්
ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේවා අමුතුවෙන් සිත සිතා ගමන් කරන්න අවශ්‍ය
නැහැ. තමන්ගේ සිත හොඳ නම් , කය සංවර නම්, වචනය සංවර නම්, ඒකාන්තයෙන් තමන්ට හොඳ මඟක
යන්නට පුළුවන්. බුද්ධාදී උතුමන් ගැන වචන අසන්නට ලැබීමත් වාසනාවක්. අපේ දිවි පෙවෙත
ගෙන යන්න තුනුරුවන්ගේ ගුණ, බුද්ධාදී උතුමන්ගේ ගුණ නිතර සිතන විට, ලොකු ශක්තියක්
ලැබේවි.
මේ සීලය හොඳින් ආරක්ෂා කළොත්, සසර වසන තුරු සැප විපාක ලැබෙනවා. භෝග සම්පත්, විශාරද
කෙනෙක් වීම, යස , ඉසුරු , සැප සම්පත් ලබනවා, සිහි නුවණින් මරණයට පත් වෙනවා, මරණින්
මතු දෙව්ලොව උපත ලබනවා. මේ ප්‍රධාන වරප්‍රසාද පහ සීල සංවරයෙන් සංවර වූවන්නට පමණ යි
ලැබෙන්නේ. ඒ අනුව සලකාගෙන ශීලයෙන් සංවර වීමට අධිෂ්ඨාන ප්‍රාර්ථනාවන් තබා ගන්නට ඕනේ.
එයින් තමන්ට සැනසුමක් මිස , අයහපතක් වෙන්නට බැහැ. දුකක්, පීඩාවක් නොවී සැනසුමක් ම
සකස් වෙනවා.
මෙහි ඉතිරි කොටස නිකිණි පුර පසළොස්වක ( අගෝස්තු 14වන දා) පත්‍රයේ පළවේ.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |