Print this Article


සදහම් අරණ

අනුබුදු මිහිඳු හිමි

මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවන ධර්ම සංගායනාව පැවැත්වූ අතර ලක්දිවට වැඩමකර බුදු සසුන පිහිටුවන ලෙස මිහිඳු මාහිමියන්ගේ උපාධ්‍යායන් වහන්සේ මොග්ගලීපුත්ත තිස්ස හිමි හා මහා සංඝයා වහන්සේ ඉල්ලා සිටිය හ. මිහිඳු හිමි තම ධර්මදූත පිරිස වන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල තෙරවරු හා සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක කැටිව මිස්සක පව්වට වැඩම කළහ.

මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සිදු වූයේ බුද්ධ වර්ෂ 236 වර්ෂයේ පොසොන් මස පුර පසළොස්වක දින දී ය. ලංකාවට වඩින විට මිහිඳු මා හිමියන් වහන්සේ දෙතිස් වියේ සිටි තරුණ හිමිනම කි. උන්වහන්සේ පුරා අවුරුදු 80 ක් ආයු වළඳා චේතිය ගිරියෙහි වස් විසූ සමයෙහි පිරිනිවන් පෑ සේක.

****

ධර්ම දානය

දාන,සීල, භාවනා යනු ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ය. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙහි පළමුවෙන් ම කියවෙන දානය බොහෝ වටිනා පින්කමකි. දානයේ දී ආකාර බොහෝමයකි. මහ මඟ සිඟමන් යදින්නෙකුට ආහාරයක් දුන්නේ නම් එය ද දානයකි. සියලු දානයට වඩා උතුම් දානයක් ඇත. එය ධර්ම දානය යි. එම දානය දෙ ලොවටම වටිනා මහා පින්කමකි. “සබ්බ දානං ධම්ම දානං ජිනාති” යනු බුද්ධ වචනය යි. එහි අර්ථය නම් සැමට වඩා උතුම් දානය ධර්ම දානය බවයි . ධර්මය දානයක් ලෙස ලබාදීමට කටයුතු කරන්නේ නම්, එය ඉතා උතුම් ය.

****

මහා අභිනික්මන

දරු පෙමින් වියෝ වූ
දැවෙන සෝ ගිනි ද ඇත
සිත දෙගිඩියාවෙනි
එළිය ඇසළ සඳෙන්
යථාර්ථය පසක් වු සිත
මෝහයෙන් නො ඇලී
රාගයෙන් මත් නොවී
ලෝ සතුන් කෙරෙහි කරුණාවෙන්
දෙපා නගන්නට ඇති මාලිගයෙන්
සරා සඳ නැගුණු කල
කන්ථක අසු පිටින්
සිදුහතුන් ගං තෙරට
ගියේ බුදු බව පතා මනරම්

****

රටක් වටින ඔවදන්

පිරිසුදු සිතක් ඇති
අය දහමෙහි නියැළෙති
කුසල් නිති වඩවති
පවින් වැළකී දිවිය ගෙන යති

නිති පන්සිල් රකිමු
දෙගුරුන් උතුම් නමදිමු
උගතුන්ට තැන දෙමූ
නිහතමානී බවින් වැජඹෙමූ

තමා උපමා කොට
හිංසා නො කරන් සතුනට
යහපත් දැහැමි දිවිය ට
හුරු වුණොත් ඔබ වටී රටකට

****

කර්මය හා විපාකය

බුදු සසුනේ මුලික ඉගැන්වීම් අතර කර්මය ද ප්‍රධාන වේ. කර්මය කියන්නේ චේතනාව යි. චේතනාව අනුව කර්මය යහපත් හෝ අයහපත් විය හැකියි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස කුසල, සිල් රැකීම ආදි පුණ්‍ය කර්ම වේ. පස් පව්, දස අකුසල් ආදී අකුසල් වේ. අප ජීවත්වන ක්‍රමය අනුව කර්මය වෙනස් වේ. පිනෙන් සුගතිය ද, පවෙන් දුගතිය ද හිමි වේ. එනිසා අපි ද පුණ්‍ය ක්‍රියා කරමු.

****

දානය

පරිත්‍යාගය ,දීම, අතහැරීම දානයට ඇතුළත් ය. යමක් පරිත්‍යාග කිරීමේ දී ඇති කර ගන්නා සිතිවිලි අනුව පරිත්‍යාගය ක්‍රම දෙකකට බෙදේ. එනම් අනුග්‍රහ බුද්ධියෙන් දීම හා පූජා බුද්ධියෙන් දීම ලෙස යි. තෑගි දීම, යාචකයන්ට යමක් දීම ආදී අනුග්‍රහ බුද්ධියෙන් කරන දානයෝ ය. බුද්ධාදී උතුමන් වහන්සේලාට ,උපාසක, උපාසිකාවන්ට දෙන දානය පූජා බුද්ධියෙන් දෙන දානයෝ ය. පූජා බුද්ධියෙන් දෙන දානය අග්‍ර වේ.

****

දහම් පාසල් යන්න සතුටින්

ඉද්ද මල් ගස සුදෝ සුදු වන්
දෑත සෝදා සිසිල් ජලයෙන්
එකින් එක මල් කඩා සුරතින්
පුදමු අදරින් අනගි තෙ රුවන්

ළමා සාරිය සුමුදු සුදු වන්
දෙගුරු පා නැමදලා නිවසින්
නංගි මල්ලී කැටුව සමඟින්
දහම් පාසල් යන්නේ සතුටින්

****

පංච නීවරණ

කර්ම සැප යනු කාමයයි
පස් ඉඳුරන් පින වීමයි
ව්‍යාපාදය තරහ වයි
හැමවිට වරදට පොළඹයි

ථීනමිද්ද වේ අලස
ආඩම්බර උද් දච්චය
මේ සියල්ලම තණ්හාව
විපාක දෙයි මතු දවසක

කුක්කුච්ඡය සිත විසුරයි
විචිකිච්ඡා සැක එළඹයි
නීවරණ පස මේ නම් වෙයි
නිවනට බාධා ගෙන එයි

****

පන්සිල්

ඔන්න ඉස්සර අපේ බුදු හාමුදුරුවෝ බණ දේශනා කිරීමට එක් ගමක නතර වුණා. ඒ ගමේ බණ දේශනා කර ආපසු වඩින්න සූදානම් වුණා. රජතුමා ඇතුලු සියලු ම දෙනා කිව්වා වඩින්න එපා කියලා. ඒත් බුදුහාමුදුරුවෝ ආපසු වඩින බව පැවසුවා. අනේපිඬු සිටුතුමාට දාසියක් හිටියා පුණ්ණා කියලා. ඇය කිව්වා, “බුදුහාමුදුරුවනේ, නොවඩිනු මැනවි. අප පන්සිල් පද පහ ම ආරක්ෂා කරන්නම්” කියලා. බුදුහාමුදුරුවෝ සාධුකාර දී ඒ ගමේ නැවතුණා. පන්සිල් ආරක්ෂා කරන අයට බුදුන් වහන්සේත් ගරු කරනවා. අපිත් පන්සිල් රකින හොඳ දරුවෝ වෙමු.

****

පොසොන් උදාව

****

ගුරු උපහාරය

සංස්කරණය
නයනා නිල්මිණි