[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී
ධම්ම චක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

පිච්ච මල් පූජා මහෝත්සවය 27 දා අනුරාධපුර දී

කොළඹ, බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම වාර්ෂිකව සංවිධානය කරන ජාතික පිච්ච මල් පූජා මහෝත්සවය 30 වෙනි වරටත් ජූලි 27 වන සෙනසුරාදා සවස සිදු කිරීමට නියමිත ය. ශාන්ති පදනමේ සභාපති කොටපොළ අමරකිත්ති හිමියන්ගේ මග පෙන්වීම පරිදි ශාන්ති පදනම පිච්ච මල් පූජා කමිටුව මෙවර පුණ්‍ය මහෝත්සවය ඉතා ගෞරවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය, අනුරාධපුර දිසාපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් මෙවර පින්කම පැවැත්වෙන අතර පිච්ච මල් රැගත් පෙරහර ජූලි 27 දා සවස 2.00 ට ථූපාරාමය අභියසින් පිටත්වීමට නියමිත අතර එදින සවස 6.00 වනවිට උඩමළුවේ වන්දනා කටයුතු නිමාවන අතර එදින රාත්‍රී පෙරහර ලෝවාමහා පාය අභියසින් රාත්‍රී 8.00 ට ආරම්භ වනු ඇත. පෙරහර නිම වීමෙන් අනතුරුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව රුවන්මැලි මහා සෑ මළුවේදී පැවැත්වේ. ජූලි 28 වන ඉරිදා එනම් පසුදින උදේ 6.00 ට කිරි පිඬු බුද්ධ පූජාව හා පලතුරු පූජාව පැවැත්වෙනු ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මළු ලබාදීම එදින උදේ 9.00 ට සිදු කෙරේ.

මිහින්තලා පුදබිම සංවර්ධනයට පියවර රැසක්

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනයත් සමඟ මෙරට සම්බුදු සසුනේ කේන්ද්‍රස්ථානය ලෙස මිහින්තලාව ඓතිහාසික පූජනීය පුදබිමක් බවට පත්විය. එදා දේවානම්පියතිස්ස මහ රජතුමාගේ රාජ්‍ය සමයේ දී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස පොසොන් පොහොයදා මිහින්තලාවට වැඩම කළ අසිරිමත් සිද්ධිය මෙරට ශාසනික ඉතිහාසයේ අනුස්මරණීය ඓතිහාසික අවස්ථාවක් වේ. පොසොන් උදාවෙත්ම මිහින්තලය ජන මනසට සිහියට නැගෙනුයේ එම ඓතිහාසික සිද්ධිය මුල්වීම හේතුවෙනි. මෙරට ශාසනික, සංස්කෘතික, ආගමික ආදී කවර අංශයක වුව ද, ලැබූ යම් ප්‍රගතියක් වේනම් ඒ සියල්ල අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය හේතුවෙනි. මෙරට ජනතාවගේ ලෞකික ලෝකෝත්තර යම් දියුණුවක් වේ නම් ඒ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙහි ප්‍රතිඵලයන් ය. මිනිස් වර්ගයාගේ චින්තන හා අධ්‍යාත්මික ප්‍රබෝධය උදා වූයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය හේතුවෙනි. මිහින්තලා පූජා භූමිය සංවර්ධනය කර සුරක්ෂිත කිරීම දිගු කලක සිට අප තුළ පැවැති බලවත් අපේක්ෂාවකි. ඒ නිසාම ඒ පිළිබඳව රජය දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේ්මදාස මැතිතුමා පසුගිය පොසොන් පෝයට පෙර මිහින්තලා පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි.

 

ධර්ම දේශනාව:

“අයං වස්සාන කාලෝ”

‘අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තුං’ තථාගත බුදුරජාණන් වහන්සේ වස්සාන සමයෙහි නොහොත් වර්ෂා කාලයෙහි වස් සමාදන් වන ලෙස තම ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරා ඇත. දඹදිව වැසි කාලයට, ඒ සාර මාසය තුළම අඛන්ඩව අඩු වැඩි වශයෙන් වර්ෂාව පවතී. මෙම වැසි සමයෙහි මිනිසුන් පමණක් නොව සෑම සත්ත්වයෙක් ම වැස්සෙන් බේරීම පිණිස - තම තමන්ගේ පහසුවට අනුකූලව සුදුසු තැන් තෝරාගෙන ආරක්ෂාවීම සිරිත ය. කුරා කූහුඹුවන් පවා මේ වැසි සමය තුළ ආරක්ෂා සහිතව ජීවත්විය යුතු බැවින් මාස ගණනාවක සිට තමන්ගේ ආහාර රැස්කර ගැනීම සහ සුදුසු කූඩු සහ ගුහා සකස්කර ගැනීම සිරිතකි. දඹදිව විසූ තීර්ථක - නිඝණ්ඨ - ජෛන - ආජීවක - පරිබ්‍රාජික - තාපස ආදී විවිධ ආගමික සිරිත් විරිත් අනුව ජීවත්වන පූජක පිරිස ද මේ වැසි සමය ගත කිරීමට විවේකස්ථාන සොයාකියා ගෙන එහි වෙසෙති. එදා බුදුරදුන් දවස සිටි අන්‍ය ආගමික පූජකවරු ද වැසි කාලය තුළ ආරක්ෂාව පිණිසත් - ගමන් බිමන් යාමේදීත් පණුවන් සහ කෘමීන් පෑගී මරණයට පත්වන නිසා ඔවුහු වැසි සමය තුළ එකම ස්ථානයක වාසය කිරීමට පුරුදු වූහ. එයින් තමන්ගෙන් ප්‍රාණඝාතමය අකුසලයක් සිදු නොවන බව සිතා ගැනීම එයට හේතුවයි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ වනවිට මෙබඳු සිකපදයක් අනුමත කොට නොතිබුණු බැවින් භික්ෂූන් වහන්සේලා මේ වැසි සමයෙහි අතන මෙතන ඇවිදීම නවත්වා - එක තැනක විසීමේ ඇති වටිනාකම පිළිබඳව සැදැහැවත් බෞද්ධයෝ ද බුදුරදුන්ට සැලකර සිටියහ.

 

ඇසළ උදාවේ අසිරිය

ඇසළ පොහොය ලැබීමත් සමඟ ම නිතැතින් ම අපේ සිහියට එන්නේ බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රදේශනාව යි. මේ තමා සාවුරුදු දුෂ්කර ක්‍රියාවෙන් පසු, මැදුම් පිළිවෙතට වැටුණු සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව, තමන් වහන්සේ විසින් ම අවබෝධ කරගත් ඒ නවතම දහම, මැදුම් පිළිවෙත එහෙම නැත්නම් අවබෝධ කරගත් ධර්මය ලොවට පහදා දුන් දවස. අපේ බුදුහාමුදුරුවෝ ලොව පහළ වූ දිනය ලෙස එදා අප මේ 2019 වර්ෂයට සැමරුවේ පසුගිය මැයි මාසයේ 19 වැනි දා යි. ඉතින් එදා ඒ දිනය මේ රටේ බෞද්ධයන් හැටියට අප ගත කළේ වෙන දා තරම් ප්‍රබෝධයකින් නම් නො වෙයි. අප්‍රේල් මාසයේ 21 වැනි පාස්කු ඉරිදා සිදු වූ දරුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ අපේ ම රටවැසි 250කට අධික ලොකු කුඩා අහිංසක ජන කොටසක් කතෝලික ආගමේ එන වත් සිරිත් අනුව ඔවුන්ගේ උතුම් පූජාවකට යාඥාවකට සහභාගි වෙමින් සිටිය වෙලාවෙයි මේ නොමිනිස් ප්‍රහාරය එල්ල වුණේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපට ඉගැන් වූ ඒ දහම් මග අනුව තවත් කෙනෙකුට සිදු වූ මේ මහා විපත නිසා අප කවුරුත් මහත් සංවේගයකට පත් වුණා. ඉතින් 21 දා සිට ඒ දින කීපය ගෙවී ගෙන යනවිට මාසයක් ඇතුළත තමා අපේ බුදුරජාණන් වහන්සේ සිදුහත් බෝසත් උතුමන් ලෙස මේ ලෝකයේ උපත ලැබූ, බුදුබව ලැබූ, පිරිනිවන් පෑ දින වූ වෙසක් පොහොය දිනය එළඹුණේ. ඉතින් මේ අවුරුද්දේ අප වෙසක් දිනය ආමිෂයට වඩා හැකි තරම් ප්‍රතිපත්තියට මුල් තැන දෙන දවසක් බවට පත් කර ගත්තා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk