Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වකුගඩු රෝගයෙන් පෙළෙන අවුරුදු 32 රෝගියෙකු සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. ඊට දායක විය හැකි පරිත්‍යාගශීලි අයෙකු වේනම් 0761218401 යන දුරකතන අංකයෙන් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

දරුණු වකුගඩු රෝගාබාධයකින් පීඩා විඳින කළුතර පදිංචි එන් සුජීව ප්‍රනාන්දු (49) මහතාට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුට ප්‍රතිකාර කරනු ලබන කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි.

ඔහුට අවශ්‍ය ඒ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි අවුරුදු 25-60 ත් අතර පින්වතෙකු සිටී නම් 076 3783577 /0715414811 දුරකතන අංකයන් අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

වකුගඩු රෝගියෙකු සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0711398262 , 0757841824 යන දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.