දහමට නැඹුරු වූ
කුරිරු සිත්
අනුරාධපුර ශ්‍රී ලංකා
භික්ෂු විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති
කුරුණෑගල මහ දිසාවේ
උප ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
අලහේනේගම
සුමනරතන නා හිමි
මෙම ලිපියෙහි කොටසක් අමාවක පෝදා (ජූලි 2) පත්‍රයේ පළවිය.
දඩයම්කරුවා ද, නිතරම සතුන්ට වද හිංසා, පීඩා කරමින් සතුන් මරා ගනී. ඒවා රටට වෙළෙඳාම්
කරමින් අඹුදරුවන් පෝෂණය කරගනී. දිනක් සත්ත්ව හිංසාවට හා ප්‍රාණඝාතයට ගමන් කරන නපුරු
දඩයම් කරුවා මනෝ රම්‍ය ලෙස ධර්මය දේශනා කරන්නා වූ , භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි
ප්‍රාසාදයට ද පත්ව බණ ඇසීමට පටන් ගත්තේ ය. නපුරු මිනිසා සිත පහදා ගත්තේ ය. සත්ත්ව
හිංසාවට ප්‍රාණඝාතයට ගෙනා උපකරණ කොහේ වැටුණේදැයි අමතක විය. චිත්තප්‍රසාදයට පත් ව
සාධුකාර හඬ බලවත් විය. පාපයෙන් සිත මිදුණි. පිනටම සිත යොමුවිය. ටික කලකින් ඔහුගේ
ජීවිත කෙළවර විය. සිත පහදා බණ ඇසූ නිසා චාතුම් මහා රාජිකය, තව්තිසාව , යාමය, තුසිතය
නිම්මානරතිය ආදී දිව්‍යලෝකවල ඉපිද දෙව් සැප විඳ අන්තිමට සැවැත්නුවර ලෝක පූජිත බමුණු
කුලයක උපත ලබා මැනවින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන ධනවත් හා උගත් පුද්ගලයෙකු විය. මේ
සමයෙහි අනාථපිණ්ඩික සිටුතුමා ජේතනම් කුමරාගෙන් මිලදී ගෙන ධනය පනස්හතර කෝටියක්
වියදම් කොට දුටුවන් වශීකරන ආකාරයෙන් ගොඩ නැගූ ආරාමයේ බණ ඇසීමට ද බමුණු උගතා ගියේ ය.
දම් සභා මණ්ඩපයෙහි දහම් අසා බුදුරජාණන් වහන්සේ වෙත ගිය ඔහු අප බුදුරජාණන් වහන්සේ
වැඳ එකත්පසව සිට ජාති, ජරා ව්‍යාධි, මරණ ආදි පිළිබිඹු වන අනිත්‍ය ප්‍රතිසංයුක්ත
ධර්මය මැනවින් ශ්‍රවණය කළේ ය.
දුක්ගින්දර නිවා උතුම් රහත් පදවිය ලබා ගත්තේ ය. නිර්මල බුදු සසුනෙහි දහම් සුව විඳ
ලෝකයාට දම් දෙසී ය.තමන් ද දම් සුව වින්ෙඳ් ය .ධර්මයෙහි බලය කරණ කොටගෙන අටමග නිවන්
සාක්ෂාත් කරගත්තේ ය. ධර්මානිසංශයක මහත, අනුන් මෙහෙයවීමට සමත් ධර්මයෙහි බලය පිළිබඳව
සිතා බලන්න. එදා දඩයම්කරුවා කුසීතකමින් යුක්තව, අන්‍යයන්ට වදහිංසා ලබා දෙමින්,
අන්‍යයන් මරණයට පත්කොට, කෙටිකාලීනව සතුටට පත් වූයේ නම් ඔහු පාපයේ ගැලී ආත්ම ගණනාවක්
ම නරකාදියෙහි දුක්විඳීම ඒකාන්ත ය. එහෙත් ධර්මයේ සත්‍යය තේරුම් ගත් ඔහු පරහිංසාවෙන්
වැළකුණේ ය. අන්‍යයන්ට උපකාර කළේ ය.
මෙම ලිපියෙහි ඉතිරි කොටස ඇසළ පුර පසළොස්වක පෝදා (ජූලි 16 ) පත්‍රයේ පළවේ.
හේමමාලා රන්දුනු |