Print this Article


සදහම් අරණ

බොදු සමාජයක ඇරඹුම

ක්‍රි.පූර්ව 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දා මිහින්තලේ මිස්සක පව්වේ දී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස මහරජතුමා අතර ඇති වූ සංවාදය සමාජ විපර්යාසයක ඇරඹුමයි. එහි දී චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාවෙන් රජු ඇතුලු හතළිස් දහසක් පිරිස් තිසරණ සරණ ගිය උපාසකයෝ වූහ. භණ්ඩුක උපාසක පැවිදි උපසම්පදා ලැබ සංඝ සමාජයට මුල්ගල තැබී ය. සංඝමිත්තා රහත් තෙරණිය මඟින් භික්ෂුණි ශාසනය ද ඇති වී බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිස සම්පූර්ණ විය. අනතුරුව ලක්වැසි අරිට්ඨ සෙනවි පැවිදි වී ලක්දිව බුදුසසුන ස්ථාපිත බවට තහවුරු විය.

අවිහිංසාවාදී ජීවන ක්‍රමයන්ට යොමු කිරීමෙන් කෘෂිකර්මය හෙළයාගේ ජීවනෝපාය මාර්ගය විය. ධර්ම විනය ප්‍රගුණ කළ නිසා උගතුන්, බුද්ධිමතුන් බිහි වී දහම් පොත පත හා කලා නිර්මාණ තුළින් සදාචාර සම්පන්න ශිෂ්ට බොදු සමාජයක් නිර්මාණය විය.

****

යහපත් සමාජයක්

අපගේ රටේ ආගමික ඉතිහාසයේ ද, සමාජ ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ද එන

සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ සිදු වූ මහින්දාගමනය දැක්විය හැකි ය. එදවස අපගේ ශ්‍රී ලංකාද්වීපයේ රජකම්කළ රජතුමා වන්නේ දෙවනපෑතිස්ස රජු ය. මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්ධසාල යන හිමිවරුන් ද, සුමන නම් සාමණේරයන් ද, භණ්ඩුක නම් උපාසකතුමාද සමග පොසොන් පුර පසළොස්වක පොහෝ දින අපගේ රටට බෞද්ධ ආගම රැගෙන වැඩම කළ සේක. උන්වහන්සේගේ වැඩමවීමෙන් හැම නගරයක්ම පන්සලක්, ආරාමයත්, වැවත් ආදී අංග ක්‍රමයෙන් බිහිවීමට පටන් ගෙන ඇත. ඒ සමඟම ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි, සංකල්පය ආරම්භ වුණි. අපගේ රට බුදුදහම නමැති උතුම් වූ පියුම පිපුණි. බුදුදහම අපගේ රටෙහි ස්ථාපනය වීම නිසාත්, මෙරට යහපත් සෞන්දර්යක් පිහිටුවීම නිසාත් අපට අද යහපත්ව ජීවත්වීමට හැකියාව ලැබී ඇත.

****

පොසොන් සඳ

සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයෙහි පොසොන් පුර පසළොස්වක් පොහොය දින මුළු හෙළ දැයම එළිය කළ නව සඳක් උදා විය. මිහින්තලා උදාගිරින් උදා වූ නව පොසොන් සඳ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. මිහිඳු මාහිමියන් විසින් මෙරටට ගෙන එන ලද බුද්ධ ධර්මයත්, බෞද්ධ සංස්කෘතියත්, මෙරට ජන සමාජය, රාජ්‍ය පාලනය, ආර්ථිකය, අධ්‍යාපනය, භාෂාව, සාහිත්‍යය, කලා ශිල්ප, සිරිත් විරිත්, ඇදහිලි, පුද පුජා, විශ්වාස හා සාරධර්ම ද ගොඩනගමින් පුළුල්ව අපරට පෝෂණය කළ බව ප්‍රකට කරුණකි. වසර 28 ක් පමණ මෙරට ශාසනය වෙනුවෙන් ම ඇප කැප වී ක්‍රියා කළ අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ දෙවනපෑතිස් රජුගෙන් පසු රජ පැමිණි උත්තිය රාජ සමයෙහි පිරිනිවන් පා වදාළහ.

****

පින්බර දිනයක...

ධර්ම දූත, ධර්ම ප්‍රචාරක වූ ජම්බුද්වීප පාලක අධිරජ ධර්මාශෝක රජුගේ පුතු වූ අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ පොසොන් රැස් දහර විහිදුවමින් උතුම් පොසොන් පොහොය දිනක ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක යන සය නමක් වහන්සේලා සමඟ අනුබුදු මිහිඳු මාහිමි පින්බර පොසොන් පොහොය දින ලක්බිමට වැඩම කර මෝහාන්ධකාරයෙන් අන්ධව, අවිද්‍යාවෙන් පිරී පැවතුණු සමාජය ධර්මාවබෝධය කරා යොමු කළ සේක.

****

මගේ අම්මා

හිරු උදාවන්නේ නැගෙනහිර දිශාවෙනි. නැගෙනහිරින් හිරු උදාවෙත් ම ලෝකය ආලෝකවත් වෙයි. එසේම අම්මා නිසා දරුවන්ගේ ලෝකය ද ආලෝකවත් වෙයි. අපගේ බුදුරජාණන් වහන්සේ අම්මා මහා බ්‍රහ්මයාට සම කළහ. ඒ බ්‍රහ්මයා තුළ පවතින මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණය ඇය තුළ ද ඇති නිසා ය. අප මව්කුස පිළිසිඳ ගත්දා සිට විඳින දුක් පීඩා කියා නිම කළ නොහැක. අම්මා සියලු දුක් පීඩා ඉවසමින් දරුවන්ගේ ලෝකය බබළවන්නට වෙහෙසෙයි. එපමණක් නොව හොඳින් ඉගෙනගෙන රටට වැඩදායක මෙන්ම රට,ජාතිය, ආගම සුරකින දරුවෙකු ලෙස ජීවත් වීමට ද ඇය අපට කියා දෙයි. සෑම අම්මා කෙනෙකුගේ ම බලාපොරොත්තුව එයයි.

****

අග තනතුරු ලැබීම

****

මිහිඳු පෙරහර