මිහිඳු මහ රහතන් වහන්සේ උපන් වේදිසගිරි පුදබිම
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමඟ අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය අවියෝජනීය ලෙසින් වසර
2327 ට අධික කාලයක් තිස්සේ බැඳී පවතී.
මේ සබඳතාව ඇරඹුණ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් බව අප රටේ ලියැවුණු දීපවංස,
සමන්තපාසාදිකා හා මහාවංසය ආදී ග්‍රන්ථවලින් ද භාරත දේශයේ ලියැවුණු දිව්‍යාවදාන
,අසෝකවදාන වැනි ග්‍රන්ථවලින් ද, මොනවට පැහැදිලි වෙයි. මහින්දාගමනයත් සමග අප රටේ
පැවැති කෘෂිකාර්මික ශිෂ්ටාචාරය බෞද්ධ මුහුණුවරක් ගත්තේ ය. සමහර දේශකයන් සඳහන් කරන
අන්දමට අප රටට මිහිඳු මහ රහතන්වහන්සේ වරප්‍රමුඛ ධර්ම දූතයාණන් වහන්සේලා වැඩම කරවන
අවධියේ දී මේ රටේ දඩයමින් ජීවත් වූ නොදියුණු ශිෂ්ටාචාරයක් පැවතියේ ය, යන මතය අද
පුරාවිද්‍යාඥයින් ද ප්‍රතික්ෂේප කර ඇති කරුණකි. ඒ පිළිබඳව වෙනම කතා කළ යුතුව ඇත. අප
මෙහි දී විශේෂ
අවධානය යොමු කරන්නේ ඒ රාජතාන්ත්‍රික සබඳතාවය ඇති කිරීමෙහිලා මුල් වූ
තිස්ස රජතුමා (පසුව දේවානම්පියතිස්ස) සහ අසෝක රජතුමා සහ මිහිඳු මහ රහතන්වහන්සේ
පිළිබඳව පමණක් සඳහන් කිරීමට නොවේ. අශෝක රජතුමාගේ පුතා සහ දියණිය පිළිවෙලින් මිහිඳු
මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා රහත් මෙහෙණිය අප රටේ ශිෂ්ටාචාරයේ සුවිශේෂ වු සේවාවක්
ඉටු කළ බව රහසක් නොවේ. ඒ දෙදෙනාගේ මව්තුමිය වේදිස දේවියයි. මේ වේදිස දේවිය හා පුවත,
අසෝක රජ වීමට පෙර තිබූ පේ‍්‍රම සබඳතාවයකින් ආරම්භ වේ. මෙම ප්‍රදේශය අද ඉතාමත්
ප්‍රමුඛ පෙළේ පුදබිමක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දැකිය හැකි ය. ඒ පුදබිම සාංචිය
යි.
සාංචි පුදබිම |
“නූතන ඉන්දියාවේ මධ්‍ය දේශයේ අගනුවර භෝපාල් ය. මෙම අගනුවර සිට කි.මී. 70 පමණ දුරින්
සාංචි පුදබිම පිහිටා ඇත. සාංචිය මීටර් 90 පමණ උස් වූ කඳුකර ප්‍රදේශයක පිහිටියේ ය.
මෙම සාංචිය නමැති බෞද්ධ පුදබිමටත්, ලංකාවත් අතර සුවිශේෂ සබඳතාවයක් පැවති බව පුරාණ
බෞද්ධ ඉතිහාසයෙහි සඳහන් වේ.
මගධ අධිරාජයාණන් වූ අසෝක, රජ වීමට පෙර යුව රාජ තනතුරේ සේවය කළ කාලයේ වීදිසා
(වේදිසා) දේවිය සමඟ ආවාහ වී සිටීම නිසා උපන් දරු දෙදෙනා වු මිහිඳු සහ සංඝමිත්තා අප
රටේ ඉතිහාසය හා සම්බන්ධ වී සිටිති. මේ නිසා සාංචි පුදබිම අප රටේ බුදුදහම ප්‍රචාරයට
පත්වීම සමඟ බද්ධ වී ඇති ස්ථානයක් සේ සැලකිය හැකි ය.
සාංචි ප්‍රදේශය බුද්ධ කාලයෙහි හඳුන්වන ලද්දේ අවන්ති ප්‍රදේශය යනුවෙනි. අසූ මහ
ශ්‍රාවකයන් වහන්සේලා අතර කච්චායන මහ රහතන්වහන්සේ මෙම ප්‍රදේශයෙහි බුද්ධ ධර්මය
ප්‍රචාරය කිරීමේ කටයුතුවල නිරත වූහ. බුද්ධ කාලයේ සිටම මෙම ස්ථානය භික්ෂූන් වහන්සේලා
වාසය කළ පුදබිමකි. එහෙත් බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ සිදුවීමක් මෙම පුදබිම හා
සම්බන්ධව සිදු වී ඇත. බුද්ධ කාලයට පසුව මෞර්ය රාජ යුගය ගැන සලකා බලන විට (
ක්‍රි.පූ. 3 වන සියවස) චන්ද්‍ර ගුප්ත රජතුමාට පසුව ( මෞර්ය රාජවංශයේ ආරම්භක රජු) රජ
වු බින්දුසාර රජුගේ පුතකු වු අසෝක කුමරු අවන්ති දේශයේ යුවරජ කෙනකු ලෙසින් සේවය කළේ
ය. ඒ කාලයෙ හි දී එහි සිටු පවුලක ඉතා රූමත් කුමාරිකාවක වු වේදිස දේවිය හා
සම්බන්ධතාවයක් අසෝක යුව රජු විසින් පවත්වන ලදී. සාංචිය අසල වු මේ ප්‍රදේශය බෞද්ධ
පවුලකට අයත් වූ වේදිස දේවියට උපන් දරුවන් දෙදෙනා අප රටේ ශිෂ්ටාචාරය හා බැඳී සිටිති.
(භාරත ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 15,16 -2006)
මේ විස්තර මහාවංසයේ සඳහන් වෙයි. “අසෝක රජ තෙම කුමාර කාලයෙහි සිය පියහු විසින් දෙන
ලද අවන්ති රට පාලනය කරමින් පෙර උදේනි නුවරට යන කල වේදිස නම් නුවර නවාතැන් ගෙන එහි
දී මනා රූ ඇති සිටු කුලයෙහි උපන් දේවී නම් කුමාරිකාවක් ලැබ ඇය සමඟ වාසය කළේ ය.
ඕතොමෝ එයින් ගැබ් ගෙන උදේනි නුවර දී යහපත් රූ ඇති මහින්ද නම් කුමරු වැදූහ.
දෑවුරුද්දක් ඉක්ම සංඝමිත්තා නම් දුව වැදූහ. ඒ කාලයෙහි ඒ බිසව් උදේනි නුවර වසන්නී ය.
(මහාවංසය – 13 පරිච්ඡේදය 8-12 ගාථා)
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමට ප්‍රථමයෙන් වේදිස ගිරියට අවුත් තම
මව්තුමිය හමු වු බව ද මහාවංසයෙහි සඳහන් වේ. වේදිසගිරි ප්‍රදේශයේ චේතියගිරිය යන නාමය
ද භාවිත වේ. චේතියගිරි යන නාමය මිහින්තලයට ද පුරාණ කාලයේ දි භාවිත විය. මේ අනුව
පුරාණ ශ්‍රී ලංකාවත්, සාංචි පුදබිමත් අතර සමීප සබඳතාවයක් පැවැති බව පැහැදිලි වේ.
බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීම සඳහා වෙන්
කරගන්නා අවස්ථාව නිරූපණය කෙරෙන කැටයමක් ද, සාංචි ස්තූපයේ ඇති තොරණක දැක්වේ.
සාංචි පුදබිමෙහි ඇති ස්තූප, ආරාම සහ පන්සල් ක්‍රි.පූ. 3 වැනි සියවසේ සිට 12 වැනි
සියවස තෙක් වූ කාලයට අයත් වන්නේ ය. එක්සත්ජාතීන්ගේ අධ්‍යාපනික, සංස්කෘතික හා
විද්‍යාත්මක සංවිධානය (UNESCO) යුනෙස්කෝ)
WORLD Heritage විසින් ලෝක
උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.
සාංචි පුදබිමෙහි ඉතාමත් ප්‍රකට ස්තූපය වන්නේ පළමුවන ස්තූපයයි. එය මහා ස්තූපය නමින්
ද හැඳින්වේ. අඩි 120 විශ්කම්භයක් ඇති එම ස්තූපය අඩි 54 උස ය. ගෝලාකාර වූ ස්තූපය වටා
ප්‍රදක්ෂිණා පථයට නැගිය හැක. ප්‍රදක්ෂිණා පථය ගල් වැටකින් ආරක්ෂා කර තිබේ. පොළොවෙහි
ද ප්‍රදක්ෂිණ පථයක් සාදා ඇත. සතර දිසාවල දොරටු සහිත ගල් වැටකින් ආරක්ෂාව සඳහා සාදා
ඇති මෙය භාරුත්හි ඇති දාගැබ වටා ඇති ප්‍රදක්ෂිණාවේ ඇති ගල්වැට මෙන්, සාංචි ගල් වැට
අලංකාර වූ කැටයම්වලින් යුක්ත වේ. මෙහි ඇති දොරටු (තොරණ) හතරක් හා දොරටු සතරක් දක්නට
ලැබේ. මේවායෙහි සෑම අඟලකම වාගේ දක්ෂ ලෙසින් ද, සියුම් ලෙසින් ද මූර්ති කැටයම්
නිර්මාණය කර තිබේ. මේ සාංචි තොරණ සතරෙහි ඇති මූර්ති කැටයම් බෞද්ධ කලා කෘති ලෙසින්
මුළු ලොවම ප්‍රකට ය. සාංචියේ අගය රැඳී පවතින්නේ මෙම තොරණ මත ය. (දඹදිව බෞද්ධ කලාව –
ආචාර්ය ආනන්ද ගුරුගේ, පි. 23-1962)
සාංචියෙහි පිහිටි මේ මහා ස්තූපය හැරුණු විට තවත් කුඩා දාගැබ් කීපයක් මෙහි දක්නට
ලැබේ. මහා ස්තූපයට ඊසාන දෙසින් ඇති ස්තූපයෙහි බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන්
දෙදෙනා වහන්සේලා දෙනම වු සැරියුත්,මුගලන් රහතන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලා මෙහි
නිදන් කර තිබී හමු වෙයි. මෙම ධාතුන් වහන්සේලා ඉන්දියාවේ ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ
ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් සොයාගන්නා ලද්දේ මෙම ස්තූපයෙහි තිබී ය.
කපිතාන් මෙයිසේ මහතා ද ඒ සඳහා ඔහුට සහාය වූයේ ය. ශිලාමය ධාතු කරඬුවක තැන්පත් කර
තිබුණු මෙම ධාතුන්වහන්සේලා අයත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමගේ නාමයන් ද සටහන් කර
තිබුණි. (Buddhist Shrine in India – Valisinghe Harischandra
– P. 186-1948)
අසෝක රජතුමා (ක්‍රි.පූ. 272-232) විසින් මෙහි මුල්ම ආගමික ගොඩනැගිලි ඉදිකරන්නට ඇති
බව පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයයි. ඒ සමඟම අසෝක රජතුමා විසින් මෙහි වේදිස දේවිය හා
විවාහ වීම පිළිබඳ අසෝක රජතුමාට මෙම ස්ථානය පුදබිමක් ලෙසින් සැකසීමේ අවශ්‍යතාවන් ද
තිබුණි. එපමණක් ද නොව, වේදිසාවෙහි සිටි ධනවත් සිටුවරයන්ගේ පූර්ණ දායකත්වයෙන් මෙම
පුදබිම දියුණුවට පත් වූ බවට ශිලා ලේඛනවලින් ම හෙළි වේ. වේදිසාව ඒ කාලයේ දී ම ඉතා
දියුණු වාණිජ මධ්‍යස්ථානයක් ලෙසින් ද පැවතුණි. පුරාණ කාලයෙහි සාංචි පින්බිම පිහිටීම
අනුව ද ඒ අසලින් වෙළඳ මාර්ග දෙකක් සම්බන්ධ වන ස්ථානයක් ද වේ. එමෙන් ම බෙට්වා සහ
බෙස් යන ගංගාවන් දෙක එක් වන්නේ ද මේ අසලිනි. මේ නිසා සාංචි පුදබිම ආශි‍්‍රත
ප්‍රදේශය පුරාණ කාලයේ දී වෙළෙඳ කටයුතු පිළිබඳව ද ඉතා විශාල දියුණුවක් පැවැති
ප්‍රදේශයකි. ඒ නිසාම මෙම සාංචි පුදබිමෙහි දියුණුවට එකල සිටි දානපතියෝ (වෙළෙඳ
සිටුවරුන්) විශේෂ අනුග්‍රහයක් දැක්වූහ. (Sanchi- Sebala Mita
–Archaological Suurrey of India – New Delhi P. 5-6 1992)
සාංචි පුදබිමට යන ඔබට එහි දී නැරඹිය හැකි පුරාවිද්‍යාත්මක වශයෙන් ද, ආගමික වශයෙන් ද
වැදගත් ස්ථාන මෙසේ ය.
1.මහා ස්තූපය – අසෝක ශිලා ගරාදිවැට සහිත ය, 2.සැරියුත් මුගලන් - අග්‍රශ්‍රාවකයන්
වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ ස්තූපය, 3.තුන්වන ධර්ම සංගායනාවෙන්
පසුව ධර්මදූතයන් වහන්සේ ඒ ඒ ප්‍රදේශවලට යවන ලදී. එයින් කීපදෙනෙක් භික්ෂුන්
වහන්සේලාගේ ධාතුන් වහන්සේලා හමුවූ ස්තූපය, 4.අසෝක රජතුමා විසින් පිහිටුවන ලද රාජ
ආඥාවක් සහිත අසෝක ශිලා ස්තම්භය හා තවත් කුළුණු 5.සාංචි පුදබිමෙහි ඇති විහාර ආරාමවල
නටබුන්, 6.සාංචි පුදබිමෙහි පිහිටි සාංචි කෞතුකාගාරය |