Print this Article


දම් සිසිල බෙදා දුන් ධර්මශක්ති වෙසක් කලාපය

දම් සිසිල බෙදා දුන් ධර්මශක්ති වෙසක් කලාපය

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 57 වැනි සේනාංකය සහ ජාතික උරුමය සුරැකීමේ මහා සම්මේලනය සංවිධානය කළ “ධර්ම ශක්ති පූජා” වෙසක් කලාපය මෙවර කිලිනොච්චිය ධර්මපුරම් පොදු කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි. කිලිනොච්චිය ප්‍රදේශයේ දමිළ ජනතාව සහ යුද හමුදාව අතර සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින් ධර්ම ශක්ති වෙසක් කලාපය සංවිධානය කළ බව කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජී.වී. රවිපි‍්‍රය මහතා සඳහන් කළේ ය.

වෙසක් තොරණ, දන්සල්, බැති ගී, ධාතු ප්‍රදර්ශන, චිත්‍ර ප්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් මෙවර වෙසක් කලාපයට ඇතුළත්කර තිබිණි. වෙසක් පොහෝ දින සහ පසුදින එම වෙසක් කලාපය පැවැති අතර විශාල පිරිසක් එම වෙසක් කලාපය නැරඹූ අතර කිලිනොච්චියේ දමිළ ජනතාව ධාතුන් වහන්සේලා වන්දනා මාන කළ අවස්ථාව ඉතිහාසයට එක්වන බව ද මේජර් ජනරාල්වරයා සඳහන් කළේ ය. “ධර්ම ශක්ති පූජා” වෙසක් කලාපය මේජර් ජනරාල් ජී.වී. රවිපි‍්‍රය , 57 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ, ධර්මදූත මහා විහාරයේ විහාරාධිපති අනුරාධපුර අළුත්හල්මිල්ලෑවේ සිරිවිමල හිමි, ජාතික උරුමය සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජානක බෝධිනන්ද, 571,572,573 සහ 574 බලසේනාංකවල සේනාංකාධිපතිවරු ඇතුළු ආරාධිතයන් විසින් ධර්මශක්ති වෙසක් කලාපය විවෘත කළ අයුරු මෙහි දැක්වේ.