[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන්ගෙයි වැඩ සිටීම

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 15,16,17 දිනවලදී

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

සැදැහැති දායකත්වය - ඩයලොග් ආයතනය, සිලෝන් බිස්කට් සමාගම , DFCC බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මිහින්තලා ,ලේක්හවුස් ආලෝක පූජාව මෙම මස 15,16,17 දිනවලදී ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම පින්කම් සිදු කෙරෙන අතර මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වෙනුයේ 57 වන වරටය. ඊට සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය දක්වයි. සැදැහැති දායකත්වය ඩයලොග් ආයතනය, සිලෝන් බිස්කට් සමාගම DFCC බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගිනි. මිහින්තලා රජ මහා විහාරයේ වාර්ෂික සති පිරිත් දේශනාව ජුනි 07 වනදා ආරම්භ කෙරිණි.මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් වාර්ෂික සිල් රෙදි පිරිනැමීම ද මිහින්තලා පුදබිමේදී සිදු කෙරේ. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිහින්තලේ පොලිස් ස්ථානය, මිහින්තලේ ප්‍රාදේශීය සභාව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන එම පින්කම් මාලාව සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සංවිධාන කටයුතු සිදු කෙරේ.

දම් සිසිල බෙදා දුන් ධර්මශක්ති වෙසක් කලාපය

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 57 වැනි සේනාංකය සහ ජාතික උරුමය සුරැකීමේ මහා සම්මේලනය සංවිධානය කළ “ධර්ම ශක්ති පූජා” වෙසක් කලාපය මෙවර කිලිනොච්චිය ධර්මපුරම් පොදු කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි. කිලිනොච්චිය ප්‍රදේශයේ දමිළ ජනතාව සහ යුද හමුදාව අතර සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින් ධර්ම ශක්ති වෙසක් කලාපය සංවිධානය කළ බව කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජී.වී. රවිපි‍්‍රය මහතා සඳහන් කළේ ය.වෙසක් තොරණ, දන්සල්, බැති ගී, ධාතු ප්‍රදර්ශන, චිත්‍ර ප්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් මෙවර වෙසක් කලාපයට ඇතුළත්කර තිබිණි. වෙසක් පොහෝ දින සහ පසුදින එම වෙසක් කලාපය පැවැති අතර විශාල පිරිසක් එම වෙසක් කලාපය නැරඹූ අතර කිලිනොච්චියේ දමිළ ජනතාව ධාතුන් වහන්සේලා වන්දනා මාන කළ අවස්ථාව ඉතිහාසයට එක්වන බව ද මේජර් ජනරාල්වරයා සඳහන් කළේ ය. “ධර්ම ශක්ති පූජා” වෙසක් කලාපය මේජර් ජනරාල් ජී.වී. රවිපි‍්‍රය , 57 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ, ධර්මදූත මහා විහාරයේ විහාරාධිපති අනුරාධපුර අළුත්හල්මිල්ලෑවේ සිරිවිමල හිමි, ජාතික උරුමය සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජානක බෝධිනන්ද, 571,572,573 සහ 574 බලසේනාංකවල සේනාංකාධිපතිවරු ඇතුළු ආරාධිතයන් විසින් ධර්මශක්ති වෙසක් කලාපය විවෘත කළ අයුරු මෙහි දැක්වේ.

 

ධර්ම දේශනාව:

පස් පවින් වැළකේවා නිති සිල් සුවඳ දේවා

යො පාණමති පාතෙති - මුසාවාදංච භාසති
ලොකෙ අදින්නං ආදියති - පරදාරංච ගච්ඡති
සුරා මෙරය පානංච - යො නරො අනුයුංජති
ඉධෙව මෙසො ලොකස්මිං - මූලං බණති අත්තනො

සකල සතවෙත පතළ මහා කරුණා ගුණ ඇති අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩවසන සමයෙක පන්සියයක් උපාසක පිරිස අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. අනේපිඬු සිටුතුමා විසින් සිව්පනස් කෙළක් ධනය වියදම් කොට සාදවා පූජා කළ මෙම ජේතවනාරාමය නන් දෙසින් පැමිණෙන භික්ෂු, භික්ෂුණී උපාසක, උපාසිකා වන්ගෙන් ද, රාත්‍රී භාගයේ පැමිණෙන දෙවි දේවතාවන්ගෙන් ද පිරී පවතින අතර තෙරුවන් ගුණ බලමහිමයෙන් හා සිරියාවෙන් බබළන්නේ ය. ශ්‍රද්ධාවෙන් ධර්මය අසන, දන්පැන් දෙන, ප්‍රඥාවේ ධර්මය සාකච්ඡා කරන සිල්වත් ගුණවත් උතුමන් යළි ආපසු යන්නේ දෙව්මිනිස් නිවන් සම්පත් ලබාගැනීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙනි. මෙම ජනයා අතර පන්සියයක් පමණ දෙනෙක් තම තමන් ආරක්ෂා කරන සිල්පද පිළිබඳ වාද විවාද ඇති කළහ. මෙම වාද විවාදවල තීරණයක් ලබා ගැනීමට ඔවුහු බුදුරදුන් වෙත පැමිණ සැළකර සිටියහ. සත්ත්වයාගේ ස්වභාවය, තම තමන්ගේ මානසික ගැටීමෙන් පෙරට එන අරමුණට සාපේක්ෂව ගන්නා තීරණය සත්‍යබව තීරණය කිරීමයි.

 

ඓතිහාසික තිස්සමහාරාම මහා විහාර පෙරහර මංගල්‍යය

පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකේය ජනතාව අභිමානවත්ව සමරන ප්‍රධාන උතුම් පොහෝ දිනයකි. එදින දෙවැනි වන්නේ අසිරිමත් තෙමඟුල සිහිපත් කරන වෙසක් පොහොය දිනයට පමණි. නැකතට දඩ කෙළියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵලලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත් වූයේ පොසොන් පොහෝ දවසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස වෙතින් ලත් මහානීය දායාදය වූ බුදු දහමේ මහිමයෙනි. මහාවංශයට අනුව රෝහණයේ ජනාවාස බිහිවීම ආරම්භ වන්නේ මහානාග යුවරජු රෝහණයට පලා ඒමත් සමගිනි. නමුත් මහාවංශයේ ම ශ්‍රී මහාබෝධි රෝපණය කිරීම පිළිබඳ දක්වා ඇති තොරතුරුවල දී චන්දන ග්‍රාමයේ සහ කාචර ග්‍රාමයේ ක්ෂත්‍රියයන් එම අවස්ථාවට සහභාගී වූ බව සඳහන් වේ. ගෝඨාභය රජු විසින් කතරගම විසූ දසභාතිය රජුන් මරුමුවට පත්කොට ඇත. බුදුරදුන්ගේ ලංකා ගමන ගැන සඳහන් වන අවස්ථාවේ දී, කතරගම, තිස්සමහාරාමය වැනි රුහුණේ විවිධ ස්ථානවලට වැඩම කළ බව සඳහන්ව ඇත. දෙවනපෑතිස් මහරජතුමාගේ මූලිකත්වයෙන් අනුරාධපුර මහා විහාරය ඉදි වූ අතර, කාවන්තිස්ස මහරජතුමාගේ මූලිකත්වයෙන් රුහුණේ තිස්ස මහා විහාරය ඉදි වුණි. 1900 වර්ෂයේ ප්‍රතිසංස්කරණයෙන් පසු මෙම චෛත්‍යයෙහි තවත් සර්වඥ ධාතූන් වහන්සේලා 19 නමක් තැන්පත් කළ බව තිස්ස මහා විහාර වංශයේ සඳහන් වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk