තුම්බෝවිල ධම්මරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ මහෝත්සවය ජුනි 05 
වනදා
 
 
ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද පඤ්ඤාසාර ගෞරව නාම සම්මුතිය සහිතව ස්‍යාමෝපාලි වංශික මහා 
නිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් 
ලද පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරය, මාවනැල්ල උඩපමුණුව 
බණගේතැන්න පුරාණ විහාරය යන උභය විහාරාධිපති තුම්බෝවිල ධම්මරතන නාහිමියන් වෙත ශ්‍රී 
සන්නස්පත්‍ර පිරිනැමීමේ මහෝත්සවය ජූනි මස 05 වන දින සවස 3 ට කොළඹ බණ්ඩාරනායක 
අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 
සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.  |