[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනිමිසලෝචන පූජාව

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

ලේක්හවුස් ආයතනය බෞද්ධ පුනර්ජීවනයට සුවිශාල වැඩ කොටසක් සිදුකරනවා

ලේක්හවුස් ආයතනය මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසා සුවිශාල වැඩ කොටසක් සිදුකරන බව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනම හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියෝ ප්‍රකාශ කළහ. ආමිස පූජාව මෙන්ම ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන්ද පසුගිය දශක ගණනාව තුළ ලේක්හවුස් ආයතනය සිදුකර තිබෙන සේවාව මහා සංඝරත්නයේ මෙන්ම මෙරට බෞද්ධ ජනතාවගේ ද පැසසුමට ලක්ව තිබෙන බව ද උන්වහන්සේලා පැවසූහ. ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ මහතාගේ මග පෙන්වීමෙන් හා සේවක පිරිසගේ දායකත්වයෙන් වෙසක් උත්සවය නිමිති කොටගෙන වාර්ෂිකව පළ කරනු ලබන දිනමිණ වෙසක් කලාපයේ හා බුදුසරණ වෙසක් පුවත්පතේ පිටපත් අතිපූජ්‍ය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර (මෙහෙයුම්) චන්ද්‍රලාල් සූරියආරච්චි ,කළමනාකරණ කර්තෘ (ප්‍රකාශන දෙපාර්තමේන්තුව ) ඉන්දික කුඩාහෙට්ටි, බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක, බෞද්ධ පත්‍රකලා විශාරද සීසර් සුදුසිංහ යන මහත්වරු මල්වතු හා අස්ගිරි මහ විහාරයන්ට හා මැණික්හින්න විද්‍යා සාගර පිරිවෙණට ගිය අවස්ථාවේ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පිළිගැන් වූහ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ ආභරණ පැළඳවීම 51 වන වරටත්

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් 2563 වැනි වෙසක් පුන් පොහෝ දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ ආභරණ පැළඳවීම 51 වන වරටත් ගෞරවාභිමානයෙන් සිදු කෙරිණි. වෙසක් පුන් පොහෝ දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පිදෙන මුල්ම බුද්ධ පූජාව ලෙස ගෞරවාන්විතව හා ඉතාම පිරිසුදුව එම පූජාව පවත්වනු ලැබේ.

 

ධර්ම දේශනාව:

සැපතක්ම ය සම්බුදු උපත

සිංහල මාස ක්‍රමයට අනුව මෙම මාසය හඳුන්වනු ලබන්නේ වෙසක් මාසය යනුවෙනි. වෙසක් මාසය යෙදෙන පුර පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වශයෙන් අපි හඳුනාගෙන සිටිමු. “වෙසක්” යන වචනය “වෛශාඛ” යන සංස්කෘත වචනයෙන් බිදී ආවකි. මසින් මස යෙදෙන පුර පොහෝ දිනයන් අතර වෙසක් පුර පොහෝ දිනය ලෝකවාසී සියලු බෞද්ධයන්ගේ ම ශ්‍රද්ධා භක්ති ප්‍රණාමයන්ට හේතු වූ දිනයකි. එසේ වන්නේ ලොව පහළ වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ත්‍රිවිධ මංගල්‍යය සිදු වී ඇත්තේ වෙසක් පුර පොහොය දිනයෙහි වීම බව අපේ ධර්ම සාහිත්‍යයෙන් සනාථ කොට ඇත. එසේ නම් සියලු බුදුවරයන් වහන්සේලාගේ ජන්ම දිනය වන්නේ වෙසක් පුර පොහෝ දිනයයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියත්, සම්බුද්ධත්වයත්, මහා පරිනිර්වානයත් පහන් සංවේගයෙන් යුතුව ලෝකවාසි බොදු මහා ජනතාව ද ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් තථාගතයන් වහන්සේට තම ප්‍රණාමය පළ කරනුයේ මහත් කැප වීමකින් යුතුව ය. තථාගතයන් වහන්සේගේ උපත සිදු වූ වෙසක් පොහොය වසරින් වසර වෙනස් දිනයන්ට යෙදෙන්නේ කුමක් නිසා දැයි ඇතැමුන් ප්‍රශ්න කරන අවස්ථා ද සුලභව ඇත. එම ගැටලුව ඇති වන්නේ වෙසක් මාසයත්, ව්‍යවහාරික මැයි මාසයත් වෙන්කර හඳුනා නොගැනීමෙනි. මැයි මාසය යනු අපරදිග ව්‍යවහාරයකි. වෙසක් දිනය එම මාස ක්‍රමය අනුව වසරින් වසර විවිධ දිනවල යෙදීම සත්‍යයකි. නමුත්, වෙසක් මාසයෙහි එම දිනය යෙදෙන්නේ එකම දිනයක ය. ඒ දිනය වෙසක් පුර පොහෝ දිනයයි.

 

තථාගත ධර්මයට ළඟා වීමට උත්සාහ කරමු

බොහෝ පුද්ගලයෝ බලා සිටින්නේ බාහිරින් ධර්මාලෝකය පැමිණ සිය මනස පුබුදුවන තෙක් ය. එම අපේක්ෂාව කිසි දවසක විය හැක්කක් ද නොවේ. යමෙක් එසේ බලාසිටින්නේ නම්, ඔහු ධර්මාලෝකය නොදැකීමෙන්ම සිය දහස්වර මැරෙමින්, ඉපදෙමින් සංසාරය පුරා සැරිසරයි. දහම් ඇස පහළ නොවීමෙන් අන්ධකාරයේ අතපතගායි. එබැවින් තමා තුළ ඇති පහන නිවා දමා පිටින් ආලෝකය එනතුරු බලා නොසිට එය දල්වා ගත යුතුය. එම දහම් ආලෝකයෙන් සමාජය දෙස බැලිය යුතුය. අන්‍යයන්ට පහන් දැල්වීමට හෝ ඔවුන් දල්වා ගන්නා තුරු බලා නොසිට හැකි පමණින් තථාගත ධර්මය තමා තුළ බැබළීමට පත්කරගත යුතුය. තමාට හැකි පමණින් තථාගත ධර්මයට ළංවීමට උත්සාහ ගැනීම බුද්ධිමත් මිනිසා විසින් කළ යුත්තකි. “හිරු මඬල මෙන් ම සඳ මඬල ද විවෘතව බබළයි. සැඟ වී බබළන්නේ නැත. තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්මය ද විවෘතව බබළයි. සැඟවී බබළන්නේ නැත. අංගුත්තර නිකායේ තික නිපාතයේදී එසේ සඳහන්ව ඇත. විවෘතව නො බලන සැඟවී පවතින විට බබළන කරුණු ද ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එනම්, ස්ත්‍රිය, බමුණන්ගේ වේද මන්ත්‍ර සහ මිථ්‍යාදෘෂ්ටිය යි. එම කාරණා වැසී තිබෙනතාක් සමාජය යහපත් වන අතර විවෘත වූ විට සමාජය අගතිගාමී වේ. මේ කාරණා තුළින් අපට වඩාත් වැදගත් වන්නේ මිථ්‍යා දෘෂ්ටිය හෙවත් වැරැදි දැකීමයි.

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk