Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය ජූලි 03,04,05, හා 06 දිනවල

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය
ජූලි 03, 04, 05, හා 06 දිනවල

සියම් මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2019 ජූලි මස 3,4,5 හා 6 යන දිනවල ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාරාභිධාන මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. උපසම්පදා පේක්ෂකයන් වෙනුවෙන් උපසම්පදා පුහුණු වැඩමුළුව හා භාවනා වැඩසටහනක් ද සිදු කෙරේ.

උපසම්පදා පුහුණුව ජුනි මස 23,24 දෙදින කළුතර දෙදියවල ධර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලාගේ ආචාර්ය භාරකාර හිමිවරුන් විසින් උපසම්පදා ඉල්ලුම්පත්‍ර උපසම්පදා ලේඛකාධිකාරින් වහන්සේගෙන් ලබාගෙන, සම්පූර්ණ කොට 2019 මැයි මස 15 වෙනි දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරි මකුරුප්පේ සෝමාලාංකාර ස්ථවිර, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය වැල්මිල්ල හන්දිය යන ලිපිනයට එවීමට කාරුණික විය යුතු යැයි දන්වා සිටිති.