කෙලෙසුන්ගෙන් මිදීමට සතර කමටහන්
කොළඹ විජේරාම මාවතේ,
ජාත්‍යන්තර විපස්සනා භාවනා
මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර
කාශ්‍යප හිමි
මරණ සතිය වැඩීම මෙන්ම අසුභ භාවනාව වැඩීමෙන් ද හිතේ විශාල ඒකාග්‍රතාවයක් ඇතිවන බව
කල්පනාවට ගත යුතුයි. අසුභ භාවනාව වැඩීම තුළින් රාගාදී කෙලෙස් අඩුවී යාම මෙන්ම
සහමුලින් දුරු කර ගැනීමේ හැකියාවක් පවතින බව මතකයේ තබාගත යුතු කරුණක් වේ.
මීට පෙර ලිපි මගින් සාකච්ඡා කළා මෙන්ම මෛත්‍රිය යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි
කල්පනා කර බලමු. මේ ලෝකයේ ජීවත්වන විට අපගේ හිත විවිධ අයුරෙන් විසිරී යන අවස්ථා නම්
හිතවත්කම් , අහිතවත්කම්, මැදහත්කම්, වෛරීකම් යනුවෙන් කොටස් හතරකට බෙදලා මෙලොව
ජීවත්වන අය ඒ කොටස් හතරට එක් එක් අයුරින් ඇතුළත් වන මිනිසුන් ඉන්නවා.
මෛත්‍රිය වඩන කෙනෙකුට ඒ හිතවත්කම්, ,අහිතවත්කම්, මැදහත්කම් සහ වෛරීකම් යන බෙදීම්
සියල්ල සම්පූර්ණයෙන් ඉවත් වී යනවා.
අම්මා කෙනෙක් ස්වකීය දරුවෙකුට තිබෙන ආදරය වගේ ලෝකයට කරන හැඟීමක්, ආදරයක් එවිට
තමන්ගේ දරුවකුට මෙන් ලෝකයටම හැඟීමක් ඇතිවන විට හිතවත්කම් හා අහිතවත්කම් ආදිය
තිබෙන්නෙ නෑ. හිතවත්කම් මෙන්ම අහිතවත්කම් වගේ ම මැදහත්කම් සහ වෛරීකම්ද තිබෙන්නේ නෑ.
ඒ නිසා සමානාත්මතා හැඟීමක් සන්තානය තුළ පහළ වෙනවා. නිබඳවම අපේ හිත එක් එක්
තැනැත්තාගේ වැරැදි සමඟ ගැටෙමින් පවතිනවා. අන්න ඒ ගැටෙන ස්වරූපයේ තිබෙන සිත හරියට
දුක් විඳිනවා. ඔබ සිතා බලන්න. කවුරුවත් වැරැදි කරන්නෙ. කවුරුවත් විඳවන්නේ රථ වාහනයක
ගමන් කරන විට, අප පසු කරමින් වෙනත් රථ වාහනයක් අප ගමන් කරන මන්තීරුවට පැමිණ
ඉදිරිපසින් යන විට ඇතැම් කෙනෙකුට හරියට තරහ යන ගතියක් පවතිනවා. එසේ අනුන් වෙනුවෙන්
අපට තරහ එනවා කියල කියන්නේ කුමක්ද? අප දුක් විඳිනවා කියන කරුණුයි එයින් පෙන්නුම්
කරන්නෙ. වැරැද්ද කළේ කවුරුවත්, ඒත් දුක් විඳින්නෙ වෙන කවුරුවත්, අන්න ඒ අයුරින් බලන
විට මේ තරහ හරිම අනර්ථකාරි යි. අනික් බලවත් කරුණ නම් මේ තරහ වර්ධනය වෙනව කියන්නෙ
ඇතැම්විට අම්මා, තාත්තා නැතිකරන තරමට වෙන්න පුළුවන්. මේ සමාජයේ එබඳු අවස්ථා අහන්නට
ලැබෙනවා. එහෙමනම් තරහ වර්ධනය නොවී තිබෙන්නට ඕනෑ කරුණක්. සමහර අවස්ථාවලදී ක්‍රියාවට
නො ආ යුතු දෙයක් විය යුතුයි තරහව.
අසුභ භාවනාව වැඩීමේ දී වුවත් එය වර්ධනය කොට වැරැදි හැගීම් අපේ සිත තුළට එන්නෙ නෑ.
අන්න ඒ අයුරෙන් අප මෙය දැන වර්ධනය කර ගත යුතුයි. මෛත්‍රිය වඩන කෙනෙකුට පැහැදිලිව
තරහවෙන් ඉවත්විය හැකිව තිබෙනවා. තරහ නමැති පීඩා සිතිවිලි අයින් කරගත යුතුයි.
අනතුරුව මොහොතකට අප කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ බෝධිසත්ව
අවධියේ කළ කැපකිරීම් පිළිබඳව මේ ශාසනය සකස් කිරීමට කළ කැපකිරීම් පිළිබඳව මේ සියල්ලම
කල්පනා කළොත් අපේ වීර්යය වර්ධනය කර ගැනීමට විශාල අවස්ථාවක් වේ. විශේෂයෙන්
බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ අවස්ථාව ගැන සිතනවිට ළඟට වැටුන දේ පමණක්
වළඳමින්, අන්තිමට ඔළුකට්ට ලබුකට්ටක් වගේ වනතුරු, බඩ පොත්තෙන් අල්ලපුවිට පිටකොන්ද
අල්ලපු ගණනට එනතෙක් ආදි වශයෙන් ඒ විධියේ අධික දුකක් වින්දේ අප නිසයි.
ඉතින් බුදුරජාණන් වහන්සේ ගේ ගුණයන් මෙනෙහි කළ විට විශාල ශ්‍රද්ධාවක්, බුද්ධාලම්භන
පී‍්‍රතියක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව සතුට, සමඟ අපට වීර්යයක් හට ගන්නවා. නැවත නැවත
බුදුගුණ වර්ධනය කරන විට ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණු තත්වයක් හිතේ උපදින බව
කල්පනාවට ගත යුතුයි. ඉතින් මේ සතර කමටහන් වර්ධනය කර ගත් තැනැත්තා වැරැදිවලට
නොපෙළඹෙන බව කල්පනා කළ යුතුයි.
අසුභානුස්සති, මරණානුස්සති, මෙත්තානුස්සති, බුද්ධානුස්සති යන සතර කමටහන් සිව්
පැත්තකින් වඩන විට අකුසලයන් අපේ හිතට පැමිණීම සම්පූර්ණයෙන් මැඩපවත්වයි. සතර
පැත්තකින් එය වර්ධනය කරන විට කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, ථීනමිද්ධයට උද්ධච්ඡ
කුක්කුච්ඡ හා විචිකිච්ඡා යන පංචනීවරණයට සිතේ නැගී සිටීමට ඉඩ නොලැබේ.
අපේ සිත කෙලෙස් දහම්වලින් අතමුදවා ගෙන ඉතා නිදහස්ව ගත කිරීමේ හැකියාව සතර කමටහන්
වර්ධනය කිරීමෙන් හැකියාව පවතී.
සීසර් සුදුසිංහ |