Print this Article


ගිහි ගෙයින් නික්මෙන්නාට...

ගිහි ගෙයින් නික්මෙන්නාට...

" බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, සුසුකා බය යනු චණ්ඩ මත්ස්‍යයන්ගෙන් වන බයයි. එනම් ඇතැම් කුල පුත්‍රයෙක් අහෝ මම ජාති ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දොම්නස් වලින් යුක්ත කෙනෙක්. දුකට පත් වූ කෙනෙක්. දුකින් මඩනා ලද කෙනෙක්. මේ මුළු මහත් දුක්ඛස්කන්ධයාගේම අවසානයක් දකින්නට ඇත්නම් හොඳයි කියල සිතනවා"

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ආවට්ඨ බය හෙවත් දිය සුළියෙන් වන බය කියන්නේ කුමක්ද? ඇතැම් කුල පුත්‍රයෙක්, අහෝ මම ජාති ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්වලින් යුක්ත කෙනෙක්. දුකට පත් වූ කෙනෙක්. දුකින් මඩනා ලද කෙනෙක්. මේ මුළු මහත් දුක්ඛස්කන්ධයාගේ ම අවසානයක් දක්නට ඇත්නම් හොඳයි කියල කල්පනා කර ශ්‍රද්ධාවෙන් යුතුව ගිහිගෙය අතහැරල බුදු සසුනේ පැවිදි වෙනවා.

ඒ පුද්ගලයා පෙරවරුවේ සිවුරු හැඳ පෙරවා පාත්‍රය රැගෙන ගමකට හෝ නියං ගමකට පිණ්ඩපාතය පිණිස යනවා. ඉන්පසු කයේ සංවරයක්, වචනයේ සංවරයක් හෝ සිතේ සංවරයක් නැතිව සිහිය පිහිටුවාගන්නේ නැතිව අසංවර ඉඳුරන්ගෙන් යුක්තව ගමන් කරනවා. එහිදී ඔහුට ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් පංචකාමී ගුණයන්ගෙන් ඉඳුරන් පිනවමින් සතුටෙන් සිටින ආකාරයක් දකින්නට ලැබෙනවා. එවිට ඔහුට මෙලෙස සිතෙනවා.

අනේ අපත් මීට පෙරදි පංචකාම ගුණයන් පිරිවරාගෙන ගිහි ජීවිතය ගතකළා. එහි සතුටින් වාසය කළා. මගේ නිවසේ භෝග සම්පත් තියෙනවා. භෝග සම්පත් අනුභව කරන්නට මටත් පින් කරන්න පුළුවන්. ඒ නිසා මම ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා හීන වූ ගිහි බවට පත්වෙලා භෝග සම්පත් අනුභව කරමින් පින් කරගත්තා නම් හොඳයි කියලා කල්පනා කර ශික්ෂාව ප්‍රතික්ෂේප කර නැවත හීන වූ ගිහි බවට පත්වෙනවා. මේ භික්ෂුව දිය සුළියෙන් වන බය එනම් ආවට්ඨ බය නිසා භීතියට පත්වෙලා ශික්ෂාව ප්‍රතික්ෂේප කර හීන වූ ගිහි බවට පත්වුණා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දිය සුළියෙන් වන බය යනු පංචකාම ගුණයන්ට කියන තවත් නමකි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, සුසුකා බය යනු චණ්ඩ මත්ස්‍යයන්ගෙන් වන බය. එනම් ඇතැම් කුල පුත්‍රයෙක් අහෝ මම ජාති ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දොම්නස් වලින් යුක්ත කෙනෙක්. දුකට පත් වූ කෙනෙක්. දුකින් මඩනා ලද කෙනෙක්. මේ මුළු මහත් දුක්ඛස්කන්ධයාගේම අවසානයක් දකින්නට ඇත්නම් හොඳයි කියල සිතනවා. ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහිගෙය අතහැරල බුදුසසුනේ පැවිදිවෙනවා.

ඔහු සිවුරු හැඳ පෙරවාගෙන පාත්‍රය රැගෙන ගමකට හෝ නියං ගමකට ගොස් පිඬු සිඟා වඩිනවා. කාය සංවරයකින්, වචනයේ සංවරයකින්, සිතේ සංවරයකින් තොරව, සිහිය පිහිටුවා ගන්නේ නැතිව සංවර ඉඳුරන්ගෙන් තොරව ගමන් කරනවා. එහිදී ඔහු නොමනා ආකාරයට වස්ත්‍ර පෙරවාගත් ස්ත්‍රියක් දකිනවා. එහිදී ඔහුගේ සිත රාගයෙන් පීඩාවට පත්වෙනවා. රාගයෙන් පීඩාවට පත් කරනු ලැබූ සිතින් යුක්ත මේ පුද්ගලයා ශික්ෂාව ප්‍රතික්ෂේප කර නැවත හීන වූ ගිහි බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුව චණ්ඩ මත්ස්‍යයන්ගෙන් වන බයෙන් භීතියට පත්වෙලා ශික්ෂාව ප්‍රතික්ෂේප කර හීන වූ ගිහි බවට පත්වුණා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චණ්ඩ මත්සයන්ගෙන් වන බය යනු කාන්තාවන්ට කියන තවත් නමකි. මෙය සුසුකා බයයි.

ශ්‍රද්ධාවෙන් යුතුව ගිහිගෙයින් නික්ම මේ ධර්ම විනයේ පැවිදි වූ ඇතැම් කුල පුත්‍රයෙකුට මේ බය හතරට කැමැති විය යුතු බව දේශනා කළා. එනම් ඌමි බය හෙවත් රළ පහරින් වෙන බය, කුම්බීල බය හෙවත් කිඹුලන්ගෙන් වන බය, ආවට්ට බය හෙවත් දිය සුළියෙන් වන බය, සුසුකා බය හෙවත් චණ්ඩ මත්සයන්ගෙන් වන බය.

මෙම දේශනාව ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත් දේශනාවකි. ඒ නිසා ඔබ සියලු දෙනාට මේ උදක උදකෝරෝහබය සූත්‍රය ශ්‍රවණය කර සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව උදාකර ගැනීමට හැකිවේවා.